ලංකාවේ දිය ඇළි අතරින් මෙරටට ආවේනික ශාඛ හා සත්ව ප්‍රජාවක් වෙසෙන, සංචාරක ආකර්ශණය දිනා ගත් මහා සාගරයට ආසන්නම දිය ඇල්ල දොඩන්ගොඩ, තුඩුගල ඇල්ලය.

මේ වන විට බරපතල පාරිසරික තර්ජනයකට ලක්ව තිබෙන තුඩුගල ඇල්ල ආශ්‍රිත ප්‍රදේශයේ පරිසරය සංරක්ෂණය කර ජල පෝෂක ආරක්ෂා කිරීමට පියවර නොගත හොත් ඉතා මෑත කාලිනවම ලංකාවේ දිය ඇලි 382 අතුරින් 268 වන ස්ථානය හිමි තුඩුගල ඇල්ල දැයෙන් සමුගන්නා වග සාතිශය සංවේගයෙන් යුතුව පරිසරවේදින් දන්වා සිටිති.

යටත්විජිත සමයේ ඉංග්‍රීසි ජාතික පාලකයින් පවා ආරක්ෂාකල තුඩුගල ඇල්ල ජල පෝෂක රක්ෂිතය මේවන විට මහා පරිමාන ගල් වැඩ පල කිපයකට බිළි වීමත් සමග ඇල්ල ආශ්‍රිතව ජිවත්වු ජලජ ජීවින් හා ශාක ප්‍රජාව ප්‍රදේශයෙන් සමුගෙන ඇතැයි ප්‍රදේශයේ පරිසරවේදින් කියති.

රබර් වෙනුවට කටුපොල් වගාව පැමිණිමත් සමග තුඩුගල ඇල්ලේ ජල පෝෂක ප්‍රදේශ හානියට පත්ව තුඩුගල ඇල්ල සිදීයාමේ අවදානමකට ඇතැයි පරිසරවේදින් පෙන්වාදෙති.

මාධ්‍යවේදින්ගේ සමුපාකාර සංගමයේ සභාපති රෝහණ සිරිවර්ධන මහතා

තුඩුගල ඇල්ල කියන්නෙ ජෛව විවිධත්වයෙන් යුතු පරිසර පද්දතියක් හිමි සුවිශේෂි දිය ඇල්ලක්. පහත රට තෙත්කලාපයේ ඉහලම සංචාරක ආකර්ශනයක් දිනාගත් තුඩුගල ඇල්ල අනාගතයට රැකගතයුතු පාරිසරික සම්පතක්. නමුත් මෙතෙක් මේ පිළිබද හරි අවධානයක් යොමු නොවිම කණගාටුවට කරුණක් වෙනවා.

ඇල්ල ආශ්‍රිත ශාක හා සත්ව ප්‍රජාව ක්‍රමයෙන් විනාශ වන තත්වයක්උදාවී ඇතිබව පසුගිය දිනවල සිදුකල සොයා බැලිමකදී තහවුරු වුණා.පාරිසරික අතින් මෙන්ම සංචාරක අතින් තුඩුගල ඇල්ල මහගු සම්පතක්. අගනුවරට, කළුතරට, දක්ෂිණ අධිවේගි මාර්ගයේ දොඩන්ගොඩ පිවිසුමට ඉතාම සමිපයි.

මේ නිසා පරිසර සංරක්ෂිත සංචාරක මධ්‍යස්ථානයක් ලෙස දේශීය හා විදේශිය සංචාරකයින්ට පහසුකම් සපයා සංචාරක කර්මාන්තය දියුණු කල හැකියි.

නමුත් මේවන විට තුඩුගල ඇල්ල ආශ්‍රිතව බේබද්දන්, සල්ලාලයන් ඇතුළුව අපචාර කරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති බව ඇල්ල අවට තිබෙන තිබෙන පොලිතින්, ප්ලාස්ටික්,මත්පැන් හිස් බෝතල, ඇතුළු අපද්‍රව්‍ය සාක්ෂි දරනවා.

දොඩන්ගොඩ පාදේශිය සභාවේ සභාපති – ටෙනිල් විශ්ව ශාන්ත මහතා

තුඩුගල ඇල්ල දොඩන්ගොඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ තිබෙන අගනා පරිසර සම්පතක්. නමුත් මේ වන විට පරිසර හානියකට ලක්වෙලා තිබෙනවා.මිට ප්‍රධානම හේතුව ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය මෙතෙක් කල් ප්‍රාදේශීය සභාව සතුවෙලා තිබුනෙ නැහැ. ඒක පුද්ගලික වතු සමාගමක් සතුව තිබුණා.

මේ පිළිබද දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව විශාල අරගලයක් ගෙන ගියා.එහි ප්‍රතිඵලයක්පලෙස ඇල්ල අවට ප්‍රදේශය හදුනාගන මැනුම් කරල පවරාගැනිමට අවශ්‍ය කටයුතු සිදුකලා.

මෙයින් අනතුරුව ඇල්ල ආශ්‍රිත ජලපෝෂක ප්‍රදේශය සංරක්ෂණය කර මහජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදි සංචාරක කලාපයක් කළ හැකිවෙනවා.

අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යදැක්ම යථාර්තවත් කරමින් පරිසර හිතවාදි සංචාරක කලාපයක් ලෙස තුඩුගල ඇල්ල ආශ්‍රිත ප්‍රදේශය, සතා සිවුපාවා, ගහ කොළ රැකගන ප්‍රදේශයට සම්පතක් බවට පත් කර ගත හැකි වෙනවා.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

Similar Posts