වතු අධිකාරිවරුන්ගෙන් වතු කම්කරුවන්ට හිරි හැර

මේ වන විට වතුකරයේ සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් වතු කම්කරුවන්ට විවිධ හිරි හැර කිරිමත් සමග එම වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව ජාතික කම්කරු සංගමයේ පරිපාල නිලධාරි හැටන් දික්ඔය නගර සභාවේ හිටපු සභාපතිවරයක් වන අලගමුත්තු නන්දකුමාර් මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු අලගමුත්තු නන්දකුමාර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

මේ වන විට වතු කම්කරුවන් මේ රටට පැමින වසර 200ක් වන බව පවසනවා එත් අදටත් සමහර වතුවල සමහර වතු අධිකාරිවරුන් සමහර උප වතු අධිකාරිවරුන් හිතා ඉන්නේ මේ වතු කම්කරුවන් වහලුන් ලෙසයි.

මේ වන විට සමහර වතුවල තේ දළු නිසි ලෙස නොමැති වුවත් දිනකට තේ දළු ක්‍රිලෝ 18ක් කඩන ලෙස පවසනවා එත් නිසි ලෙස දළු නොමැතිවිමෙන් මේ වතු කම්කරුවන්ට තේ දළු ක්‍රිලෝ 18ක් කැඩිමට බැරි වුනෝත් එම කම්කරුවාට ලැබෙන්නේ දින භාගයක වැටුපයි මෙම තත්වයන් මත මේ වතු කම්කරුවන් දැඩි ලෙස ආර්ථික ප්‍රශ්නවට මුහුණ දෙනවා.

එමෙන්ම වතුකරයේ සමහර කම්කරුවන් තම ලයින් කාමරය අසල හෝ තම නිවස අසල යම් අකාරයකින් එලවළු වගාවක් හෝ කුකුල් කොටුවක් ඉදි කර ගත් විට සමහර වතු අධිකාරිවරුන් සමහර උප වතු අධිකාරිවරුන් එම අයට එරෙහිව විවිධ ක්‍රියාකරකම් සිදු කිරිමත් සමග එම පිරිස් දැඩි අපහසුතාවයන්ට පත් වෙනවා.

මේ වන විට වතුකරයේ සේවය සදහා ඉන්නේ වතු කම්කරුවන් එක්ලක්ෂ පනස් දාහාක් හෝ එක් ලක්ෂ හැට දාහාක ප්‍රමානයක් මෙම තත්වයන් මත වතුකරයේ සේවක හිගයක් පවතිනවා මෙම තත්වයන් වටහාගත් නසමහ වතු අධිකාරිවරුන් මෙන්ම උප වතු අධිකාරිවරුන් මල නොතලා රොන් ගන්නාසේ වතු කම්කරුවන්ගේ සිත් නොතලා ඔවුන්ගේ සේවය ලබා ගැනිමට කටයුතු කිරිම පිලිබදව එම පිරිස් අගය කල යුතුයි.

එමෙන්ම මේ වන විට සමහර වතුවල වතු කම්කරුවන් වෙනත් වතුවල සේවය සදහා ලොරි රථවල පටවාගෙන යාමත් සමග එම වතු කම්කරුන් දැඩි දුෂ්කරතාවයන්ට පත් වෙනවා මෙම තත්වයන් පිලිබදව දැඩි අවදානයක්ද යොමු කල යුතුයි.

වසර 200ක කාලයක් පුරාවට මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන මේ වතු කම්කරුවන්ට මෙවන් තුන්වන පංතියේ ක්‍රියාකාරකම් කරන්නේ කුමන පදනමක් මතද යන්න ප්‍රශ්නයක්.

මේ සමහර වතු කම්කරුවන්ගේ දරුවන් අදවන විට මේ රටේ විවිධ තනතුරුවලට පත්ව ඉන්නවා එම තත්වයන් මත මේ වතු කම්කරුවන් තව දුරටත් මෙයට වසර 200කට පෙර පැමිනි වතු කම්කරුවන් මෙන් වහලුන් නොවන බව මේ සමහර වතු අධිකාරිවරුන් මෙන්ම සමහර උප වතු අධිකාරිවරුන්ද සිහි තබාගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….