ගුරු හොරු මාට්ටු

රජයේ පාසල් පැවත්වෙන අවස්ථාවේ අනුරාධපුර නව නගරයේ උපකාරක පන්ති පැවත්වු රජයේ පාසල් තුනක ගුරුවරුන් තිදෙනෙකු උතුරු මැද පළාත් අභ්‍යන්තර විගණන ඒකකයේ නිලධාරින්ගේ අතටම අසුවි ඇති අතර එක් ගුරුවරයෙකු වැසිකිලියක සැගවි ඔවුන් මගහැරීමට උත්සහ කලත් ඔහුගේ උත්සාහය ව්‍යර්ථවු බව පාසල් ගුරුවරුන් පිරිසක් අනාවරණය කලහ.

ඔවුන්ට එරෙහි අධ්‍යාපන බලධාරින් ගතයුතු ක්‍රියාමාර්ග ටියුෂන් ගුරුවරුන්ගේ සංගමයක ඉහල බලපෑමක්මත නතරවි ඇති බවට ඔවුන් චෝදනා කරන අතර ගුරුවරුන් පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට විශාල අගතියක් සිදුකරමින් පෞද්ගලික පන්ති පැවත්විම තරයේ හෙලා දකින බවත් එම කටයුතු වහාම නතර කල යුතු බව ඔවුන් කීහ.

රජයේ පාසල් පැවත්වෙන දිනවල රාජකාරි අවස්ථාවේ හෝ රාජකාරි නිවාඩු ලබාගෙන ටියුෂන් පන්ති පැවත්විම විනය විරෝධි ක්‍රියාවක් බව ඔවුන් අනාවරණය කල අතර අනුරාධපුර නව නගරයේ ප්‍රසිද්ධ ටියුෂන් පන්තිකය ටියුෂන් පන්ති පවත්වමින් සිටියදි තිදෙනාම පළාත් අභ්‍යන්තර විගනණ ඒකකයේ නිලධාරින්ගේ අතටම පත්වි ඇතත් එම පරික්ෂන යට ගැසී ඇති බව ඔවුන් අනාවරණය කලහ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගන්තිරියාගම මහින්ද විද්‍යාලය මිහින්තලය මහ විද්‍යාලයේ හා හොරොව්පොතාන මධ්‍ය විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරුන් තිදෙනෙකු මෙසේ විමර් ශන නිලධාරි අත්අඩංගුවට පත්වි තිබුණි.ඔවුන් විද්‍යාව සදහා තාක්ෂනවේදය ඉංජිනේරු තාක්ෂනය හා තොරතුරු තාක්ෂනය යන විෂයන් උගන්වනු ලබන ගුරුවරුන් බව තතුදත් රජයේ පාසල් ගුරුවරුන් පිරිස අනාවරණය කලහ.

මෙම ගුරුවරුන් තිදෙනාම ටියුෂන් දෙමින් සිටියදි විමර්ශන කණ්ඩායම අතට අසුවි ඇති අතර ඉන් එක් ගුරුවරයෙකු සිද්ධිය සැලවි ටියුෂන් පැවත්වු ස්ථානයේ ඇති වැසිකිලියේ පැයක පමණ කාලයක් සැගවි සිට ඇති බවද අනාවරණය විය.

එම ගුරුවරයා වැසිකිලියට රිංගා ගැනීම නිසා ඔහුගේ කාර්ය අවසන්වනතුරුම කිසිදු අවහිරයක් සිදුනොකල විමර්ශන නිලධාරින් පැයකට පමණ පසුව ඔහු වැසිකිලියෙන් පිටතට පැමිණි පසුව අල්ලාගෙන තිබුණි.

මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් දුරකතනයෙන් සිදුකල විමසීමකදි සිද්ධිය තහවුරු කල අතර ටියුෂන් ගුරු සංගමයක ඉහල බලපෑමකින් එම පරික්ෂන හා විනය ක්‍රියා මාර්ග නතරවි ඇති බව තහවුරු කලේය.

මහේෂ් විජේසූරිය – අනුරාධපුර

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….