උමයංග පුතු උදව්වක් ඉල්ලයි

umangaputha

තැලසීමියා රෝගයෙන් පෙලෙන දහතුන් හැවිරිදි තම පුතුට ශල්‍යකර්මයක් සිදු කිරීමට අවශ්‍යය මුදල් සපයා ගැනීමට සහය වන ලෙස මවුපිය යුවලක් ආයාචනා කරති…

වයස අවුරුදු 13 ක් වන ඩී.එම් ශෂික උමයංග දිසානායක පදිංචි වෙලා ඉන්නේ අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 408, 72/1 මහමීගස්සෑගම , කිරලෝගම කියන ලිපිනයේ, පුංචියට තැනූ ගේ ක පදිංචි වෙලා ඉන්න මේ පුතා තලාව නවෝද්‍යා මහා විද්‍යාලයේ, 8 වැනි වසරේ තමයි ඉගෙනුම ලබන්නේ.

අපි ඒ නිවසට ගොඩ වුණේ උදේම ඒ යන කොට කසුන් පුතා ඇදේ වැතිරිලා ඉන්නවා.බඩට කට්ටක් ගහලා, එන්නතක් දෙනවා.ඒ එන්නත අවසන් වෙන්න ආසන්න වෙලාව.දරුවාගේ වැඩ ටික ඉවර කරලා දරුවාගේ රෝගය ගැන එයාගේ අම්මා තාත්තා අපිට විස්තර කළා.

උමංග පුතාගේ තාත්තා කසුන් කුමාර ජයරත්න එයා වෘත්තියක් විදිහට කරන්නේ වෙළදසැල් වල නාම පුවරු හදන එක, උමංග පුතාගේ අම්මා ජේ.එම් සාගරිකා උදයංගනී ජයකොඩි එයා කලින් අනුරාධපුර පුද්ගලික රෝහලක හෙදියක් විදිහට වැඩ කලත් උමංග පුතා ඉපදෙන්න ඉද්දී රස්සාවෙන් අයින් වුණාට පස්සේ පුතාට තියෙන අසනීපය නිසා පුතා ඉපදුනාට පස්සේ නැවත රස්සාවට යන්න බැරි වෙලා තියෙනවා.

මේ පුංචි පුතාට මහා තැලසීමියාව කියන රෝගය වැළදිලා තියෙනවා කියලා පුතා ඉපදිලා මාස 06 න් හදුනාගෙන තියෙනවා ඒ නිසා, මාස 06 ඉදන් අවුරුදු 13 ක් වෙනකල්ම හැම මාසයකම නොකඩවා ලේ දෙනවා වගේම, හැම දවසකම නිවසේදී රාත්‍රියට එන්නතක් මේ පුතාට ලබා දෙනවා.මේ රෝගය ශල්‍යකර්මයකින් සුව කරන්න පුලුවන් කියලා වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා.

ඇටමිදුලු බද්ධ කිරීමේ (Bonemerrow Transpalnt)ශල්‍යකර්මයක් මගින් ශෂික උමංග පුංචි පුතාගේ ජීවිතය බේරා ගත හැකි බවත්, එම සැත්කම සිදු නොකලහොත් ජීවිත අවදානමක් පවතින බවත්, එම සැත්කම සඳහා රුපියල් ලක්ෂ 70 ක පමණ මුදලක් වැය වන බවටත් ආසිරි සෙන්ට්‍රල් රෝහලේ ඇටමිදුලු බද්ධ කිරීමේ වෛද්‍ය ලලේන්ද්‍ර ගුණරත්න මහතා නිර්දේශයක් කර ඇත.

මාස් පතා හා දෛනිකව දරුවාට සිදු කරන ප්‍රථිකාර කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වැය වීම හේතුවෙන් මෙන්ම, තමන් කරන රැකියාවෙන් විශාල මුදලක් උපයා ගත නොහැකි වීමෙන් මෙම දෙමාපියන් සැත්කම සිදු කර ගැනීමට අවශ්‍යය මුදල් සම්පාදනය කිරීමට නොහැකිව බොහෝ සේ අසරණ වී ඇත. සැත්කම සිදු කළ යුතු වය‌සේ, මනා සෞඛ්‍ය තත්වයෙන් දරුවා සිටීන නිසාවෙන් කඩිනමින් මෙම සැත්කම සිදු කළ යුතුව ඇතැයිද දෙමාපියන් පවසති.

