පාලින්දනුවර ජනතාව ගම් බිම් අතහැර යයි

palindara

පාලින්ද නුවර , ගලහිටි, විදිය බණ්ඩාර ජන උදාන ගම්මානයේ වැඩ කටයුතු අතර මග නතරවි පදිංචි ජනතාව සිව් වසරක් තිස්සේ බොන්න වතුර නැතිව අසරණවි සිටිති. 2019 වසරේදි පදිංචියට පැමිණි ජනතාවට ගේ දොර හදා ගන්නට ආධාර , ආදායම් මාර්ග නැතිව පදිංචිකරුවන් 52 දෙදෙනාගෙන් පිරිසක්මේ වන විට ගම් බිම් අතහැර ගොසිනි.

ගංවතුරින් , නායයාමෙන් අසරණව යන එන මං නැතිවු ජනතාවගෙන් පාලින්දනුවර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ඉඩම් කච්චේරි පවත්වා තෝරාගත් පිරිසක් මෙසේ වැඩ කටයුතු අතරමග නතරවු උදා ගමේ දුක් විදිති. රුපියල් ලක්ෂ දහයක් වැයකර ගම්මානයට ජල ව්‍යාපෘතියක් ආරම්භ ක්‍රියාත්මක කර ඇතත් එය අතරමග නතරව ගමේ ජනතාවට බොන්න වතුර සොයා ඈත ගම්මානවලට යාමට සිදුව තිබේ.

පානිය ජල ව්‍යාපෘතිය සදහා විශාල ළිදක් ඉදිකර, උස් ස්ථානයක කුළුණු මත ජල ටැංකියක් ඉදිකර ප්‍රධාන නළ එළා ජල මෝටරයක් පවා සවි කර ඇතත් එයට විදුලිය ලබාදි ගමේ ජනතාවට වතුර දෙන්නට පියවර නොගැනිමෙන් කොවිඩ් අවදානම පවා නොතකා බොන්න වතුර සොයා ගෙන්ගෙට යාමට ජනතාවට සිදුව තිබේ.

කේ.ඒ. නදිශා සෙව්වන්දි මහත්මිය.
—————————————

පදිංචියට ඇවිල්ලා අවුරුදු හතරක් වෙනවා. අපට බොන්න , නාන්න වතුර නෑ. ගේ හදා ගන්න දෙනව කිව්ව ආධාරය අතරමග නතර වුණා. ගංවතුරින්, නාය යාමෙන් අසරණ වන පාලින්ද නුවර අපට දැන් බොන්න වතුර නැතිව දුක් විදිනවා.කුලි වැඩ කර ජිවත්වන අපට බොන්න වතුර හොයන්න ගියාම රස්සාවක් කරන්න යන්න වෙලාවක් නෑ.

ඒ.ජී. සදරේණු මහත්මිය.
————————–

ළිදක් කපල, ටැංකි ගහල, ප්‍රධාන නළ පද්දතිය එළා තියෙනව. විශාල මෝටරයක් දාල අවුරුදු හතරක් තිස්සේ ඒව කැලෑවට යනවා. මේව අපරාදෙ විනාශ වෙනවා. අපට බොන්න වතුර නෑ ලක්ෂ ගානක් රජයේ මුදල් විනාශ වෙනවා. කියන්න තියෙන හැම නිළධාරියටම කියල තියෙනව නමුත් වෙච්ච දෙයක් නෑ. අපට වතුරත් නෑ.

එස්. ඒ. කුමාරසිරි මහතා.
————————–

ගම්මානයේ පාරවල් හේදිල ගිහිල්ල, වතුර නැති නිසා මිනිස්සු ගෙවල් අතහැර දාල ගිහිල්ලා . නමුත් අපට යන්න තැනක් නැ. ගේ හදා ගන්න ආධාර දෙනව කියල ඒක අතර මග නතර වෙලා . ගෙවල් හැදිල්ලත් අතර මග නතර වෙලා ගිහිල්ලා.කොවිඩ් වසංගතය නිසා මොන නිති දැම්මත් බොන්න වතුර ටිකක් හොයා ගන්න යන්න වෙලා තියෙනවා.නිළධාරින්ට, දේශපාලඥයින්ට කිව්වත් තවම අපට වතුර ටිකවත් ගන්න බැරි වුණා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

 

gossip lanka hot news

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….