කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් ගැනිමට සතියක් ඇතුලත ලක්ෂ 27 ක්

pcr-machine

කළුතරට පී.සී.ආර්. යන්ත්‍රයක් මිළදී ගැනීමේ කළුතර දිස්ත්‍රික් සුව සරණ සෞඛ්‍ය අරමුදල සදහා සතියක් ඇතුලත රුපියල් ලක්ෂ විසිහතක මුදලක් පරිත්‍යාගකරමින් ජනතාව හැකි අයුරින් මිනිස් ජීවිත බේරිගැනීමට උරදෙමින් සිටිති.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටින කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගේ රෝග පරික්ෂාවට විශාල අඩුවක්ව පවතින පී.සී.ආර්. යන්ත්‍රයක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යයතනයට ලබාදිම සදහා ආරම්භකල සුව සරණ සෞඛ්‍ය අරමුදල මේවන විට ලක්ෂ විසිහත ඉක්මවා ඇති අතර අවශ්‍ය කරන රුපියල් ලක්ෂ අසූව සපුරා ගැනිම සදහා දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන්ගේ මාසික වැටුප පරිත්‍යාග කරනු ඇතැයි බලාපොරොත්තුවන බව එම අරමුදලේ සභාපති මාධ්‍යෙව්දී සිසිර කුමාරද සිල්වා මහතා කීවේය.

මේ වනවිට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාධිතයින් විශාල පිරිසක් හමුව ඇති අතර පී.සී. ආර්. පරීක්ෂණ වාර්තා රැසක් ලැබීමට ඇතැයි දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් කියති. මේ නිසා පී.සී.ආර්. පරීෂණ යන්ත්‍රයක දැඩි අවශ්‍යතාවය හේතුවෙන් හොරණ , කුරුදුවත්ත මහ පන්සල කේන්ද්‍ර කරගන සුව සරණ සෞඛ්‍ය අරමුදල පිහිටුවා තිබේ.

හොරණ තුරුදුවත්ත මහ පන්සලේ විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති,උඩුගෙලමොටේ සිරිවිමල ස්වාමීන්වහන්සේගේ අනසාශකත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් පිරිසකගේ මුලිකත්වයෙන් හොරණ , කුරුදුවත්ත මහ පන්සල කේන්ද්‍ර කරගන මෙම අරමුදල ආරම්භකර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් හතරක සහ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ මේ වනවිට කොරෝනා රෝගි ප්‍රථිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබේ .

නමුත් දිස්ත්‍රික්කයට පී.සී. ආර්. යන්ත්‍රයක් නැති නිසා පරීක්ෂණ ප්‍රමාදවෙමින් තිබේ. මේ පිළිබද අවධානය යොමුකළ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් පිරිසක් දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡාකර ජාතික සෞඛ්‍ය ආයතනයේ පී.සී.ආර් යන්ත්‍රයක් ස්ථාපිත කිරිමේ හැකියාව සොයාබැලිමෙන් අනතුරුව මෙම අරමුදල පිහිටුවිමට කටයුතු කර තිබේ.

කළුතර දිස්ත්‍රික් සුව සරණ අරමුදලේ සභාපති මාධ්‍යවේදී සිසිරකුමාර ද සිල්වා මහතා කීවේ ,දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් ලෙස මේ අවශ්‍යතාවය දැඩිලෙස දුටු බවයි.

ඒ අනුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය බලධාරින් සමග සාකච්ඡා කලා. ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ එම යන්ත්‍රයක් ස්ථාපිත කිරිමට පහසුකම් තිබෙන බව හදුනා ගත්තා. ඒ පිළිබද පරික්ෂා කළා. පි.සී.ආර්. යන්ත්‍රයට පමණක් රුපියල් ලක්ෂ පනස් දෙකක් පමණ වැයවනවා.

නමුත් අනෙකුත් උපකරණ අවශ්‍යතා වෙනුවෙන් තවත් ලක්ෂ තිහක් පමණ වැයවෙතැයි ගණන් බලා තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ මෙවැනි යන්ත්‍රයක් ස්ථාපිත කිරිමට අවශ්‍ය පහසුකම් තිබෙන එකම ස්ථානය සෞඛ්‍ය විද්‍යායතනයයි.

මොකද මේ සදහා අවශ්‍ය කාර්ය මණ්ඩල,විශේෂඥ දැනුම තියෙන පිරිස ඉන්නනෙ සෞඛ්‍ය විද්‍යායතනයේ පමණයි. එම පහසුකම සොයාගත්තද රුපියල් ලක්ෂ අසුවක් වැනි මුදලක් සොයා ගැනිම බරපතල අභියෝගයක්. ඒ නිසා අප කල්පනාකලේ දිස්ත්‍රික්කයේ සිටින මැති ඇමතිවරුන්ගේ එක මාසයක දිමනා හෝ මේ සදහා ලබාගැනිමටයි.

ඒ අනුව මුහුණු පොත හරහා මේ කාරණය අප ජනගතකළා. ඉතාම සතුටුයි මුහුණුපොතේ මේ සිද්ධිය පළකරල විනාඩි ගණනක් ඇතුලත කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, සම්බන්ධිකරණ කමිටු සභාපති සංජීව එදිරිමාන්න මහතා ඒ සදහා කැමැත්ත පළ කළා.

අනතුරුව පැවිදි අනුසාශක උඩුගලමොටේ සිරිවිමල නාහිමියන් ඇතුළු පිරිස සමග අවස්ථා ගණනාවක් සාකච්ඡා කරල බැංකු ගිණුම් විවෘත්ත කලා . පොරොන්දු පරිදිම සංජිව එදිරිමාන්න මන්ත්‍රිවරයා තම මාසික මන්ත්‍රි දිමනාව වූ රුපියල් පනස් හතර දහස සමග රුපියල් ලක්ෂයක් ලබා දුන්නා.

හොරණ පිපල්ස් බේකස් ආයතනය රුපියල් ලක්ෂ පහක් ඇතුළු දෙස් විදෙස් ව්‍යාපාරිකයින්, සාමාන්‍ය ජනතාව තමන්ට හැකිලෙස මුදල් පරිත්‍යාග කරමින් තිබෙනවා.

මෙම අරමුදලේ පැවිදි අනුසාශක ලෙස විශ්‍රාමික නියෝජ්‍ය පරිවේනාධිපති, උඩුගලමොටේ සිරි විමලහිමියන් කටයුතු කරති. ගිහි අනුසාශක ලෙස හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණරත්න මහතා කටයුතු කරන අතර සභාපති ලෙස සිසිර කුමාරද සිල්වා මහතා කටයුතු කරයි. වයි. ලලිත් මහතා ශාණ්ඩාගාරික වන අතර ලේකම් මාධ්‍යවේදී රෝහණ සිරිවර්ධන, ප්‍රචාරක ලේකම් දිලාන් ගුණරත්න මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදින් මෙම කටයුත්තට මැදිහත්ව සිටිති.

මහජන බැංකුවේ බුලත්සිංහල ශාඛාවේ ගිණුම් අංක 161200190051716 ට දායකත්වය ලබාදි කොරෝනාවට බිලිවන ජිවිත බේරා ගැනිමට දායක විහැකිය.

දුරකථන අංක 071810600 අමතා පුජ්‍ය උඩුගලමොටේ සිරිවිමල හිමියන් ගෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

ඡායාරූප විස්තර – සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….