හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ ලංගම බස් නැවතුම්පල භුමිය මිහි පිට අපායක් බවට පත් විමෙන් බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු එම ප්‍රදේශයේ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම බස් නැවතුම්පල භුමිය තුල විශාල ප්‍රමානයේ වලවල් හැරි ඇති අතර එහි කානු පද්දතියන් නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් එහි කසල හා පස් ගොඩ කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

මේ පිලිබදව අදහස් දක්වන බස් මගින් පවසනුයේ බස් නැවතුම්පල භුමියේ පවතින වලවල්වල වැසි ජලය රැදි තිබිම හේතුවෙන් බස් රථ ධාවනයේදි තමන්ට නොමිලේම මඩ ජලය නැමේ අවස්ථාව හිමිවන බවත්ය.

එමෙන්ම මෙහි කානු පද්දති ජරාවාස විමෙන් දැඩි දුගදක් හමන බවත් මෙම තත්වයන් සමග විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම බස් රථ නැවතුම් පල නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමෙන් මෙම ප්‍රදේශය මිහිපිට අපායක් බවට පත්ව ඇති බවත් මෙම මිහි පිට අපාය නැරබිම සදහා අදාල බලධාරින්ට මෙම ස්ථානයට පැමිනෙන ලෙස ආරාධනා කරන බවද ඔවුන් තව දුරටත් පවසති.

මේ පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් පවසනුයේ මෙම බස් නැවතුම්පල භුමියේ පවතින විශාල වලවල් හේතුවෙන් බස් රථ ධාවනයේදි දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත් සමහර අවස්ථාවලදි බස් මගින්ට මඩ ජලය ඉසිම් සිදුවන බවත් එවන් සමහර අවස්ථාවල එම බස් මගින් තමන්ට පමනක් නොව තම මවුවරුන්ටද බැන වදින බවත් මෙම තත්වයන් මත සමහර අවස්ථාවලදි එම බස් මගින් සමග ආරවුල්ද ඇති වන බවත්ය.

එමෙන්ම මෙම කානුවලින් හමන දැඩි දුගද හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් මෙම කානු නිසි ලෙස සුද්ද නොකිරිමෙන් මෙහි මැසි මදුරු උවදුරද දැඩි ලෙස පවතින බවත් මෙම තත්වයන් මත තම සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය.

මේ පිලිබදව අදහස් දක්වන බස් නැවතුම්පල අසල වෙලද සැල් හිමියන් මෙන්ම ප්‍රදේශවාසින්ද පවසනුයේ මෙම බස් නැවතුම්පල භුමිය නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් මෙම තත්වයන් මත ප්‍රදේශය තුල විවිධ ලෙඩ රෝග පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බවත්ය.

මේ පිලිබදව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඒ. සරවනබවාන් මහතාගෙන් කරන ලද විමසිමකදි ඔහු පවසන ලද්දේ ඉදිරියේදි මෙම බස් නැවතුම්පල භුමිය පිමිස් යොදා වලවල් වැසිමටත් කානු පද්දති සුද්ද පවිත්‍ර කිරිමට අවශ්‍ය උපදෙස් නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට උපදෙස් දෙන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts