ත්‍රිපෝෂ ගැන එල්ල වන චෝදනා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

thriposa

ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට ලබාදෙන ත්‍රීපෝෂවල ඇෆලටොක්සීන් අධි ප්‍රමාණයෙන් පවතින බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් සිදු කළ යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එහි සභාපති දේවිකා කොඩිතුවක්කු කියා සිටියේ, රට පුරා සිටින පවුල් සෞඛ්‍ය සේවිකාවන් කිහිප දෙනෙකුගෙන්ද තමන් මේ සම්බන්ධයෙන් විමසීමක්ද සිදු කළ බවයි.

කෙසේ වෙතත් ත්‍රීපෝෂ ලබා නො දෙන ලෙස කිසිදු බලධාරියෙකු සිය නිලධාරිනියන්ගෙන් ඉල්ලීමක් කර නොමැති බව ද ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියා.

Related posts