රැඳවියන්ට  සිර කඳවුරු වලදි මෙන්ම, පිටතදි, අධිකරණයේදි විවිධ තාඩන පීඩන වලට මුහුණ දිමට සිදු වෙන බවත් ඔවුන්ගේ ආත්ම ගරුත්වය පහළට ඇද දමන අතර ඒහි උච්ඡතම අවස්ථාව ඒදා මහර බන්ධනාගාරයෙන් දකින්නට ලැබුණු බවද ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට ඒරෙහි ශ්‍රි ලාංකික ඒකතුමුතව විසින් කොළඹ ජානක හෝටලයේ  පවත්වන ලද සංවාද මණ්ඩපයේදිය.

නීති විරෝධි ඝාතන සම්බන්ධව රජයේ සහ අපේ වගකීම යන මැයෙන් මෙවර මානව හිමිකම් දිනය සැමරු අතර මෙහි සියලු කටයුතු සුම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිදු කෙරුණි.

මෙහිදි තවදුරටත් කථා කරමින් ඔහු පැවසුයේ අද අපට ජාත්‍යන්තර මානවහිමිකම් දිනය සැමරිමට සිදුව තිබෙන්නේ ඉතා අමිහිරි මතයකන් සමඟ බවත් ඒ් මහර බන්ධනාගාරයේ සිදු වු සිද්ධිය නිසා බවය.

මේ රැඳවියන් අතර වර්ග තුනක් සිටින අතර  ඒ් මොන වැරැද්ද කළත්, කිසිවෙකුට අත තැබිමටවත් නොහැකි මෙන්ම කිසිදා බන්ධනාගර ගත නොවන අය හා  තවත් පිරිසක් අත්අඩංගුවට පත්ව බන්ධනාගාර ගත කිරිමට ආසන්නව තිබියදි අසනිප වන අතර තුන්වන පාර්ශවය වන්නේ අත්අඩංගුවට පත්ව දුක් විදින පුද්ගලයින් බවද ඔහු පෙන්වා දෙයි.

මෙරට සිරකරුවන්ට සලකන විශාල වෙනසක් ඇති බවත් ඒදෙස ජනතාව බලන්නේද බොහෝම ඇල්මැරුණු ස්භාවයෙන් බවද ඒය බොහෝම සාමාන්‍ය දෙයක් බවට පිලිඅරන් ඇතැයිද මෙය බහුතරයකගේ වැඩවසම් මානසිකත්වය බවද ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි.

අද සිර කදවුරු වල, රිමාන්ඩ් බන්ධනාගාර වල රැඳවිය හැකි පිරිසට වඩා තුන් ගුණයක් ගාල් කර ඇති අතර ඒය හරියට සත්තු කොටුකර සිටිනා ලෙසට බැවින් ඒය ගාල් කිරිමක් වන බවත් ඔවුන්ට ලැබෙන්නේ ආහාර, සෞඛ්‍ය ආදිය සම්බන්ධව අවම පහසුකම් බවත් ඔහු කියයි.

රැඳවියන්ව ගාල් කර තැබිමෙන් කොරෝනා වැනි වසංගයක් පැතිර යන අවස්ථාවක ඔවුන්ට ජිවිත බයක්  ඇති වෙන නමුත්  මේ රජය ඉතාම නොසැලිකිමත් ආකාරයෙන් ඔවුන්ට හිමි ජිවත් විමේ අයිතිය අහිමි කර දැමිමේ තත්ත්වයක් උදා වි ඇතැයිද පෙන්වා දෙයි.

ශිෂ්ඨ සම්පන්න සමාජයක් ලෙස අප  බන්ධනාගාරයක්, රැඳවුම් කඳවුරක් තුලින් බලාපොරොත්තු වන්නේ යම් වැරරද්දක් කර අච්චු  ලැබු අයෙකු නම් ඔහුට යම් කාලයක් දඬුවමක් ලබා පුනරුත්ථාපනය විමට අවස්ථාවක් ලබා දෙන අතර නමුත් ඒය අද බන්ධනාගාර  පද්ධතිය තුලින් සිදු නොවන අතර මේ සිර කදවුරු වලින් කණ්ඩායම් සෑදි ඒළියට පැමිණ නැවත අපරාධයක් සිදු කර බන්ධනාගාර ගත වන බවත් මෑතකදි සිදු කළ පර්යේෂණයකින්ද අනාවරණය වි ඇත්තේ ලංකාවේ  වරදක් සිදු කර බන්ධනාගාර ගත වෙන පුද්ගලයෙකු නැවත වතාවක් බන්ධනාගාර ගත විමේ ප්‍රවණතාව වැඩි බවද හෙතෙම කියා සිටියි.

ඒමෙන්ම සිර කඳවුරු බොහෝමයක සිටින්නේ දඬුවම් විඳින අය නොවන අතර ඔවුන් සැකකරුවන් බවත් ඔවුන් නිර්දෝෂිභාවය පුර්ව නිගමනය හිමි අය වන අතර ඔවුන්ව අධිකරණයකින් වැරදිකරුවෙකු කරන තුරු නිවැරදිය.

ඔවුන්ව බන්ධනාගාර ගත කරන්නේ පරික්ෂණයක් අවසන් කර අධිකරණ කටයුත්තක් සාක්ෂාත් කර ගැනිමට  ගැනිමට බවත් ඒසේම ඇපකරුවන් නොමැතිව, ඇප මුදල් ගෙවා ගත නොහැකිව ඒළියට පැමිණිමට නොහැකි අය විශාල පිරිසක් සිටිනවා යැයිද විසාකේස චන්ද්‍රසේකරම් මහතා පවසයි.

මෙම උත්සවයේ ආරධිතයින් ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිනි ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු, ළමා හිංසනයට තිත තබමු පදනමේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක, ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නිතිඥ බැසිල් ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක, සන්ධ්‍යා ඒක්නැලිගොඩ  යන මහත්ම මහත්මින් දේශන සඳහා අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වු අතර මෙම වැඩසටහන මෙහෙයවිම නිතිඥ දුලාන් දසනායක මහතා විසින් සිදු කරන ලදි.

Similar Posts