gossip lanka

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2022 වසරේදී නිකුත් කර තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රවල කොන්දේසිවලට අනුකූලව කටයුතු නොවීම නිසා එම සමාගම්වල බලපත්‍ර අහෝසි කරන බවද මහ බැංකුව සදහන් කරයි.

නුවරඑළිය අරුණ ෆොරෙක්ස් (පුද්) සමාගම, මීගමුව බ්‍රෙෂියා ග්‍රාමින් (පුද්) සමාගම, කොළඹ – 3, පේයා ෆොරෙක්ස් එස්පොන්ජ් (පුද්) සමාගම, කොළඹ 01 කමල් එන්ටර්ට්‍රයිසස් (පුද්) සමාගම, මහවැව කුඩාමඩු මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම, වෙන්නප්පුව මිඩ්නා මනි මාර්කට් (පුද්) සමාගම, හොරණ නිලංකා ගෝල්ඩ් හවුස් (පුද්) සමාගම, කොළඹ 01 රෆීක්ස් ජෙම්ස් (පුද්) සමාගම, පුත්තලම රිම්හා ජුවලර්ස් (පුද්) සමාගම, කොළඹ 2 සලාකා ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම, යාපනය ශාරංගා මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම, කල්මුණේ සෝර්නම් ෆොරෙක්ස් (පුද්) සමාගම, හලාවත තම්ෂා ෆොරෙක්ස් (පුද්) සමාගම, කොළඹ 6 යුනිවර්සල් මනි චේන්ජර්ස් (පුද්) සමාගම සහ මහනුවර වසත්තාස් ඉන්ටර්නැෂනල් මනි එක්ස්චෙන්ජ් (පුද්) සමාගම යන සමාගම් 15ට තවදුරටත් ගනුදෙනු කළ නොහැකි බවද මහ බැංකුව කියයි.

ඒ අනුව එම සමාගම්වලට තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති අතර තවදුරටත් එම සමාගම් විදේශ මුදල් මිලදී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් බවද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

 

gossip lanka

Similar Posts