ඉගෙනුමට වගේම, පරිගණකය මනා සේ හැසිරවීමේ හැකියාව ඇති දහතුන් හැවරදි ඩී.එම් ශෂික උමයංග දිසානායක පුතා ලොකු වෙලා යුධ හමුදා සෙබලෙක් වෙන්න ආසයි කියලා තමයි කියන්නේ,

හඩ අවදි කරපු උමංග පුතාගේ තාත්තා කසුන් කුමාර ජයරත්න කිව්වේ,,

මම රැකියාව විදිහට කරන්නේ කඩවල් වල බෝඩ් ගහන එක, වාහන ටින්ටඩ් කරන එක,මගේ පුතා ඉපදිලා මාස 06 න් වගේ කහ වෙන්න ගත්තා,ඊට පස්සේ පේරාදෙනිය රෝහලට බබා ගෙනිච්චම තමයි කිව්වේ අපේ පුතාට මහා තැලසීමියාව හැදිලා කියලා,එදා අපි භය වුණ තරම කියා ගන්න බෑ,
මේ ලෙඩේ හොඳ කරන්න බෑ, අවුරුදු 20 ක් විතර තමයි ජීවත් වෙන්නේ කියලා තමයි ඩොක්ටලා කිව්වේ,ඒත් මම ඒ වෙලාවේ ඩොක්ටර්ලාගෙන් ඇහුවා මගේ ඇගෙන් මොනවා හරි අරගෙන හරි කමක් නෑ, මගේ බබාව හොඳ කරලා දෙන්න කියලා.එයාලා ඒකට උත්තරයක් දුන්නේ නෑ.
දැන් බබාට අවුරුදු 13 යි, බබාට මාස 06 ඉඳන් අවුරුදු 13 ක් වෙනකල් හැම මාසෙම ලේ දුන්නා, ඒ වගේම හැම රෑකම රෑ 08 ට ඉන්ජක්ෂන් එකක් ගහනවා ඒ බෙහෙත් එක ඉවර වෙන්නේ පහුවදා උදේ 06-07 වෙනකොට. පුතාට මාසෙකට වතාවක් දෙන ලේ වල යකඩ ඇගේ තැන්පත් වෙන එක නවත්වන්න තමයි ඒ ඉන්ජක්ෂන් එක දෙන්නේ. ළමයා ඔපරේෂන් කරනවා නම් සෞඛ්‍ය තත්වය හොඳ මට්ටමක තියාගන්න මේ බෙහෙත් දෙන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා.
අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා ඒ ඔපරේෂන් එක කර ගන්න,දරුවා සැත්කම කරන්න පුලූවන් මට්ටමේ දැන් ඉන්නවා කියලා වෛද්‍යවරු කියනවා. ඇට මිදුලු බද්ධ කිරීම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ, ඒ සැත්කම කරන්න සූදානම් කරලා තියෙන්නේ ආසිරි රෝහලෙන්, ඒ සැත්කමට රුපියල් ලක්ෂ 70 ක් වැය වෙනවා කියලා වෛද්‍යවරු කියලා තියෙනවා.
ඇත්තටම මට ඒ තරම් මුදලක් හොයා ගන්න අමාරුයි.බබාගේ සායන වැඩ වලට, ලේ මාරු කරන්න රෝහල් වලට යන එන දේවලට යන වියදම් වලට වගේම ගෙදර දොර වියදම් වලට මුදල් වැය වුණාම මගේ රැකියාවෙන් හොයන මුදලින් ලක්ෂ 70 ක් හදා ගන්න කොහොමටත් බෑ, ජනාධිපති අරමුදලින්, මහජන ආධාර අරමුදලින් රුපියල් ලක්ෂ 10 -15 ක් ගන්න පුලුවන් වෙයි කියනවා, අපි සමාජ ජාල වල දාපු පෝස්ට් වලින් දැනුම්වත් වෙච්ච අය අපිට රුපියල් ලක්ෂ 17 ක් විතර හොයා ගෙන තියෙනවා.ඉතිරි මුදල හොයා ගන්න වීදිහක් නැතිව ඉන්නේ ඒ නිසා මට උදව් කරන්න කියලා ඉල්ලනවා.මේ කොරෝනා කාලේ ගෙවල් ගානේ ගිහින් මුදල් එකතු කරන්න බෑ, සල්ලි හොයා ගන්න විකුණනන්න ඉඩම් කඩම්වත් අපිට නෑ,ඒ නිසා මේ වෙලාවේ මගේ දරුවා බේරා ගන්න උදව් කරන්න කියලා තමයි මම හැමෝගෙන්ම ඉල්ලන්නේ.

