හැටන් ප්‍රධාන බස් නැවතුම්පල මිහි පිට අපායක් – බලධාරීන්ගේ අවධානය පිණිසයි

හැටන් ප්‍රධාන බස් නැවතුම් පලේ ලංගම බස් නැවතුම්පල භුමිය මිහි පිට අපායක් බවට පත් විමෙන් බස් මගින් මෙන්ම බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් ඇතුළු එම ප්‍රදේශයේ පිරිස් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම බස් නැවතුම්පල භුමිය තුල විශාල ප්‍රමානයේ වලවල් හැරි ඇති අතර එහි කානු පද්දතියන් නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් එහි කසල හා පස් ගොඩ කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත.

මේ පිලිබදව අදහස් දක්වන බස් මගින් පවසනුයේ බස් නැවතුම්පල භුමියේ පවතින වලවල්වල වැසි ජලය රැදි තිබිම හේතුවෙන් බස් රථ ධාවනයේදි තමන්ට නොමිලේම මඩ ජලය නැමේ අවස්ථාව හිමිවන බවත්ය.

එමෙන්ම මෙහි කානු පද්දති ජරාවාස විමෙන් දැඩි දුගදක් හමන බවත් මෙම තත්වයන් සමග විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම බස් රථ නැවතුම් පල නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමෙන් මෙම ප්‍රදේශය මිහිපිට අපායක් බවට පත්ව ඇති බවත් මෙම මිහි පිට අපාය නැරබිම සදහා අදාල බලධාරින්ට මෙම ස්ථානයට පැමිනෙන ලෙස ආරාධනා කරන බවද ඔවුන් තව දුරටත් පවසති.

මේ පිලිබදව අදහස් දක්වන බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් පවසනුයේ මෙම බස් නැවතුම්පල භුමියේ පවතින විශාල වලවල් හේතුවෙන් බස් රථ ධාවනයේදි දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බවත් සමහර අවස්ථාවලදි බස් මගින්ට මඩ ජලය ඉසිම් සිදුවන බවත් එවන් සමහර අවස්ථාවල එම බස් මගින් තමන්ට පමනක් නොව තම මවුවරුන්ටද බැන වදින බවත් මෙම තත්වයන් මත සමහර අවස්ථාවලදි එම බස් මගින් සමග ආරවුල්ද ඇති වන බවත්ය.

එමෙන්ම මෙම කානුවලින් හමන දැඩි දුගද හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් මෙම කානු නිසි ලෙස සුද්ද නොකිරිමෙන් මෙහි මැසි මදුරු උවදුරද දැඩි ලෙස පවතින බවත් මෙම තත්වයන් මත තම සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය.

මේ පිලිබදව අදහස් දක්වන බස් නැවතුම්පල අසල වෙලද සැල් හිමියන් මෙන්ම ප්‍රදේශවාසින්ද පවසනුයේ මෙම බස් නැවතුම්පල භුමිය නිසි ලෙස සුද්ධ පවිත්‍ර නොකිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත් මෙම තත්වයන් මත ප්‍රදේශය තුල විවිධ ලෙඩ රෝග පැතිරයාමේ දැඩි අවදානමක් පවතින බවත්ය.

මේ පිලිබදව හැටන් දික්ඔය නගර සභාවේ ලේකම් ඒ. සරවනබවාන් මහතාගෙන් කරන ලද විමසිමකදි ඔහු පවසන ලද්දේ ඉදිරියේදි මෙම බස් නැවතුම්පල භුමිය පිමිස් යොදා වලවල් වැසිමටත් කානු පද්දති සුද්ද පවිත්‍ර කිරිමට අවශ්‍ය උපදෙස් නගර සභාවේ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට උපදෙස් දෙන බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….