chamu

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට අද අලුයම ආ නාදුනන පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන්ට ගිනි අවි පෙන්වා ඇතුළු වී මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

පිළියන්දල පිහිටි ඔහුගේ නිවසට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියි.

නිවසේ වීදුරු රැසකට හානි සිදුවී ඇති බවත්, නිවස පුරාම අසූචි ප්‍රහාරයක් එල්ල වී ඇති බවත් පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් තමන්ට සැක කළ හැකි අයෙකු නම් කළ නොහැකි බවද කියා සිටියි.

මේ වන විට තම නිවසට පැමිණි පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ අරඹා ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Similar Posts