පරාක්‍රම සමුද්‍රය රැක ගැනීම වෙනුවෙන් පෙත්සමක්

parakrama

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරුව ඉදි කිරීම සදහා හොර රහසේ ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටුව කැදවා අනුමත කරවා ගැනීමේ වෑයමක් සැලවීම හේතුවෙන් පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවි සංවිධාන 38 ක් හා මහා සංඝ රත්නය එක්ව ඊට විරෝධය පා විරෝධතා පෙත්සමක් දිස්ත්‍රික් සම්බන්ධීකරණ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ට ඊයේ (28) දහවල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලට පැමිණ භාර දුන් හ.

පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමි‍ටු ‍රැස්වීම ඊයේ (28) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවති අතර මෙම කමි‍ටු ‍රැස්වීමේ දී දැනට තාවකාලිකව නවතා දමා තිබෙන පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරුව ඉදි කිරීම සදහා අනුමැතිය ලබා ගැනීමට නියමිතව තිබූ බවට ලද තොරතුරකට අනුව මෙසේ ගොවි සංවිධාන හා මහා සංඝරත්නය එම ස්ථානයට විරෝධතා පාගමනකින් පැමිණ පෙත්සම භාර දුන් හ.

එහි දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරාක්‍රම සමුද්‍රය සු‍රැකීමේ ව්‍යාපාරයේ සභාපති උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පොලොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නාහිමියෝ මෙසේ පැවසූහ.

” මේ ආය 2020 දී යෝජනා කරලා තියෙනවා දිසාපති බංගලාව අසල සිට ධර්මපාල වටරවුම ගාවින් අලුත් නිල නිවාස සංකීර්ණය දක්වා කිලෝමීටර්  දෙක හමාරක මං තීරුවක් හදන්න. අපි ඒක කරන්න කියලා මතක් කරනවා ඒකට අපට ආශිර්වාද කරන්න පුළුවන්. නමුත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත මං තීරුව ඉදිකරන්න දෙන්නේ නෑ.

අපිත් එක්ක කිසිම සාකච්ඡාවක් නෑ. දිසාපතිතුමා අපට සාකච්ඡාවක් දෙනවා කියලා පොරොන්දු  වුණා. ඒක කළෙත් නෑ.කි සිම සාකච්ඡාවක් නැතුව හොර රහසේ මේක අනුමැතිය අරගෙන කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.දිසාපතිවරයා ඒ සාකච්ඡාව දෙන්න හෑදුවේ ගොඩාක් සංඝරත්නය ගෙනල්ලා සෞඛ්‍ය නීති කඩලා එතන සංඝ රත්නයේ ගැ‍ටුමක් ඇති කරවලා කරන්න ගියේ අපි ඒකට එකග වුණේ නැ. එහෙම කරලා වැව් බැම්මට ගෙනල්ලා ආශිර්වාද කරවාගෙන මුදල් ගණුදෙනුත් කරගෙන තියෙනවා .ඒවා අපි කරන්න දෙන්නේ නෑ. එයාල අඩියක් පස්සට ගන්නේ නෑ කියලා කියනවා නම් අපි කියනවා අඩියක් නෙමෙයි අඩි සිය දහසක් අඩි ඉස්සරහට පැනලා හරි යන්න පුලුවන්.

අද පොරොන්දු වුණා වචනයකින්වත්   මේ මාතෘකාව සාකච්ඡාවට ගන්නේ නෑ කියලා. ගොවිජනතාවගේත් මහා සංඝරත්නයේත් විරෝධතා සැලකිල්ලට අරගෙන එම ව්‍යාපෘතිය අතහැර දමන බව පැවසුවා. සංවර්ධන කමි‍ටුවේ සභාපතිතුමා අපේ අතුකෝරල මන්ත්‍රීතුමා. ඒ නිසා අපි එතන ඉන්නවා.වැ ව් බැම්මේ මංතීරුව හදන්න දෙන්නේ ම නෑ. පරාක්‍රම සමුද්‍රයේ ගොවිසංවිධාන 38ක නියෝජිතයෝ මෙතන ඉන්නවා. අපි පොලොන්නරුව දිස්ත්‍රික්කයේ  ත්‍රයි නිකායික මහා සංඝරත්නය ඉන්නවා. අපි ඒක කරන්න දෙන්නේ නෑ. අර 2020 යෝජනා කරගත්ත නව නගරේ මං තීරුව හදා ගන්න. අපි ඒකට විරුද්ධ නෑ. අද ආණ්ඩුකාරතුමාටත් සම්බන්ධිකරණ සභාපතිතුමාටත් දිසාපතිතුමාටත් අපි සංදේශ භාර දුන්නා. අපි කියන්නේ දැන් මේක නවත්තලා ළග එන මහ වැහිවලට කලින් කඩලා දාඅපු වැව් බැම්මේ රළපනාව තිබුණ විදිහට සකස් කරන්න..”

පොලොන්නරුව නවනගරය, අක්කර500 ශ්‍රී ගුණරතනාරාමය අසල සිට ගොවි සංවිධාන හා පරාක්‍රම සමුද්‍රය සු‍රැකීමේ සංවිධානයේ  පිරිසක් ද මහා සංඝරත්නය ද මෙසේ විරෝධතා පාගමනින් පැමිණ සංදේශය භාර දී නික්ම ගියහ.

parakrama parakrama

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….