රජයේ පාසල් පැවත්වෙන අවස්ථාවේ අනුරාධපුර නව නගරයේ උපකාරක පන්ති පැවත්වු රජයේ පාසල් තුනක ගුරුවරුන් තිදෙනෙකු උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ නිලධාරින්ගේ අතටම අසුවි ඇති අතර එක් ගුරුවරයෙකු වැසිකිලියක සැගවි ඔවුන් මගහැරීමට උත්සහ කලත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථවු බව පාසල් ගුරුවරුන් පිරිසක් අනාවරණය කලහ.

ඔවුන්ට එරෙහි අධ්‍යාපන බලධාරින් ගතයුතු ක්‍රියාමාර්ග ටියුෂන් ගුරුවරුන්ගේ සංගමයක ඉහල බලපෑමක්මත නතරවි ඇති බවට ඔවුන් චෝදනා කරන අතර ගුරුවරුන් පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට විශාල අගතියක් සිදුකරමින් පෞද්ගලික පන්ති පැවත්විම තරයේ හෙලා දකින බවත් එම කටයුතු වහාම නතර කල යුතු බව ඔවුන් කීහ.

රජයේ පාසල් පැවත්වෙන දිනවල රාජකාරි අවස්ථාවේ හෝ රාජකාරි නිවාඩු ලබාගෙන ටියුෂන් පන්ති පැවත්විම විනය විරෝධි ක්‍රියාවක් බව ඔවුන් අනාවරණය කල අතර අනුරාධපුර නව නගරයේ ප්‍රසිද්ධ ටියුෂන් පන්තිකය ටියුෂන් පන්ති පවත්වමින් සිටියදි තිදෙනාම පළාත් අභ්‍යන්තර විගනණ ඒකකයේ නිලධාරින්ගේ අතටම පත්වි ඇතත් එම පරික්ෂන යට ගැසී ඇති බව ඔවුන් අනාවරණය කලහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගන්තිරියාගම මහින්ද විද්‍යාලය මිහින්තලය මහ විද්‍යාලයේ හා හොරොව්පොතාන මධ්‍ය විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරුන් තිදෙනෙකු මෙසේ විමර් ශන නිලධාරි අත්අඩංගුවට පත්වි තිබුණි.ඔවුන් විද්‍යාව සදහා තාක්ෂනවේදය ඉංජිනේරු තාක්ෂනය හා තොරතුරු තාක්ෂනය යන විෂයන් උගන්වනු ලබන ගුරුවරුන් බව තතුදත් රජයේ පාසල් ගුරුවරුන් පිරිස අනාවරණය කලහ.

මෙම ගුරුවරුන් තිදෙනාම ටියුෂන් දෙමින් සිටියදි විමර්ශන කණ්ඩායම අතට අසුවි ඇති අතර ඉන් එක් ගුරුවරයෙකු සිද්ධිය සැලවි ටියුෂන් පැවත්වු ස්ථානයේ ඇති වැසිකිලියේ පැයක පමණ කාලයක් සැගවි සිට ඇති බවද අනාවරණය විය.

එම ගුරුවරයා වැසිකිලියට රිංගා ගැනීම නිසා ඔහුගේ කාර්ය අවසන්වනතුරුම කිසිදු අවහිරයක් සිදුනොකල විමර්ශන නිලධාරින් පැයකට පමණ පසුව ඔහු වැසිකිලියෙන් පිටතට පැමිණි පසුව අල්ලාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් දුරකතනයෙන් සිදුකල විමසීමකදි සිද්ධිය තහවුරු කල අතර ටියුෂන් ගුරු සංගමයක ඉහල බලපෑමකින් එම පරික්ෂන හා විනය ක්‍රියා මාර්ග නතරවි ඇති බව තහවුරු කලේය.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

Similar Posts