pcr-machine

කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීමේ කළුතර දිස්ත්‍රික් සුව සරණ සෞඛ්‍ය අරමුදල සදහා සතියක් ඇතුලත රුපියල් ලක්ෂ විසිහතක මුදලක් පරිත්‍යාගකරමින් ජනතාව හැකි අයුරින් මිනිස් ජීවිත බේරිගැනීමට උරදෙමින් සිටිති.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ රෝග පරික්ෂාවට විශාල අඩුවක්ව පවතින පී.සී.ආර්. යන්ත්‍රයක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යයතනයට ලබාදිම සදහා ආරම්භකල සුව සරණ සෞඛ්‍ය අරමුදල මේවන විට ලක්ෂ විසිහත ඉක්මවා ඇති අතර අවශ්‍ය කරන රුපියල් ලක්ෂ අසූව සපුරා ගැනිම සදහා දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප පරිත්‍යාග කරනු ඇතැයි බලාපොරොත්තුවන බව එම අරමුදලේ සභාපති මාධ්‍යෙව්දී සිසිර කුමාරද සිල්වා මහතා කීවේය.

මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයින් විශාල පිරිසක් හමුව ඇති අතර පී.සී. ආර්. පරීක්ෂණ වාර්තා රැසක් ලැබීමට ඇතැයි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් කියති. මේ නිසා පී.සී.ආර්. පරීෂණ යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවය හේතුවෙන් හොරණ , කුරුදුවත්ත මහ පන්සල කේන්ද්‍ර කරගන සුව සරණ සෞඛ්‍ය අරමුදල පිහිටුවා තිබේ.

හොරණ තුරුදුවත්ත මහ පන්සලේ විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති,උඩුගෙලමොටේ සිරිවිමල ස්වාමීන්වහන්සේගේ අනසාශකත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් පිරිසකගේ මුලිකත්වයෙන් හොරණ , කුරුදුවත්ත මහ පන්සල කේන්ද්‍ර කරගන මෙම අරමුදල ආරම්භකර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් හතරක සහ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මේ වනවිට කොරෝනා රෝගි ප්‍රථිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ .

නමුත් දිස්ත්‍රික්කයට පී.සී. ආර්. යන්ත්‍රයක් නැති නිසා පරීක්ෂණ ප්‍රමාදවෙමින් තිබේ. මේ පිළිබද අවධානය යොමුකළ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පිරිසක් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකර ජාතික සෞඛ්‍ය ආයතනයේ පී.සී.ආර් යන්ත්‍රයක් ස්ථාපිත කිරිමේ හැකියාව සොයාබැලිමෙන් අනතුරුව මෙම අරමුදල පිහිටුවිමට කටයුතු කර තිබේ.

කළුතර දිස්ත්‍රික් සුව සරණ අරමුදලේ සභාපති මාධ්‍යවේදී සිසිරකුමාර ද සිල්වා මහතා කීවේ ,දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් ලෙස මේ අවශ්‍යතාවය දැඩිලෙස දුටු බවයි.

ඒ අනුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කලා. ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ එම යන්ත්‍රයක් ස්ථාපිත කිරිමට පහසුකම් තිබෙන බව හදුනා ගත්තා. ඒ පිළිබද පරික්ෂා කළා. පි.සී.ආර්. යන්ත්‍රයට පමණක් රුපියල් ලක්ෂ පනස් දෙකක් පමණ වැයවනවා.

නමුත් අනෙකුත් උපකරණ අවශ්‍යතා වෙනුවෙන් තවත් ලක්ෂ තිහක් පමණ වැයවෙතැයි ගණන් බලා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ මෙවැනි යන්ත්‍රයක් ස්ථාපිත කිරිමට අවශ්‍ය පහසුකම් තිබෙන එකම ස්ථානය සෞඛ්‍ය විද්‍යායතනයයි.

මොකද මේ සදහා අවශ්‍ය කාර්ය මණ්ඩල,විශේෂඥ දැනුම තියෙන පිරිස ඉන්නනෙ සෞඛ්‍ය විද්‍යායතනයේ පමණයි. එම පහසුකම සොයාගත්තද රුපියල් ලක්ෂ අසුවක් වැනි මුදලක් සොයා ගැනිම බරපතල අභියෝගයක්. ඒ නිසා අප කල්පනාකලේ දිස්ත්‍රික්කයේ සිටින මැති ඇමතිවරුන්ගේ එක මාසයක දිමනා හෝ මේ සදහා ලබාගැනිමටයි.

ඒ අනුව මුහුණු පොත හරහා මේ කාරණය අප ජනගතකළා. ඉතාම සතුටුයි මුහුණුපොතේ මේ සිද්ධිය පළකරල විනාඩි ගණනක් ඇතුලත කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සම්බන්ධිකරණ කමිටු සභාපති සංජීව එදිරිමාන්න මහතා ඒ සදහා කැමැත්ත පළ කළා.

අනතුරුව පැවිදි අනුසාශක උඩුගලමොටේ සිරිවිමල නාහිමියන් ඇතුළු පිරිස සමග අවස්ථා ගණනාවක් සාකච්ඡා කරල බැංකු ගිණුම් විවෘත්ත කලා . පොරොන්දු පරිදිම සංජිව එදිරිමාන්න මන්ත්‍රිවරයා තම මාසික මන්ත්‍රි දිමනාව වූ රුපියල් පනස් හතර දහස සමග රුපියල් ලක්ෂයක් ලබා දුන්නා.

හොරණ පිපල්ස් බේකස් ආයතනය රුපියල් ලක්ෂ පහක් ඇතුළු දෙස් විදෙස් ව්‍යාපාරිකයින්, සාමාන්‍ය ජනතාව තමන්ට හැකිලෙස මුදල් පරිත්‍යාග කරමින් තිබෙනවා.

මෙම අරමුදලේ පැවිදි අනුසාශක ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති, උඩුගලමොටේ සිරි විමලහිමියන් කටයුතු කරති. ගිහි අනුසාශක ලෙස හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණරත්න මහතා කටයුතු කරන අතර සභාපති ලෙස සිසිර කුමාරද සිල්වා මහතා කටයුතු කරයි. වයි. ලලිත් මහතා ශාණ්ඩාගාරික වන අතර ලේකම් මාධ්‍යවේදී රෝහණ සිරිවර්ධන, ප්‍රචාරක ලේකම් දිලාන් ගුණරත්න මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් මෙම කටයුත්තට මැදිහත්ව සිටිති.

මහජන බැංකුවේ බුලත්සිංහල ශාඛාවේ ගිණුම් අංක 161200190051716 ට දායකත්වය ලබාදි කොරෝනාවට බිලිවන ජිවිත බේරා ගැනිමට දායක විහැකිය.

දුරකථන අංක 071810600 අමතා පුජ්‍ය උඩුගලමොටේ සිරිවිමල හිමියන් ගෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

ඡායාරූප විස්තර – සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts