රොන්මඩ ඉවත් කිරීමට මුවා වී ලැබුනෝරුව වැවේ වැලි ජාවාරමක්!

labunoruwa wewa

රොන්මඩ ඉවත් කිරීමේ ව්‍යාපෘතියකට මුවාවි ලැබුනෝරුව වැව සීමාවක් නොමැතිව හාරමින් වැලි ගොඩදැමීමේ මහ පරිමාන ජාවාරමක් සිදුවන බව ලැබුනෝරුව ගොවි සමිතිය පවසයි.

රජයේ ව්‍යාපෘතියක් වශයෙන් පසුගියදා ආරම්භවූ මහ වාරිමාර්ගයට අයත් ලැබුනෝරුව වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේ ක්‍රියාව පසෙක දමා කොන්ත්‍රාත්කරුවන් ඉවක් බවක් නොමැතිව වැව හාරමින් වැලි ඉවත් කිරිමේ කටයුත්තක නිරත වන බවත් මෙම ක්‍රියාවලිය නිසා වැව විනාශයට පත්වෙන බව ගොවි සමිතිය පැවසුවේය.

සිදුවන ක්‍රියාවලියට විරෝධය පලකරනා ලැබුනෝරුව ගොවි සමිතියේ සභාපති ජී ජයතිලක මහතා.වැවේ රොන්මඩ ඉවත් කිරිම පසුගියදා ආරම්භ වුනා.නමුත් ඒ සදහා කිසිදු මුදලක් රජයෙන් නොගෙවන බව උත්සවයට සහභාගිවූ රාජ්‍ය අමාත්‍යතුමන් පැවසුවා.

මේ ඉවත් කරන රොන් මඩ සෝදලා වැලි අරගන්නවා ඒකේ ආදායමෙන් තුනෙක් එකක මුදලක් ගොවි සංවිධානයට ලබාදෙන බව පැවසුවා.නමුත් අපිට එහෙම ප්‍රති ලාභයක් ලැබිලා නෑ.

වැවේ අඩි දෙකක රොන් මඩ තට්ටුවක් හාරන්න අවසර දුන්නත් මේ කටයුත්ත කරන පුද්ගලයා යන්ත්‍ර සූත්‍ර දාලා වැවේ අඩි දහයක් විතර යටට හාරනවා.අඩි දෙකක් විතර හාරද්දි ඒ තැන වැලි තියනවා කියලා තහවුරු වුනු ගමන්ම මහ පරිමානයෙන් ඒ ස්ථානය හාරලා වැලි අරගෙන වැවෙන් ඉවත් කළ පස් ඒ තැනට දාලා නැවත වහනවා.

මෙතන වෙන්නේ කිසියම් ජාවාරමක්.වැවේ කපන පස් ටික බොරළු විවිධ පුද්ගලයන්ට අලවිකරනවා.මේ සදහා වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පුරාවිද්‍යාව ඇතුළු ආයතන අවසර දීලා තියෙන්නේ කියලා ඔවුන් කියනවා.මේ ක්‍රියාවලිය සමග වසර සිය ගණනාවක් පැරණි විශාල කුඹුක් ගස් විශාල ප්‍රමාණයක් කඩා වැටිමේ අවධානමකුත් ඇතිවෙලා තියනවා.

අපි හිතාගෙන හිටියේ මේ ව්‍යාපෘතියෙන් ලැබෙන අපේ කොටසින් අඹලන්වි ඇති ඇල වේලි කෘෂි මාර්ග සියල්ල අළුත් වැඩියා කර ගන්න නමුත් දැන් තමයි තේරෙන්නේ මෙතන සිදුවෙන්නේ පරිසර විනාශයක් සමග ජාවාරමක් කියලා අපිට හැගිලා ගිහින් තියනවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මෙම වැව ප්‍රතිසංස්කරණය මුවාවෙන් වැවේ ස්ථාන දෙකක තිබෙන බවට ජනප්‍රවාදයේ සදහන් සදහන් නිධහන් දෙකක් සොයනා බවට ගම්මුන් චෝදනා කළහ.මේ වැව හා පණ්ඩුකාභය කුමාර අතර ජනප්‍රවාදයක් තියනවා.

මේ වැවේ ස්ථාන දෙකක බෙර සළකුණක් හා ගොනෙකුගේ සළකුණක් සහිතව මහා වස්තු සම්භාරයක් තියනවා කියලා ජනප්‍රවාදයේ සදහන් වෙනවා ඒ ස්ථානය තමයි මේ පිරිස වැවේ හැමතැනම හාර හාර හොයන්නේ යනුවෙන් ගම්වැසියන් පැවසුහ.

labunoruwa labunoruwa labunoruwa labunoruwa

අනුරාධපුර මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….