පොසොන් සතිය තුල සුරාසැල් විවෘත කිරීම දැඩි අප්‍රසාදයට ලක්වෙයි

winestores

සංචරන සීමා ලිහිල්වීමේ දිනය සමග පොසොන් සතිය ආරම්භවි තිබියදි අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් විවෘත කිරීමට කටයුතු කළ අනුරාධපුර මහ දිසාපතිවරයා හා පොසොන් කමිටුවේ සභාපතිවරයා වන ආර්.එම් වන්නිනායක මහතාට සිය දැඩි අප්‍රසාදය පලකරනා බව මිහින්තලා රජමහා විහාරාධිපති හා භාරකාර පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාන්න ඊයේ (21) සංවේගයෙන් යුතුව පැවසූහ.

මසකට ආසන්න කාලයක් පැවති සංචරන සීමා ලිහිල් කිරිමත් සමගම අනුරාධපුර නගරයේ පිහිටි බලපත්‍ර කොන්දේවලට අදාල සියළුම සුරාසැල් 21දා විවෘතකර තිබූ අතර මත්පැන් මිලදි ගැනීම විශාල පිරිසක් මත්පැන් අලවිකිරිමේ ස්ථාන වලට පැමිණ සිටියහ.

සෑම වසරකම පොසොන් උත්සව පැවත්වෙන සතිය පුරා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළුම සුරාසැල් හා මස් කඩ තාවකාලිකව වසාදමනා අතර මෙවර ඊයේ (21දා) දිනයේ සුරාසැල් විවෘත කර තිබුණි.

මහින්දාගමනය සිහිපත් කරන පොසොන් පිංකම සමයේ සුරාසැල් විවෘත කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් සිය අප්‍රසාධය තදින් දක්වන බවත් ඊට දිසාපතිවරයා මෙන්ම පොසොන් කමිටු සභාපතිවරයා වගකිව යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති නාහිමියන් පැවසූහ.

ඒ සම්බන්ධයෙන් අනුශාෂනාවක් කළ නාහිමිපානන්.ඊයේ (21දා) දිනයේ සංචරන සීමා ඉවත් කරනවාත් සමගම අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුරාසැල් සියල්ල ඇරලා කියලා දැනගන්න ලැබුණා.

හරිම සංවේගයක් දැනුණා මොකද ජනතාව සහභාගි නොවුනට මේ පිංකම් පසුගිය වසර තුනේම පැවත්වුණා.රාජ්‍ය පොසොන් උත්සවය කියන්නේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්වුණු දිනයක්.

ජනාධිපතිතුමා අගමැතිතුමා මේ උත්සවයට සහභාගිවෙනවා.කොවිඩ් නිසා සංචරන සීමා දැම්මා සුරාසැල් වහලා තිබ්බා කියලා ඒවා පොසොන් සතිය ප්‍රශ්නයක් නෑ අරින්න ඕන කියන මතයේ ඉදන් කටයුතු කරපු බෞද්ධයෙකු වන අනුරාධපුර මහ දිසාපතිවරයා සම්බන්ධයෙන් මට තියෙන්නේ හරිම අප්‍රසාදයක්.

සම්බුද්ධ ශාෂනයේ මූලස්ථානයේ පිහිටි දිස්ත්‍රික්කයෙන් මේ පූර්වාදර්ශය රටට ගියාම ඉදිරියේදි පොසොන් සතියට මස් කඩ සුරාසැල් සියල්ල විවෘත වෙයි.පළාතේ පාලකයෝ මේ ආකාරයට අබෞද්ධයන් සේ කටයුතු කිරීම පිළිබදව ඇත්තේ හරිම කණගාටුවක් බව නාහිමිපානන් පැවසූහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ දිසාපති පොසොන් කමිටුවේ සභාපති නීතිඥ ආර්.එම් වන්නිනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඒ මහතා මෙසේ පැවසුවේය.මෙවර පොසොන් සතියක් නෑ.

පොසොන් සතියක් පැවත්වුවා නම් මේ කරපු දේ වැරදියි.පොසොන් කමිටුවේ සභාපතිවරයා හැටියට කිසිම පිංකමක් සංවිධානය කරලා නෑ ජනතාවට.කිසිම පුද්ගලයෙකුගේ සහභාගිත්වයක් නැතුව තමයි මෙවර පොසොන් චාරිත්‍ර සිදුවෙන්නේ.සුරාසැල් විවෘත කිරීම වැරදි නැහැ යැයි ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….