Stop Cyber bullying

සමාජ මාධ්‍ය තුළ bullying(Social media bullying) cyberbullying ලෝකය පුරා සාකච්ඡාවට ගැනෙන එක් සුවිශේෂී කලාපයකි. එහිදී එම අශිෂ්ට තත්ත්වයන්ට විසදුම් සොයමින් ඔන්ලයින් අවකාශය තුළ මිනිසුන් හිරිහැරයට, අපයෝජනයට පත්වීම වැළැක්විම සදහා ක්‍රියාකාරීත්වයන් බොහෝ රටවල දියත්වෙමින් තිබේ.(නමුත් ලංකාව තුළ එවැනි උත්සහයන් ඇත්තේ ඉතාමත් සුලු වශයෙන් වීම ඛේදවාචකයකි) එසේම අන්තර්ජාල භාවිතා කරන්නන්ගෙන් 60% ක් අන්තර්ජාලය හරහා හිරිහැර කිරීම්, අපයෝජනයන්වලට නිරාවරණය වී ඇතැයි සමහර වාර්තා පෙන්වා දෙයි. පුද්ගලයන්ට හිරිහැර කිරීමට, බිය ගැන්වීමට හෝ හානි කිරීමට Facebook, Instagram, Twitter, WhatsApp, Tiktok වැනි ඩිජිටල් වේදිකා භාවිතා කිරීම සිදුකරනු ලබයි. කටකතා පතුරුවා හැරීම, සිත් රිදවන පණිවිඩ යැවීම, අපහසුතාවයට පත්වන අන්තර්ගතයන් පළ කිරීම හෝ හිතාමතාම යමෙකු බැහැර කිරීම ඇතුළු බොහෝ ආකාර මෙහිදී දැකගත හැකිය. කාන්තාවන් සහ සංක්‍රාන්ති ලිංගික සාමාජභාවී පුරවැසියන්(LGBTQIA+) විශේෂයෙන් මෙහි ඉල්ලක බවට පත්වී ගොදුරු බවට පත්වෙයි. වින්දිතභාවයට පත්වෙයි. ශ්‍රී ලංකාව තුළ ද එවැනි ප්‍රවණතාවයන් පසුගිය කාලයේදී නිරීක්ෂනය වූ අතර Facebook සහ Tiktok සමාජ මාධ්‍ය එවැනි Bullying කිරීම සදහා භාවිතා කල එක් ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකාවන් වන අතර එහි දී ද කාන්තාවන් ඇතුලු සමාජභාවී පුරවැසියන් මෙහි ඉල්ලක්ක බවට පත්විය.

සයිබර් හිරිහැර කිරීම තවත් ලෙසකින් අර්ථදැක්වීමක් සිදුකළහොත්, ජංගම දුරකථන, පරිගණක සහ ටැබ්ලට් වැනි ඩිජිටල් උපාංග හරහා අන්තර්ජාලය තුළ(විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකාවන්) සිදුවන හිරිහැරයකි. සයිබර් හිරිහැර කිරීම SMS, Text, and Apps හරහා හෝ සමාජ මාධ්‍ය, සමාජ මාධ්‍ය එකතූන්, හෝ පුද්ගලයන්ට අන්තර්ගතය නැරඹීමට, සහභාගී වීමට හෝ බෙදා ගැනීමට හැකි ක්‍රීඩා(gaming) තුළ ඔන්යින් අවකාශයේදී සිදු විය හැක. වෙනත් කෙනෙකු පිළිබඳ සෘණාත්මක, හානිකර, අසත්‍ය,(Sharing Negative, Harmful, False) හෝ පහත් අන්තර්ගතය යැවීම, පළ කිරීම හෝ බෙදාගැනීම ඇතුළත් වේ. අපහසුතාවයට හෝ නින්දාවට පත් කරන වෙනත් කෙනෙකු පිළිබඳ පෞද්ගලික තොරතුරු(Personal or Private information) බෙදා ගැනීම ද සයිබර් හිරිහැරයට ඇතුළත් විය හැකිය. සමහර සයිබර් හිරිහැර කිරීම් නීති විරෝධී හෝ සාපරාධී හැසිරීම් වල සීමාව ද ඉක්මවා යා හැකිය.(stopbullying.gov)

Social Media Bullying/Cyberbullying කලාප කිහිපයක්

# හිරිහැර කිරීම(Harassment:): නැවත නැවතත් අහිතකර පණිවිඩ හෝ තර්ජනය කිරීම් ඇතුලත් අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කිරීම

# අපහාස කිරීම(Defamation:): අසත්‍ය හෝ හානිදායක කටකතා පතුරුවා හැරීම.

# පුද්ගලාරෝපණය(Impersonation): තම කීර්ති නාමයට හානි කිරීමට “කෙනෙකු” ලෙස පෙනී සිටීම.

# බැහැර කිරීම(Exclusion): පොදු කණ්ඩායම් සාකච්ඡා/කතාබහ, සිදුවීම්/ක්‍රියාකාරකම්(අන්තර්ජාලය තුළ) හෝ සාකච්ඡාවලින් හිතාමතාම යමෙකු ඉවත් කිරීම.

