india

ශ්‍රී ලංකාව මහුණ දෙන ආර්ථික අර්බූදය හමුවෙහි විශාලතම සහයෝගය දී ඇති රට ඉන්දියාවය. ඊයේ එනම් 06දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා යෝජනාව පිළිබද ජන්ද විමසීමේ දී ඉන්දියාව ජන්දය දීමෙන් වැළකුනි.

ජන්දය ප්‍රකාශ කිරීමට පෙර කතා කරමින් ඉන්දිය තානාපතිවරයා කියා සිටියේ “සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළඟා කර ගැනීම සහ සමෘද්ධිය, අභිමානය සහ සාමය සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම එකම කාසියක දෙපැත්ත” බවයි.

මෙමගින් කියැවෙන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් ඉටු කිරීමට පියවර ගන්නා තුරු ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළගා නොවනු ඇති බවයි. මෙම සරළ සත්‍යය යටපත් කිරීම නිදහසින් පසු මෙරට මුහුන දුන් විශාලමතම ඛේදවාචකය වේ.

අද පවා ජාතිවාදී දේශපාලනඥයින් බලය බෙදීමට සහ 13 වන සංසෝධනය ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජාතිවාදය ඉස්මතු කරන අතර එවැනි පිරිස් ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ද සිටී.

මෙම කතාව ඔව්න්ගේ ඇස් පෑදීමට උපකාරයක් විය යුතුය.

එක්සත් ජාතීන්ගේ හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ යෝජනාව සලකා බැලීමේ ඡන්ද විමසීමට පෙර ඉන්දියාව විසින් ඔක්තෝබර් 06වන දින කරන ලද ප්‍රකාශය පහත දැක්වේ.එය ඉන්දීය නිත්‍ය නියෝජිත තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ විසින් ඉදිරිපත් කරන ලදී

සභාපතිතුමනි,

ආසන්නතම අසල්වැසියෙකු ලෙස, ඉන්දියාව 2009 න් පසු ශ්‍රී ලංකාවේ සහන, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. වඩාත් මෑතක දී, මෑත ආර්ථික අර්බුදයේ අභියෝගවලට මුහුණ දීම පිනිස මේ වසරේ ජනවාරි මාසයේ සිට, ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට පෙර නොවූ විරූ ආධාර ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව සඳහා තිරසාර හා ඵලදායී විසඳුමක් සෙවීමේදී ඉන්දියාව සැමවිටම මෙහෙයවනු ලැබුවේ ශ්‍රී ලංකාවේ සමානාත්මතාවය, යුක්තිය, අභිමානය සහ සාමය සඳහා වන ලාංකීය දෙමළ ජනතාවගේ අභිලාෂයන් සහ ලංකාවෙහි ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, සහ ස්වෛරීභාවය සඳහා සහය වීම යන මූලික මූලධර්ම දෙකෙනි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, අර්ථාන්විත බලය බෙදීම සහ පළාත් මැතිවරණ කඩිනමින් පැවැත්වීම යන ප්‍රශ්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් කරන ලද කැපවීම් පිළිබඳව අප අවධානය යොමු කර ඇති අතර, එම ප්‍රගතිය ප්‍රමාණවත් නොවන බව අපි විශ්වාස කරමු. ඒ අනුව, මෙම කැපවීම් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් ලෙස කටයුතු කරන ලෙස අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා සමෘද්ධිය ළඟා කර ගැනීම සහ සමෘද්ධිය, අභිමානය සහ සාමය සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම එකම කාසියක දෙපැත්තකි.

සභාපතිතුමනි, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ නීත්‍යානුකූල අභිලාෂයන් සහ සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සමෘද්ධිය පිළිබඳ අදාළ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව කටයුතු කරනු ඇත.

මම ඔබට ස්තුතියි.

සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි

srilankabrief

Similar Posts