MTFE ආයතනයට අධිකරණ නියෝගයක්

gossip lanka news

පිරමීඩ ජාවාරම් පිළිබඳ චෝදනා එල්ල වී ඇති MTFE SL Group ආයතනයේ ප්‍රධානීන් සිව්දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(11) විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබඳ ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස එම විමර්ශන නිලධාරීන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ පෙරවරුවේ කරුණු දැක්වීමක් සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට තොරතුරු වාර්තාවන්නේ විදෙස් ගමන් තහනම ලබාගත් පිරිසෙන් අයෙක් ඊයේ අලුයම ඩුබායි රාජ්‍ය බලා පිටව ගොස් ඇති බවයි.

Related posts