SRI LANKA-POLITICS-VOTE

ආර්ථිකය ඇතුළු රටේ තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විශේෂ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 8 වෙනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

විවාදය සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලබන්නේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසිනි.

විවාදය එදින උදේ 10:30 සිට සවස 5.00 දක්වා පැවැත්වෙනු ඇත.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කිරීමේ වාරය එදින පෙරවරු 9.00 සිට පෙරවරු 10:30 දක්වා පැවැත්වෙන බව පාලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Similar Posts