සෞඛ්‍ය කොන්දේසී කඩ කරන බස් රථ වලට නීති තද කෙරේ

dilum

අත්‍යවශ්‍ය සේවාවල නිරත කාර්යය මණ්ඩලය ප්‍රවාහනය සඳහා වෙන් කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ, සංචරණ සීමා සම්පූර්ණයෙන් ඉවත් කරන තෙක් පවතින අයුරින්ම ධාවනයේ යොදවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

රට යළි විවෘත කළත් අන්තර් පළාත් හා දුම්රිය ගමනාගමනය සිදු නොවන නිසා අත්‍යවශ්‍ය සේවා කාර්යය මණ්ඩල වෙනුවෙන් එම ප්‍රවාහන සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ඒ මහතා කීවේය.

පවතින නීතිරීති අනුව අන්තර්  පළාත් බස් රථ සහ දුම්රිය ධාවනය ආරම්භ වීමට සති කිහිපයක් ගත වනු ඇතැයි  පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවට පළාත් සභා මාර්ග අධිකාරි සතු බස් රථ වැඩි ප්‍රමාණයක් යළි ධාවනයට එක් කිරීම සඳහා පුද්ගලික බස් රථ වෙනුවෙන්  සහනාධාර ලබාදීමේ වැඩිපිළිවෙලක් කඩිනමින් ආරම්භ කළ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කළේ මහනුවර දිස්ත්‍රික්කයේ පුද්ගලික බස් රථ එක්දහස් තුන්සියයක් සඳහා සහනාධාර ලබාදීම නිමිත්තෙන් මහනුවර හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැති උත්සවයට එක් වෙමිනි.

ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් ප්‍රවාහනය කරමින් සෞඛ්‍ය මාර්ගෝපදේශන  කඩ කරන පුද්ගලික බස් රථ බලපත්‍ර අවලංගු කොට අදාල බස් රථය පොලිස් භාරයේ තබා ගැනීමට කටයුතු කරන්නැයි පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැන්වූ  බව ද ඒ මහතා කීවේය.

පසුගිය කාලයේදී එවැනි කොන්දේසි කඩකළ බස් රථ එකසිය හැටකට අධික ප්‍රමාණයකගේ බලපත්‍ර අහෝසි කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බස්නාහිර පළාතේ බස් රථ හයදහසක් ධාවනය විය යුතු වුවත් ඊයේ දිනයේ ධාවනය වූයේ බස් රථ නමසියයක් යැයි කී අමාත්‍යවරයා, බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන් වෙනත් රැකියා කරා යොමු වී ඇති බවත් ප්‍රවාහන සේවාවේ අවිශ්වාසනීය බව හේතුවෙන් ඔවුන් රැකියා අතහැර ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

එවැනි තත්ත්වයක් යටත් යළි බස් රථ මාර්ගයට එක් කිරීම සඳහා සහනාධර ලබා දෙමින් මෙම වැඩසටහන දීප ව්‍යාප්තව සිදුකරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….