ලුණුගල පල්ලේකිරුව ගම්මානයේ කුරුඳු වගා කරනා ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව පවුල් 200ක් පමණ අසරණ වී සිටින බවට ඔවුහු පවසති. ගම්මානයේ අක්කර දහසක පමණ ගොවීන් කුරුඳු වගා කර තිබෙන අතර රජයෙන් කිසිදු සහනයක් හෝ ආධාරයක් ගොවීන්ට මෙතෙක් නොලැබීම හේතුවෙන් වගාවන් අතහැර දැමීමට සිදුව ඇතැයි ගොවීහු කියා සිටිති.

මේ පිළිබඳව ඩී. උපාලි ගොවි මහතා මෙසේ පැවසීය.

“පල්ලේකිරුව ගම්මානයේ හැම ඉඩමකම විශාල වශයෙන් කුරුඳු වගා කර තිබුණත් අස්වැන්නක් ලබන්න තරම් ගොවීන්ට දැනුමක් නෑ. අපේ ගමේ කුරුඳු තළන්න දන්න අය නෑ. මාතරින් ගේන අයට ආදායමෙන් සීයට පනහක් දෙන්න ඕනෑ. එහෙම වුණාම අපිට ගොවිතැනින් වැඩක් නෑ. රජය මැදිහත් වී අපිට පුහුණුවක් දෙන්න. අපි දන්නේ කුරුඳු හිටවන්න විතරයි. මේ දවස්වල අක්කර සිය ගණනක කුරුඳු කපනවා. විකුණාගන්න මිලක් නෑ. අපි අසරණයි.”

ඩී.එම්. විපුලරත්න ගොවි මහතා,

“පල්ලේකිරුවේ අපිට හොඳ වෙළෙඳපොළක් නෑ. අපෙන් 600ට ගන්න කුරුඳු කිලෝව වෙළෙඳුන් 1500ට විකුණනවා. අපිට පුහුණුව නෑ, වෙළෙඳපොළක් නෑ, ප්‍රවාහන පහසුකම් නෑ, කුරුඳු හැදුවට මොනාද කරන්නේ.

කියලා දන්නේ නෑ. අපිට කුරුඳු ගොවිතැන කරගෙන යන්න රජය මැදිහත්වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ගමේ ඉන්න කෘෂි නිලධාරීන් කුරුඳු ගැන දන්නෙත් නෑ. කොරෝනාවත් එක්ක අපේ කුරුඳු වගාවත් විනාශයට යනවා.”

ප්‍රසන්න පත්මසිරි – ඌව පළාත් සමූහ

Similar Posts