රැඳවියන්ගේ ආත්ම ගරුත්වය පහලට ඇද දැමු උච්චතම අවස්ථාව මහර සිදු වුනේ

රැඳවියන්ට  සිර කඳවුරු වලදි මෙන්ම, පිටතදි, අධිකරණයේදි විවිධ තාඩන පීඩන වලට මුහුණ දිමට සිදු වෙන බවත් ඔවුන්ගේ ආත්ම ගරුත්වය පහළට ඇද දමන අතර ඒහි උච්ඡතම අවස්ථාව ඒදා මහර බන්ධනාගාරයෙන් දකින්නට ලැබුණු බවද ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලාංකික ඒකතුමුතව විසින් කොළඹ ජානක හෝටලයේ  පවත්වන ලද සංවාද මණ්ඩපයේදිය.

නීති විරෝධි ඝාතන සම්බන්ධව රජයේ සහ අපේ වගකීම යන මැයෙන් මෙවර මානව හිමිකම් දිනය සැමරු අතර මෙහි සියලු කටයුතු සුම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිදු කෙරුණි.

මෙහිදි තවදුරටත් කථා කරමින් ඔහු පැවසුයේ අද අපට ජාත්‍යන්තර මානවහිමිකම් දිනය සැමරිමට සිදුව තිබෙන්නේ ඉතා අමිහිරි මතයකන් සමඟ බවත් ඒ් මහර බන්ධනාගාරයේ සිදු වු සිද්ධිය නිසා බවය.

මේ රැඳවියන් අතර වර්ග තුනක් සිටින අතර  ඒ් මොන වැරැද්ද කළත්, කිසිවෙකුට අත තැබිමටවත් නොහැකි මෙන්ම කිසිදා බන්ධනාගර ගත නොවන අය හා  තවත් පිරිසක් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත කිරිමට ආසන්නව තිබියදි අසනිප වන අතර තුන්වන පාර්ශවය වන්නේ අත්අඩංගුවට පත්ව දුක් විදින පුද්ගලයින් බවද ඔහු පෙන්වා දෙයි.

මෙරට සිරකරුවන්ට සලකන විශාල වෙනසක් ඇති බවත් ඒදෙස ජනතාව බලන්නේද බොහෝම ඇල්මැරුණු ස්භාවයෙන් බවද ඒය බොහෝම සාමාන්‍ය දෙයක් බවට පිලිඅරන් ඇතැයිද මෙය බහුතරයකගේ වැඩවසම් මානසිකත්වය බවද ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි.

අද සිර කදවුරු වල, රිමාන්ඩ් බන්ධනාගාර වල රැඳවිය හැකි පිරිසට වඩා තුන් ගුණයක් ගාල් කර ඇති අතර ඒය හරියට සත්තු කොටුකර සිටිනා ලෙසට බැවින් ඒය ගාල් කිරිමක් වන බවත් ඔවුන්ට ලැබෙන්නේ ආහාර, සෞඛ්‍ය ආදිය සම්බන්ධව අවම පහසුකම් බවත් ඔහු කියයි.

රැඳවියන්ව ගාල් කර තැබිමෙන් කොරෝනා වැනි වසංගයක් පැතිර යන අවස්ථාවක ඔවුන්ට ජිවිත බයක්  ඇති වෙන නමුත්  මේ රජය ඉතාම නොසැලිකිමත් ආකාරයෙන් ඔවුන්ට හිමි ජිවත් විමේ අයිතිය අහිමි කර දැමිමේ තත්ත්වයක් උදා වි ඇතැයිද පෙන්වා දෙයි.

ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස අප  බන්ධනාගාරයක්, රැඳවුම් කඳවුරක් තුලින් බලාපොරොත්තු වන්නේ යම් වැරරද්දක් කර අච්චු  ලැබු අයෙකු නම් ඔහුට යම් කාලයක් දඬුවමක් ලබා පුනරුත්ථාපනය විමට අවස්ථාවක් ලබා දෙන අතර නමුත් ඒය අද බන්ධනාගාර  පද්ධතිය තුලින් සිදු නොවන අතර මේ සිර කදවුරු වලින් කණ්ඩායම් සෑදි ඒළියට පැමිණ නැවත අපරාධයක් සිදු කර බන්ධනාගාර ගත වන බවත් මෑතකදි සිදු කළ පර්යේෂණයකින්ද අනාවරණය වි ඇත්තේ ලංකාවේ  වරදක් සිදු කර බන්ධනාගාර ගත වෙන පුද්ගලයෙකු නැවත වතාවක් බන්ධනාගාර ගත විමේ ප්‍රවණතාව වැඩි බවද හෙතෙම කියා සිටියි.

ඒමෙන්ම සිර කඳවුරු බොහෝමයක සිටින්නේ දඬුවම් විඳින අය නොවන අතර ඔවුන් සැකකරුවන් බවත් ඔවුන් නිර්දෝෂිභාවය පුර්ව නිගමනය හිමි අය වන අතර ඔවුන්ව අධිකරණයකින් වැරදිකරුවෙකු කරන තුරු නිවැරදිය.

ඔවුන්ව බන්ධනාගාර ගත කරන්නේ පරික්ෂණයක් අවසන් කර අධිකරණ කටයුත්තක් සාක්ෂාත් කර ගැනිමට  ගැනිමට බවත් ඒසේම ඇපකරුවන් නොමැතිව, ඇප මුදල් ගෙවා ගත නොහැකිව ඒළියට පැමිණිමට නොහැකි අය විශාල පිරිසක් සිටිනවා යැයිද විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි.

මෙම උත්සවයේ ආරධිතයින් ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිනි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ළමා හිංසනයට තිත තබමු පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක, ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නිතිඥ බැසිල් ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක, සන්ධ්‍යා ඒක්නැලිගොඩ  යන මහත්ම මහත්මින් දේශන සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වු අතර මෙම වැඩසටහන මෙහෙයවිම නිතිඥ දුලාන් දසනායක මහතා විසින් සිදු කරන ලදි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….