# ට්‍රොල් කිරීම(Trolling): කුපිත කිරීමට හෝ කලබල කිරීමට ප්‍රකෝපකාරී අදහස් පළ කිරීම/අන්තර්ගතයන් නිර්මාණය-නිශ්පාදනය කර පළ කිරීම.

# ඩොක්සිං (Doxxing): කිසිදු ආකාරයක කැමැත්තකින්/අවසරයකින් හෝ තොරව කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු බෙදා ගැනීම/ බෙදාහැරීම

බලපෑම(Effects of Social Media Bullying)

# මානසික සෞඛ්‍යය(Mental Health): කාංසාව, මානසික අවපීඩනය, ආතතිය, හෝ ජීවිතය පිළිබද හානිදායක සිතුවිලි ජනය වීම

# සමාජ හුදකලාව(Isolation): හිරිහැරයට පත්වන අන්තර්ගතයන් එකතුකරන ඩිජිටල් වේදිකාවලින් ඉවත්වීම හෝ සැබෑ ජීවිතයේ(real-life) ක්‍රියාකාරකම් අවම වීම හෝ ඒවා වලින් ඉවත් වීම.

# ආත්ම අභිමානය පිළිබඳ ගැටළු(Self-esteem Issues): අනාරක්ෂිත හෝ ප්‍රමාණවත් නොවන හැඟීම් මතුවීම

# කායික රෝග ලක්ෂණ(Physical Symptoms): නින්දට බාධා ඇතිවීම, හිසරදය, හෝ ආහාර රුචිය නැති වීම වැනි ශාරීරක තත්ත්වයන් මතු විය හැකි බව ඒ පිළිබදව පර්යේෂකයන් පෙන්වා දෙයි.

හසුරුවන්නේ/පාලනය කරන්නේ කෙසේද? (How to Handle Social Media Bullying)

  1. නිරත/සක්‍රීය(අදාළ වේදිකාවන්වල) නොවන්න(Don’t Engage): තත්ත්වය උත්සන්න කළ හැකි බැවින් හිරිහැර කරන්නන්ට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න.
  2. ලේඛන සාක්ෂි(Document Evidence): Screenshot ගන්න හෝ සාක්ෂි ලෙස අදාළ පණිවිඩ ඇතුලු අන්තර්ගතයන්

    සුරක්ෂිතව තබා ගන්න.

  3. වාර්තා කිරීම සහ අවහිර කිරීම(Report and Block): බොහෝ වේදිකාවලට අපවාදාත්මක පරිශීලකයින්(abusive users.) අවහිර කිරීමට සහ වාර්තා කිරීමට ක්‍රමවේදයන් සකසා ඇත. ඒ පිළිබද කියවන්න.
  4. Adjust Privacy Settings: ඔබගේ අන්තර්ගතයන් දැකීමට සහ අන්තර්ක්‍රියා කිරීමට හැකි අය සීමා කරන්න.
  5. සහාය සොයන්න(Seek Support) විශ්වාසවන්ත මිතුරන්, පවුලේ අය හෝ උපදේශකයන් සමඟ කතා කරන්න.
  6. නීතිමය ක්‍රියාමාර්ග: නීතිමය කටයුතු සිදුකිරීම(මේ පිළිබදවත් නැවත නැවතත් සාකච්ඡා කරන්න. උපදෙස් ලබා ගන්න – විශේෂයෙන් ශ්‍රී ලංකාවේදී)

වළක්වා ගන්නේ කෙසේද?(How to Prevent Social Media/Cyber Bullying)

