corona-outbreak

කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ඇතිවීම හේතුවෙන් එන්නත්වල සඵලතාව අඩුවීමට ඉඩ ඇති නමුත් දැනට භාවිත කරනු ලබන එන්නත් තවමත් එම ප්‍රභේදවලට එරෙහිව ක්‍රියා කරනු ඇති බව විශේෂඥයෝ පවසති.

එක් ජාන විපර්යාසයක් E484K නමින් හඳුන්වන අතර දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොරෝනාවෛරස් නව ප්‍රභේදයේ ද එම ජාන විපර්යාසය දක්නට තිබේ.

කොරෝනාවෛරස් ප්‍රභේදයක් මහා බ්‍රිතාන්‍යයේ කෙන්ට් පළාතෙන් හමුවී ඇති අතර එය ‘කෙන්ට්’ ප්‍රභේදය ලෙස නම් කර තිබේ.

තවමත් සොයා නොගත් තවත් නව ප්‍රභේද පැවතිය හැකි බව විශේෂඥ මතයයි.

ආසාදනයවීම් අවම කර ගැනීම තුළින්, ජාන විපර්යාස තවදුරටත් ඇතිවීම සඳහා වෛරසයට ලැබෙන අවස්ථා අවම වන බව ඔහු පවසයි. ඒ සඳහා ලොක්ඩවුන් නීති අනුගමනය කිරීම ඉතා වැදගත් බව ද ඔහු ප්‍රකාශ කළේය.

“එහෙම නොකළොත් වෛරසය ව්‍යාප්ත වෙනවා පමණක් නොවෙයි, එය පරිනාමයට පත්වීමත් සිදු වෙනවා.”

වෛරසය ව්‍යාප්ත වන තරමට ජාන විපර්යාස ඇති වී තව තවත් ප්‍රභේද මතුවන බව ඔහු අවධාරණය කරයි.

එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවෙන් හමුවූ කෝවිඩ් නව ප්‍රභේදයන් දෙකම බරපතල රෝගාබාධකාරක වන බවට සාක්ෂි ලැබී නැත. එහෙත් ප්‍රශ්නය වී තිබෙන්නේ එම නව ප්‍රභේදයන් ආසාදනයවීම් සංඛ්‍යාත්මකව වේගයෙන් වැඩිවීමත් සමඟ සෞඛ්‍ය පහසුකම් සම්පාදනය අසීරු අඩියකට වැටීමය.

Similar Posts