රටේ ප්‍රගමනය උදෙසා ගුණාත්මක මානව සම්පත් බිහි නොවීමට හේතුව මෙන්න

dailyreporter

රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි වූ අධ්‍යාපනයක් අවශ්‍ය බව අප රට පාලකයින් අවබෝධකර නොගත්තා ද එසේත් නොමැති නම් නොදන්නාසේ සිටිනවා දැයි නොදනී.
කෙසේ වෙතත් රටක් දියුණුව කරා ගමන් කිරීමට නම් ගුණාත්මක මානව සම්පත් බිහිවිය යුතුයි. එය සිදුවන්නේ අධ්‍යාපනයෙනි. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන්නා වාගේ ලෝකය ඉරට යමින් සිටියදී අපි තාම කටපාඩම් කළ ගිරවු මෙන් රටටත් අපටත් කිසිම ප්‍රයෝජනයකට නැති විභාගයකට පිළිතුරු සපයමින් “A ” සාමාර්ථ එකතු කරමින් සීටීම මහත් අභාග්‍ය සම්පන්න සිදුවීමකි.
නුසුදුස්සන් සුදුස්සන් වන මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතු කාලය දැන් ඉක්ම ගොස් බොහෝ කල් ය. නමුත් සමාජවාදී හම පොරවා ගත් ලිබරල්වාදී පාලකයින්ට උගතුන්, බුද්ධිමතුන් පරම හතුරන් ය.රටක් දියුණුව කරා ගෙනයාම කෙසේ වෙතත්, රටක් පාලනය කල හැක්කේ නූගතුන් සිටින තරමටම බව ඔවුන් හොදින් දනී . ගුණාත්මකවූත් ,නිවැරදිවූත් අධ්‍යාපන ප්‍රතිපත්තියක් අප රටේ සකස් නොවන්නේ ඒ නිසාය.
හොඳ සමාජයක් බිහි කිරීමට නම් අපේ අවධානය මුලින්ම යොමු විය යුත්තේ මුල් ළමාවියට යි. අද අප රටේ මුල් ළමාවිය ස‍වර්ධන මධ්‍යස්ථාන බස් නැවතුම් පොලේත් අවශ්‍ය නම් පවත්වාගෙන යාහැකි තරමටම වල් වැදී ඇත. එයට කිසිම ප්‍රමිතියක් නියාමනයක් හෝ වගකීමක් නොමැත. අවශ්‍ය වන්නේ දෙමාපියන්ගේ ඉල්ලුම පමණි.ඔවුන් ගේ ඉල්ලුම වන්නේ හැකි තරම් ඉංග්‍රීසි කතා කිරීම හා අකුරු ඉගැන්වීම ය.
අද ලෝකය ගමන් කරන වේගය අනුව ඉංග්‍රීසි අත්‍යාවාශ්‍ය බව අප කවුරුත් තර්කයකින් තොරව පිළිගන්නා කරුණකි. නමුත් ඉංග්‍රීසි හෝඩියේ අකුරු 26 කටපාඩම් කිරීමට වඩා එදිනෙදා අවශ්‍ය වන සරල ඉංග්‍රීසි කතා කිරීමට හුරුකිරීමෙන් දරුවාට පසු කාලීනව ඉංග්‍රීසි අපප්බ්‍රංශයක් නොවනු ඇත.
පෙර පාසල යනු නිවසත් විධිමත් පාසලත් අතර ඇති පාලම බඳු ය. මේ දෙක අතර ගමන පහසු කරවීමටයි පෙරපාසල තිබිය යුත්තේ . නමුත් අද.පෙරපාසල් පාලිකාවන් ඔවුන් ලඟ සිටින වසර දෙක හෝ තුනක කාලය තුල පසල් විශය මාලවෙන් බාගයක්ම අවසන් කර පාසලට යැවීමට පසුබට වෙන්නේ නැත. මෙයින් සිදුවන්නේ ක්‍රමවත් විෂය මාලාවක් තුල ඉගැන්වීමට පුහුණුව ලත් ගුරුවරුන් දැඩි අපහසු තාවයකට පත්වීමයි.දරුවා බලාපොරොත්තු වන අළුත් දෙයක් පන්ති කාමරයෙන් නොලැබෙන විට ඔහු කලහ කාරී බවට පත්වේ. එවන් දරුවන් පිරිසක් පාලනය කිරීම ගුරුවරයාට කිසි සේත් කල නොහැක්කක් වීමෙන් ඔවුන් අවධානයෙන් ගිලිහීයයි. එය අවාසනාවන්ත තත්වයකි. විධිමත් පාසලේ කළයුතු දේ පෙරපාසලේ නොකල යුත්තක් බව කොතෙක් පැහැදිලි කලද දෙමාපියන් ගේ බලවත් ඉල්ලීම ඉටු නොකලොත් ළමුන් සංඛ්‍යාව අඩු වේයැයි බියෙන් පාලිකාවන්ද ඒ පදයටම නටම්න් දරුවන් ගේ සුන්දර ළමා කාලය රාමුවක කොටු කර තබයි.