උමංග පුතාගේ අම්මා ජේ.එම් සාගරිකා උදයංගනී ජයකොඩි කිව්වේ.

මගේ පුතා අවුරුදු 13 ක් තිස්සේ තැලසීමියා රෝගය නිසා දුක් විදිනවා, ලේ දෙන්න, ඉංජක්ෂන් ගහන්න කටු ගහගෙන, බෙහෙත් බිබී මගේ දරුවා ගොඩක් දුක් විදිනවා, මට දරුවාට කටු ගහනවා බලන් ඉන්න බෑ, එයාට කටු ගහන කොට මම අහක බලාගන්නවා.මට ඔ්න එයාව සනීප කර ගන්න, හැබැයි ඒකට ලොකු මුදලක් වැය වෙනවා. අපිට ඇත්තටම ඒ වගේ ලොකු මුදලක් හොයා ගන්න අමාරුයි.මම හැමෝගෙන්ම ඉල්ලන්නේ මගේ දරුවා සනීප කර ගන්න උදව් කරන්න කියලා.ඒකට වැඩි කාළයක් නෑ, මගේ මහත්තයා කරන රස්සාවත් එක්ක රුපියල් ලක්ෂ 70 ක් හොයා ගන්න අපිට අමාරුයි. හැබැයි මුළු ලංකාවේම ඉන්න අයගෙන් රුපියල් 100 ගානේ එකතු වුණත් අපේ පුතා‌ගේ සැත්කමට යන මුදල අපිට හොයා ගන්න පුළුවන් වෙයි. මට මගේ පුතා සනීප කර ගන්න පුලුවන් වෙයි.
ඒ නිසා හැම කෙනෙකුගෙන්ම රුපියල් 100 ක හරි උපකාරයක් මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.
‍‍
පුංචි ශෂික උමංග පුතා මෙහෙම ආයාචනයක් කලා.

නැන්දේ මාමේ මට සනීප වෙන්න නම් ඇටමිදුලු බද්ධ කරන ඔපරේෂන් එක කරන්න ඔ්නලු,ඒකට රුපියල් ලක්ෂ 70 ක් විතර යනවාලු, එච්චර ලොකු ගානක් මගේ තාත්තාට හොයා ගන්න බෑ, අනේ නැන්දේ මාමේ මට සනීප වෙන්න උදව් කරන්න යනුවෙන්.

‌බොහෝ දෙනෙක් නොදැකපු දෙවියන් තිස් තුන් කෝටියක් අදහනවා, , නමුත් මේ වෙලාවේ ඒ දෙවියන්ට වඩා මේ මිහිපිට ඉන්න දෙකෝටියක් වූ ජන ග්‍රහණයෙන් ලක්ෂ කීපයක් එකතු වෙලා මේ සැත්කමට අවශ්‍ය ලක්ෂ 70 සම්පූර්ණ කර ගන්න උදව් වුණොත් ඒ තමයි මිහිපිට සිටින සැබෑම දෙවිවරු, ඔබත් ඒ සඳහා දායක වෙන්න කැමති නම්
071-1222251, 076-0422251, 071-275225 කසුන් කුමාර හා සාගරිකා උදයංගනී මහත්මිය සම්බන්ධ කර ගන්න.

නැතහොත් ශෂික උමයංග දිසානායක පුතා සුවපත් කර ගැනීම වෙනුවෙන් එප්පාවල මහජන බැංකුවේ ජේ.එම් සාගරිකා උදයංගනී ජයකොඩි නමින් ඇති ගිණුම් අංක 170-2-001-0-0055370 හෝ අනුරාධපුර සම්පත් බැංකුවේ ජේ.එම් සාගරිකා උදයංගනී ජයකොඩි නමින් ඇති ගිණුම් අංක 116857861723 ට මුදල් බැරකිරීම් සිදු කළ හැක.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….