තමාගේ තිඹිරිගෙය වූ වන රජදහනම තමාගේ පෝරකය වූ වගයි

elephant High-end mesothelioma law firms Premium business continuity consultancy Elite private jet charter hourly rates Top-tier corporate event management companies

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යයට වැඩි වටිනාකමක් එක් කරන වනජීවී සම්පතක් ලෙස සැලකෙන වනඅලිගහනයෙන් අලින් 6 දෙනෙකු අහිමි වීමේ පුවත ශ්‍රී ලාංකිකයින්ගේ පමණක් නොව විදෙස් වැසියන්ගේ පවා හද සසල කළ පුවතක් විය.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ ‘මීනගයා’ දුම්රියේ ගැටී පෙබරවාරි 19 වන දා රාත්‍රියේ අලි රංචුවක් ගැටීමෙන් මෙම අනතුර සිදු විය.

මඩකලපුව කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය ගල්ඔය අතර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය කෙරෙමින් තිබූ දුම්රියේ වන අලින් ගැටීම සිදු වුණේ ඊයේ රාත්‍රි 11.30 ත් 12 ත් අතරදීයී.

ගල් ඔය 141 වෙනි සැතපුම් කණුව අසලදී මෙසේ ගැටී ඇත්තේ කවුඩුල්ල රක්ෂිතයේ සිට දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලි රංචුවක්.

අවුරුදු 08 /15 / 20 /30 යන වයස්වල පසුවන වන අලින් අනතුරින් මිය ගියා.

මිය ගිය වන අලින් අතර වයස මාස 06 ක පමණ පැටවකු ද සිටිනවා.

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක්

වනඅලි දුම්රියේ ගැටීමෙන් සිදුවන අනතුරු වළක්වාගැනීම සඳහා කඩිනම් පියවර රැසක් ගැනීමට තීරණය කර තිබේ.

ගල්ඔය – හිඟුරක්ගොඩ අතර 141ක් වන සැතපුම් කුණුව අසලදී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ල්මේන්තු පරිශ්‍රයේදී ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවති බව සඳහන් ය.

ප්‍රවාහන, පරිසර, ඩිජිටල් යන අමාත්‍යංශ, දුම්රිය හා වනජීවි දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් ද විවිධ පරිසර හා වනජීවී සුරකින සංවිධාන ද මෙම සාකච්ඡාව සඳහා එක්වී තිබේ.

එහිදී වනඅලි අනතුරු බහුල අදාළ ප්‍රදේශයේ දුම්රිය මඟ දෙපස වඩාත් දෘෂ්‍යමාන වන ලෙස හෙළිපෙහෙළි කිරීමටත්, ඩිජිටල් ඇතුළු නව තාක්ෂණ ක්‍රමවේද භාවිත කිරීම පිළිබඳවත් වැඩි අවධානය යොමුවී ඇති බව සඳහන් ය.

දුම්රියවල ආලෝක පද්ධති ඉදිරියට මෙන්ම දෙපසටත් විහිදෙන ලෙස සවිකිරීම සහ කහ ආලෝක වෙනුවට සුදු පැහැති ආලෝකය භාවිත කිරීමටත් එම සාකච්ඡාවේදී අවධානය යොමුවී ඇත.

මීට අමතරව සාකච්ඡාවේ දෙවන අදියර ලෙස හෙට (22) මෙම අනතුරු සිදුවූ ස්ථානයට සියලුම පාර්ශ්වයන් ගොස් පුළුල් නිරීක්ෂණයක් කර අදාළ තීරණ සහ තවත් ක්‍රියාත්මක කළ යුතු තීරණ ඇත්නම් ඒවා ද  ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….