රටේ අනාගතය සුභවාදී මාවතක ගමන් කරවීමේ අවංක චේතනාවක් පාලකයින්ට ඇත්නම් ඔවුන් පළමුවෙන්ම අතගැසිය යුත්තේ පෙරපාසල් අධ්‍යාපන ක්‍රමය සාර්ථකත්වය කරා ගමන් කරවිය හැකි ප්‍රතිපත්ති මාලාවක් සකස් කිරීමටයි. අත්දැකීම් සමූහයක් තුලින් අභියෝග පරදවමින්, තර්කන හැකියාව, විමර්ශණය, නිරීක්ෂණ, පරීක්ෂණ තුලින් බුද්ධිය අවධි කළ හැකි පරිසරයක් පෙරපාසල තුල ගොඩනැගිය යුතුයි. පෙරපාසල දරුවාගේ මිතුරෙක් බවට පත් කල යුතුයි. විවිධ කණ්ඩායම් හා එකට සෙල්ලම් කරමින් අත්දැකීම් හුවමාරු කරගනිමින් විනෝද ජනක ක්‍රීඩා කරමින් සතුටත් සමගයි බුද්ධිය අවදි කළ හැක්කේ. අසුන් ගත වැඩ විනාඩි 5 කට සීමාවන පෙරපාසලක් බවට එය පත්කල යුතුයි. දියුණුයි කියන බොහෝ රටවල පෙරපාසල සකස් කර ඇත්තේ අත්දැකීම් සමුදායක් ලබාගතහැකි සුන්දර පරිසරයක් ගොඩ නගමිනි.
තවද කන්නන්ගර මහතා සද්භාවයෙන් ගමේ දක්ෂ දරුවාට පහසුකම් සහිත පාසලකින් අධ්‍යාපන අවස්ථාවක් උදා කර ගැනීමට පිරිසිදු චේතනාවෙන් ආරම්භ කල 5 වසර ශිෂ්‍යතව ක්‍රමය අද අම්මලාගේ විභාගයක් බවට පත්වී දරුවන් අපරාධ කරුවන් බවට පත් කරන මූලබීජය වී හමාර ය.මේ විභාග ක්‍රමය අහෝසි නොකරන්නේ කාගේ අවශ්‍ය තාවයකටදැයි මනෝ විශේෂඥයන්ටද ගැටළුවකි.
මුල් ළමවියේදීම දැනුම් සම්භාරයක් දරුවාගේ මොලයට හිරකරමින් මනස පීඩනයට පත් කරමින්, තීරණ ගැනීමේ හැකියාවන් , හැගීම් පාලනය කර ගැනීමේ හැකියාවන් සියල්ල මව හා පෙරපාසල් පාලිකාව විසින් මරා දමා ඇති දරුවාගේ විධිමත් පාසලට බස් රථ දීමෙන් , පොත් පත් ඇදුම් ආහාර ලබා දීමෙන් ඇති ඵලය කිමෙක්ද. පාසලක මා දකින කිසිවෙකුගේ අවධානයට යොමු නොවන පැත්තක් හා විෂේශයෙන්ම අවධානයට යොමු වියයුතු අධයාපනයෙන් පරිබාහිර කරුණක් පිළිබඳවද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. දිවයිනේ 99% ක් පාසල් වල බලධාරින් එම පාසලේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව සොයා බලන්නේම නැත. විශේෂයෙන් දැරියන්ට වැසිකිළිය පාවිච්චි කිරීම කෙසේ වෙතත් ඒ පැත්ත පලාතේ වත්‍ යාමට නොහැකිව දැඩි මානසික පීඩාවකින් අකුරු කරන්නට සිදුවීම කණගාටු විය යුතු කරුණකි. සනීපාරක්ෂක තුවා ගැන කතා කිරීමට පෙර එවා භාවිතා කිරීමට පාසලේ ස්ථානයක් තිබේ දැයි බැලිය යුතු නොවේද.
අප රට හරි වැරදි තේරුම් ගැනීමට හැකි, හොඳ තීරණ ගැනීමට හැකි, යහපත් පුරවැසියන් සිටින සාමකාමී රටක් කරගැනීමට නම් පෙරපාසලේ සිටම මේ මලකඩ අධ්‍යාපන ක්‍රමයත් , කට පාඩමින් ඔළුවේ රැස්කරගත්දේ කඩදාසියකට පැය කීපයක් තුල හලා දමන විභාග ක්‍රමයටත් තිත තබා දරුවාට සතුටින් ඉගෙනීමට හැකි ගැලපෙන විෂය මාලාවකටත්, පහසුකම් ඇති පරිසරයකටත් වෙනස් විය යුතුයැයි හනමිටි පාලකයින් අවබෝධ කරගන්නා තාක්කල් නිර්මාණ ශීලී, යහපත් පුරවැසියෙකු බිහිකර ගැනීම හීනයක් පමණක්ම වනු ඇත. නෙළුම් කුළුණු, නැව් නොයන වරාය වල්, ප්‍රයෝජන අඩු සම්මන්ත්‍රණ ශාලා ,ගුවන් තොටුපොලවල් හැදීමට වියදම් කල මුදල් දරුවන්ගේ පහසුකම් සඳහා එදා යොදවා තිබුණා නම් අද රටේ බුද්ධිමත් පුරවැසියන් පිරිසක් හෝ බිහිවීමට ඉඩ තිබුණි.එසේ නොවීමෙන් අද සිදුව ඇත්තේ ගවයන් රැලකට නායකයන් වූ නරි රැලක් බිහිවී තිබීමම පමණකි.

සුමිත්‍රා රත්නායක

මුල් ළමාවිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
( විශ්‍රාමික) කන්තලේ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….