LPL ක්‍රීඩක වෙන්දේසියේදී ප්‍රබල ක්‍රීඩකයන් රැසක් මිලදී ගත් ලයිකාස් ජැෆ්නා කිංග්ස්

ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් එල්.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අතිඋත්කර්ෂවත් අයුරින්  කොළඹදී පැවැත්විය.

එහිදී එල්.පී.එල්. ඉතිහාසයේ ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මුදල වාර්තා කරමින් මතීෂ පතිරණ අමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ විසිදහසක මුදලකට මිලදී ගැනීමට කොළම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වූ බව සඳහන්.

පස්වන වරටත් පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලිය සඳහාද කණ්ඩායම් 5 ක් එක්වන අතර ඉන් ත්‍රිත්වයකම ශූරයන් බවට පත්වූ ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙම වෙන්දේසියේදී ප්‍රබල ක්‍රීඩකයින් රැසක් මිලදී ගනු ලැබුවා.

වෙන්දේසියට ප්‍රථම කුසල් මෙන්ඩිස්, අවිෂ්ක ප්‍රනාන්දු, චරිත් අසලංක විජයකාන්ත් වියස්කාන්ත් සහ ඇෆ්ගනිස්ථානු ක්‍රීඩකයින් දෙදෙනෙකු වන නූර් අහමඩ් සහ අස්මතුල්ලා ඔමර්සායි යන ක්‍රීඩකයින් මෙලෙස රඳවා ගත් සහ මිලදී ගත් ක්‍රීඩකයින් අතර වෙයි.

ඊට අමතරව ලයිකාස් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී දකුණු අප්‍රිකාවේ රයිලි රූසෝ අමෙරිකානු ඩොලර් 60,000 ක් එනම් ශ්‍රී ලංකා මුදලින් එක්කෝටි අසූ ලක්‍ෂයක මුදලකට මිලදී ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා හා ජේසන් බෙරන්ඩොෆ් අමෙරිකානු ඩොලර් 50,000 ක මුදලකට එනම් එක්කෝටි 50,000 ක මුදලකටත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මිලදී ගත් බවයි සඳහන් වන්නේ.

අසිත ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක ඩොලර් 40,000 බැඟින්ද , ෆැබියන් ඇලන් ඩොලර් 30,000 කටත්, ප්‍රමෝද් මධුශාන් සහ ඇලෙක්ස් රෝස් අමෙරිකානු ඩොලර් 20,000 බැඟින්ද වෙන්දේසි වී ලයිකා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මිලදී ගත්තා.

ලහිරු සමරකෝන් අමෙරිකානු ඩොලර් 13,000 කටත්, නිශාන් මදුෂ්ක සහ වනුජ සහන් අමෙරිකානු ඩොලර් 10,000 ක මුදලකටත්, ඒෂාන් මාලිංග, විෂාඩ් රන්දික, අහන් වික්‍රමසිංහ, මුර්වින් අභිනාෂ්, අරුල් ප්‍රගාෂම්, තීෂන් විදූෂාන්, නිසල තාරක අමෙරිකානු ඩොලර් 5000 බැඟිනුත් මිලදී ගත්තා.

ඉසුරු උදාන අමෙරිකානු ඩොලර් ලක්‍ෂයකට ගෝල් මාවලස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර දසුන් ශානක අමෙරිකානු ඩොලර් 85,000 ක මුදලකට බී ලව් කැන්ඩි කණ්ඩායම මිලදී ගත්තා.

පස්වන වරටත් පවත්වනු ලැබූ මෙවර අයි.පී.එල්. තරගාවලියේ නිල දේශීය රූපවාහිනී විකාශන අයිතිය දිනා ගැනීමට මොනරා ටීවී සමත්වී තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ උණුසුම වෙනුවෙන් පන්දුව ඔබ වෙත ගෙන ඒමට මොනරා ටීවී සූදානම්.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….