දෛනිකව ප්‍රමාද වී ධාවනය වන දුම්රිය ගමන්වාර ප්‍රතිශතය ඉහළට

දෛනික දුම්රිය ගමන්වාර වලින් 17%ක් විනාඩි 10කට වඩා ප්‍රමාද වී ධාවනය වන බව ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ප්‍රමාදය වළක්වා විධිමත් කාලසටහනකට අනුව දුම්රිය ධාවනය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර තිබෙන බවයි.

දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි.

ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ ඒ තුළින් දුම්රිය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකියාව පවතින බවය.

“මොකක් හරි කියන්න කලින් ඉලෙක්ට්‍රික් දුම්රිය ගේන්න කලින් ලංකාවේ දුම්රිය වාර කැන්සල් වෙන එක නවත්වන්න ඕනේ. දෛනිකව දුම්රිය වාර 217ක් 220ක් වගේ යනවා. පහුගිය කාළේ එකෙන් 17ක් 18ක් 20ක් වගේ කැන්සල් වුණා. අපි පුළුවන් තරම් බලන්න ඕනේ කැන්සල් වෙන එක නතර කරන්න. එකට කරන්න ඕනේ දුම්රිය එන්ජිම් ටික ධාවන මට්ටමේ තියා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් දෛනික ධාවනයට ලංකාවට ඕනේ වෙනවා දුම්රිය එන්ජින් 60ක් 70ක් විතර. නමුත් පසුගිය කාලේ 45ක් 50ක් විතර සැපයුම තිබුණේ. අපි බලනවා මේක වැඩි කරන්න. ඒක සාර්ථක වෙමින් පවතිනවා. පෙබරවාරි මාසේ අන්තිම වෙනකොට දෛනික ධාවනය සඳහා යොදන එන්ජින් ප්‍රමාණය 60කට වඩා වැඩි ප්‍රමාණයක් තියාගන්න. ඒ වගේම දවකට කැන්සල් වෙන ප්‍රමාණය අඩු කරන්න. ලංකාවේ ධාවනය වෙන දුම්රිය වලින් 52%ක් විතර දෛනිකව ධාවනය වෙනවා. 17%ක් විනාඩි 10කට වඩා පරක්කු වෙලා යන්නේ. 10%ක් පැය භාගයකට වඩා පරක්කු වෙලා යන්නේ. මේ සේවයේ ගුණාත්මකභාවය වැඩි කරන්න නම් අපි දුම්රිය නියමිත වෙලාවට යන්න ඕනේ. ඒ සඳහාත් අපි අවධානය යොමු කරලා තියෙන්නේ.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….