ජනතාව බලාපොරොත්තු වන්නේ people’s friendly පොලිසියක්

සමාජය පිරිහෙන කොට පොලිසිය පිරිහෙන එක වළක්වන්න බෑ. ඔබ හැම වෙලාවෙම බැඳිලා ඉන්නේ ඉහළ නිලධාරියකු දෙන නීත්‍යනුකූල විධාන පිළිපදින්න පමණයි.

ජනතාව බලාපොරොත්තු වෙන්නේ people’s friendly පොලිසියක් යැයි මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ පොලිස් නිලධාරීන් විසිර යෑමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වෙමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලැබූ ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් 116 සහ පොලිස් කොස්තාපල්වරුන් 1169ක් මෙදින විසිර ගියහ.

කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලය 1948 සැප්තැම්බර් 3 වැනි දින ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා අනුයුක්ත පාසල් 7ක් යටතේ පොලිස් නිලධාරීන් 193,393ක් පුහුණුව ලබා ඇත. පෙරේදා (14) පොලිස් සේවයට එක්වූ නවක පොලිස් නිලධාරීන් අතර උපාධිධාරීන් 20ක්, ඩිප්ලෝමාධාරීන් 87ක්, ඩිප්ලෝමා හදාරන 28ක් සිටිති. අන්තර්ජාතිකව පිළිගත් මොඩියුල 7ක් යටතේ මාස 8ක පුහුණු කාලයකින් පසු පෙරේදා පොලිස් සේවයට එක් වූ ඔවුන් තවත් වසර 2යි මාස 6ක කාලයක් ක්ෂේත්‍ර පුහුණුවකින් පසු ස්ථිර පොලිස් සේවයට එක්වීමට නියමිතය.

මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, පොලිස් පරිපාලන අංශයේ වැඩ බලන ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහත්වරුන් ඇතුළු පොලිස් ප්‍රධානීන් රැසකගේත් විසිර යන ආධුනික පොලිස් නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ගේත් සහභාගිත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අළු විහාරපිටියේදී විසිරයෑමේ උත්සවය පැවැත්විණි.

මේ උත්සවයේදී ඇමැති විජිත හේරත් මහතා මෙසේද සඳහන් කළේය.

ඔබේ ජීවිතය නැවත ආරම්භ කරන දිනය විවිධ දුෂ්කරතාවන් විවිධ පීඩා මැද තමයි ඔබව අද පොලිස් නිලධාරියෙක් බවට පත් කරන්න ඔවුන් ඇප කැප වුණේ. ඔබට අද පැවරී තිබෙන්නේ ඉතාම භාරදූර වගකීමක්. ජනතාව පැත්තෙන් පොලිසියට ඇඟිල්ල දික් කරනවා. පොලිසියේ අඩුපාඩු කියන තත්ත්වයකට පොලිසිය පත්වුණේ පොලිස් නිලධාරීන්ගේ වැරැද්දක් නිසාම නෙවෙයි. කාලයක් පොලිසියේ, අපේ රටේ පැවතුණු වැරදි ආර්ථික, දේශපාලන, සංස්කෘතිය නිසා. ඒ වෙනස් කිරීමේ වගකීම අප කාගේත් උරමත පැවරිලා තිබෙනවා. අපි කාටත් අවශ්‍ය කරන්නේ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරිය කිරීම ඔබේ වගකීමක්. එය ඉටු කිරීමට ධෛර්යයක් ඔබට තිබිය යුතුයි. ඔබ හැම වෙලාවෙම බැඳිලා ඉන්නේ ඉහළ නිලධාරියකු දෙන නීත්‍යනුකූල විධාන පිළිපදින්න පමණයි. මා නැවත අවධාරණය කරනවා ඔබ බැඳී සිටින්නේ ඔබේ ඉහළ නිලධාරීන් ලබා දෙන නීත්‍යනුකූල විධාන පිළිපදින්න පමණයි. නිලධාරියෙක් යම්කිසි නීත්‍යනූකූල නොවන විධානයක් ලබාදෙන්නේ නම් ඔබට ශක්තියක් තිබිය යුතුයි ඔබට ධෛර්යයක් තිබිය යුතුයි එය වැරදි නියෝගයක් බවට පෙන්වාදීමට. ඒකට කිසිසේත් පැකිලෙන්න එපා. එහෙම වුණොත් පමණයි අපට මේ පොලිසිය නීතිගරුක, විනයගරුක පොලිසියක් ලෙස ගොඩනැඟීමට පුළුවන් වෙන්නේ. දේශපාලන අධිකාරිය විදියට අපිට අවශ්‍ය සියලු මැදිහත්වීම් පහසුකම් අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන ලබාදීමට සූදානම්. ඔබට බය නැතිව ඔබේ හෘද සාක්ෂියට එකඟව ඔබට රාජකාරිය කරන්න. අලුත් දේශපාලන ක්‍රමය ඇතුළේ මන්ත්‍රීවරයෙක්, ඇමැතිවරයෙක්, ජනාධිපතිවරයෙක් ඔබට අනීතික නියෝග දෙන්නේ නෑ. අනීතික දේවල් කරන්න බලපෑම් කරන්නේ නෑ. ඒ නිසා ඔබටත් වගකීමක් තිබෙනවා එවැනි තත්ත්වයක් තුළ නිවැරදිව රාජකාරිය කරන්න. ජනතාව බලාපොරොත්තු වෙන්නේ මිත්‍රශීලී පොලිසියක්.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….