උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අද (29 ) ට යෙදී ඇත.

සංඝමිත්තා මහ රහත් තෙරණිය දඹදිව සිට ජය ශ්‍රීමා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීම, එසේ වැඩම කරන ලද දක්ෂිණ ශාඛාව දේවානම් පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහමෙව්නා උයනේ තැන්පත් කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් වූ සුවිශේෂී දිනයක් ලෙස උඳුවප් පොහොය දිනය හැඳින්විය හැකිය.

එමෙන්ම, ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙන්නේ අදට (29 වැනිදා) යෙදී තිබෙන උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේදීය.

පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබෙන සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ ශ්‍රී පාද උඩමළුව දක්වා වැඩම කිරීමෙන් පසුව,අද (29 වැනිදා) පෙරවරුවේ සිදුකරනු ලබන ආගමික චාරිත්‍රවලින් අනතුරුව සිරිපා වන්දනා සමය ඇරැඹේ.

ශ්‍රිපාද වන්දනා සමය ආරම්භ කිරිම  සදහා සමන් දේව ප්‍රථිමාව සදාතුක කරඩුව වැඩම කරවිම 28වන දින සිදු කරන ලදි.

එහිදි සදාතුක කරඩුව රැගත් රිය පෙරහැර 28වන දින සවස හැටන් නගරයට සම්ප්‍රාප්තවු අතර එහිදි සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් එම සදාතුක කරඩුවට පුෂ්ප උපහාර දැක්විම සදහා හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටින ලදි.

මෙහිදි කේ. කේ. පියදාස මහතා විසින් ශ්‍රිලංකාවෙන් කොවිඩ් වසංගතය දුරුවි ශ්‍රිලංකාවාසි සමස්ථ ජනතාවට නිරෝගි සුවය පතමින් හැටන් සමන් දේවාලයේ වීශේෂ පුජාවක්ද පවත්වන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

Similar Posts