  1. ඔබ සහ අන් අයව දැනුවත් කරන්න(Educate Yourself and Others): අවදානම් අවබෝධ කර ගැනීම සහ අන්තර්ජාලය තුළ ආචාරධාර්මික/ සමාජ වගකීමක් සහිතව හැසිරීම් පිළිබඳව ඉගෙනගැනීම්, ඉගැන්වීම සහ ඒ සදහා හිංසනයට එරෙහිව සමාජ ක්‍රියාකාරීත්වයන් ශක්තිමත් කිරීම, මැදිහත්වීම,
  2. Be Kind Online: සිත් රිදවන අදහස් ඇතුලු අන්තර්ගතයන් හෝ හානිකර අන්තර්ගතයන්(විශේෂයෙන් පුද්ගලිකත්වය ඇතුලු කෙනෙක්ගේ අයිතිවාසිකම්වලට බලපාන) බෙදා ගැනීමෙන් හෝ පළ කිරීමෙන් වළකින්න.
  3. ඔබ පළ කිරීමට පෙර සිතන්න(Think Before You Post): ඔබේ වචන ඇතුලු පළකරන සියලු අන්තර්ගතයන්ගේ අඩංගු සියලු දේවල් අන් අයට බලපාන්නේ කෙසේදැයි සලකා බලන්න. නැවත නැවත සලකා බලන්න.
  4. වින්දිතයන්ට සහය වන්න(Support Victims): හිරිහැරයට ලක්වන අය වෙනුවෙන් පෙනී සිටින්න සහ එවැනි සිදුවීම් වාර්තා කරන්න. Social Media Bullying වලට විරුද්ධව සිය සමාජ මාධ්‍ය තුළ අන්තර්ගතයන් එකතුකරන්න. එකතු කිරීමට සහය වන්න. Social Media Bullying විරුද්ධ සමාජ ව්‍යාපාර, පුද්ගලයින්, කණ්ඩායම් සමග එකතු වන්න. වැඩකරන්න.

Stop Cyber bullying

මෙය මතුපිටින් නොපෙනෙනුත් ඉතාමත් හිංසනීය තත්ත්වයකි. අවිචාරවත්, අශිෂ්ට තත්ත්වයකි. එය වෙනස් කිරීම අත්‍යවශ්‍ය ය. එබැවින් අප ගොඩනැගිය යුත්තේත්, අවශ්‍ය කරන්නේත්, අන්තර්ජාලය තුළ, මානව හිමිකම් මත පදනම් වූ මෙන්ම මානව හිමිකම් පිළිබද සංවේදී පුරවැසියන් සහිත සමාජයකි. ඩිජිටල් අයිතිවාසිකම් ප්‍රවර්දනය කරන ආණ්ඩුකරන ක්‍රියාවලියක් මෙන්ම ඒ සම්බන්ධයෙන් සංවේදී සමාජයකි. එවැනි සමාජයක් උදෙසා පෙනී සිටීමත් ගොඩනැගීමත්, ගොඩනැගීමට සහය වීමත් මේ මොහොතේ ලාංකීය පුරවැසියන්ගේ ප්‍රමුඛ කාර්යයක් විය යුතුය. එසේම මානව හිමිකම් මත පදනම් වූ රාමුවක් භාවිතා කරමින් සමාජ මාධ්‍යවල වගකීම් සහගත, ආචාරධාර්මික සහ ප්‍රජාතන්ත්‍රවාදී විටිනාකම් ප්‍රවර්දනය කරමින් හැසිරීම තම ජීවිතයටත් සමාජයටත් ඇති වැදගත්කම අවබෝධ කරගත් පුරවැසියන්ය.

එබැවින් නීතියකට වඩා, අන්තර්ජාලය තුළ ඉහතින් සාකච්ඡා කළ වටිනාකම් ප්‍රවර්ධනය කිරීමත්, විශේෂයෙන් ආචාරධාර්මිකව හැසිරීම පිළිබද අවශ්‍යතාවය ඉස්මතු කිරීමත් අතිශයින්ම වැදගත් වනු ඇත. එම කලාපය අමතක කර ඩිජිටල් ආර්ථිකයක් සකස් කිරීමෙන් සාර්ව ප්‍රතිඵල අත්කරගත නොහැකි බවත් අප අවබෝධ කරගැනීමත් ඉතාමත් වැදගත් වනු ඇත.

කෙසේ නමුත් ඉහතින් දක්වන ලද ආචාරධාර්මික අදහස් මූලික කර ගනිමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුලු සංවිධාන 19ක් එක්ව, 2019 දී සකස්කළ සමාජ මාධ්‍ය ප්‍රකාශනය එළිදැක්වූ අතර, එහි 2වන සංස්කරණය 2024 වසරේ ජූලියේදී එළිදැක්වීය. එම සමාජ මාධ්‍ය ප්‍රකාශනයේ “ආචාරධර්ම” කොටසේ මෙසේ දක්වෙයි. (බලන්න)

Generative AI සම්බන්ධයෙන් මේ වන විට ඇති වී අති අතිතියුණු සහ සීග්‍ර වර්ධනයන් හමුවේ මෙම අගතිගාමී තත්ත්වයන් තවත් වර්ධනය විය හැකිය. ඒ පිළිබදව අප සවිඥානිකත්වයෙන් පසු විය යුතුයි.

aithiya

More Stories