ශ්‍රී ලංකාවේ සමෘද්ධිය යනු එකම කාසියක දෙපැත්තයි

india

ශ්‍රී ලංකාව මහුණ දෙන ආර්ථික අර්බූදය හමුවෙහි විශාලතම සහයෝගය දී ඇති රට ඉන්දියාවය. ඊයේ එනම් 06දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව පිළිබද ජන්ද විමසීමේ දී ඉන්දියාව ජන්දය දීමෙන් වැළකුනි.

ජන්දය ප්‍රකාශ කිරීමට පෙර කතා කරමින් ඉන්දිය තානාපතිවරයා කියා සිටියේ “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළඟා කර ගැනීම සහ සමෘද්ධිය, අභිමානය සහ සාමය සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම එකම කාසියක දෙපැත්ත” බවයි.

මෙමගින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් ඉටු කිරීමට පියවර ගන්නා තුරු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළගා නොවනු ඇති බවයි. මෙම සරළ සත්‍යය යටපත් කිරීම නිදහසින් පසු මෙරට මුහුන දුන් විශාලමතම ඛේදවාචකය වේ.

අද පවා ජාතිවාදී දේශපාලනඥයින් බලය බෙදීමට සහ 13 වන සංසෝධනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජාතිවාදය ඉස්මතු කරන අතර එවැනි පිරිස් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද සිටී.

මෙම කතාව ඔව්න්ගේ ඇස් පෑදීමට උපකාරයක් විය යුතුය.

එක්සත් ජාතීන්ගේ හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව සලකා බැලීමේ ඡන්ද විමසීමට පෙර ඉන්දියාව විසින් ඔක්තෝබර් 06වන දින කරන ලද ප්‍රකාශය පහත දැක්වේ.එය ඉන්දීය නිත්‍ය නියෝජිත තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ විසින් ඉදිරිපත් කරන ලදී

සභාපතිතුමනි,

ආසන්නතම අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව 2009 න් පසු ශ්‍රී ලංකාවේ සහන, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. වඩාත් මෑතක දී, මෑත ආර්ථික අර්බුදයේ අභියෝගවලට මුහුණ දීම පිනිස මේ වසරේ ජනවාරි මාසයේ සිට, ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට පෙර නොවූ විරූ ආධාර ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව සඳහා තිරසාර හා ඵලදායී විසඳුමක් සෙවීමේදී ඉන්දියාව සැමවිටම මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සමානාත්මතාවය, යුක්තිය, අභිමානය සහ සාමය සඳහා වන ලාංකීය දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ ලංකාවෙහි ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, සහ ස්වෛරීභාවය සඳහා සහය වීම යන මූලික මූලධර්ම දෙකෙනි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අර්ථාන්විත බලය බෙදීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම යන ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කරන ලද කැපවීම් පිළිබඳව අප අවධානය යොමු කර ඇති අතර, එම ප්‍රගතිය ප්‍රමාණවත් නොවන බව අපි විශ්වාස කරමු. ඒ අනුව, මෙම කැපවීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් ලෙස කටයුතු කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළඟා කර ගැනීම සහ සමෘද්ධිය, අභිමානය සහ සාමය සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම එකම කාසියක දෙපැත්තකි.

සභාපතිතුමනි, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සමෘද්ධිය පිළිබඳ අදාළ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කරනු ඇත.

මම ඔබට ස්තුතියි.

සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි

srilankabrief

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….