ගෘහස්ථ කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 100ත් 500ත් අතර

protect unblocked porn

ගෘහස්ථ කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දහසක් විය යුතු බවයි අප සංගමයේ ඉල්ලිම මේ වන විට හැටන් වැනි ප්‍රදේශවලින් පිට පලාත්වලට ගොස් සිටින සමහර ගෘහස්ථ කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප වන්නේ රුපියල් 100ත් 500ත් අතර මුදලක් මෙම මුදල ප්‍රමාණවත් නැති බවයි අපගේ හැගිම.

ප්‍රොටෙක් සංගමයේ ප්‍රධාන ලේකම් කල්ප මධුරංග මහතා මේ බව පවසන ලද්දේ හැටන්හි පැවත් මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුව හැටන් ලාඇඩමස් ශාලාවේදි 09වන දින සවස පැවති අතර එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු කල්ප මධුරංග මහතා ගෘහස්ථ කම්කරුවන් අතරින් ගෘහ සේවිකාවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන අවස්ථා තියෙනවා මේ අයට සේවය කරන නිසි කාලයක් නැහැ ඔවුන්ට ඊ. පි. එෆ්. හා ඊ.ටි. එෆ්. ගෙවිමක් නැහැ මෙම තත්වයන් පිලිබදව අප සංගමය කම්කරු ඇමති තුමන් සමගද සකච්චා කර තිබෙනවා.

ගෘහ සේවිකාවන්ට නිති නොමැති අවස්ථාවක තමයි සි. 189 සම්මුතිය ගෙන ආවේ මෙය තමයි ලෝකයේ පලවන වතාවට ගෘහ සේවිකාවන් වෙනුවෙන් ගෙනආ සම්මුතිය මේ යටතේ ගෘහ සේවිකාව හා සේවා යෝජකයා අතර සේවා ගිවිසුමක් තිබිය යුතුයි එහි ගෙවන වැටුප, එය ගෙවන්නේ කේසේද, සේවා කාලය, විවේක කාලය, නිවාඩු ලබා දෙන්නේ කේසේද යන්න මෙම සේවා ගිවිසුමට අඩංගු විය යුතුයි.

එම සි. 189 සම්මුතිය නිතිගතවු විට කම්කරු දෙපාර්ථමේන්තුවට සිදු වෙනවා ඒ අනුව ගෘහගෘහ සේවක නිති සම්පාදනය කිරිමට එමෙන්ම සි. 190 සම්මුතිය තුලින් ගෘහ සේවකයන්ට කිසිම අයුරකින් හිංසනයන් සිදු නොවිය යුතු බවත් සදහන් වෙනවා.

එමෙන්ම මෙම සි. 190 සම්මුතිය යටතේ කාන්තාවන්ට පිරිමින්ට යම් ආයතනයක වැඩ කරන ස්ථානයේදි එම ආයතන කැන්ටිමේදි ආයතනය මගින් සපයන බස් රියේදි ආයතනයට සම්බන්ද යම් අයකුගෙන් සිදුවන හිරිහැර මෙන්ම ආයතන ප්‍රධානියාගෙන් කිසිදු හිරිහැරයක් සිදු නොවිය යුතු බවත් සදහන් වනවා.

මෙම සම්මුතින් කඩිනමින් නිති ගත කර එම සම්මුතින් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා ලෙස අපි කම්කරු ඇමතිවරයාගෙන් මෙන්ම කම්කරු දෙපාර්ථමේන්තුවෙන්ද ඉල්ලා තිබෙනවා.

අද සමහර ගෘහ සේවිකාවන් අවුරුදු 20ක් 30ක් වැඩ කරලා වැඩ කරන්න බැරිවන විට එම නිවසින් යන්න කියනවා මෙසේ සමහර අයට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ එම නිසා අපි යෝජනා කරන්නේ මෙසේ අවුරුදු ගනනාවක් වැඩ කරලා වයසට ගිහින් යන විට ආදාල හාම්පුතුන් විසින් වැඩ කරපු කාලයට සරිලන ලෙස යම් මුදලක් ලබා දිමට හැකිවන පරිදි නිති සකස් කල යුතු බවයි.

වතුකරයේ ආර්ථිකය නිසි ලෙස ශක්තිමත් නොවිම හේතුවෙන් වතු කරයේ බොහෝ පිරිසක් රට පුරා ගෘහ සේවයේ මෙන්ම වෙනත් කම්කරු රැකියාවලට ගොස් සිටිනවා එමෙන්ම මේ වතු කරයේ බාල වයස්කාරයන්ද විවිධ රැකිවල යෙදි සිටිනවා අද වන විට ඉතාමත් අඩු වැටුපකට බොහෝ නිවාසවල ගෘහ සේවයේ යෙදි ඉන්නේ මේ වතුකරයේ කාන්තාවන්මෙය කනගාටුවට කරුනක්.

මෙම තත්වයන් වෙනස් විය යුතුයි එම නිසායි අපි පඩි පාලක සභාවෙන් මේ ගෘහ සේවිකාවන් සදහා නිසි වැටුප් ක්‍රමයක් ඉල්ලා සිටින්නේ අප සංගමය මේ රජය සමග ඉතාමත් සහායෝගයෙන් මෙම ප්‍රශ්න පිලිබදව වැඩ කටයුතු කරගෙන යනවා අපි මෙය ජත්‍යත්‍රරයට ගෙන යාමට කටයුතු කරන්නේ නැහැ එයට වඩා ලෝක කම්කරු සංගමයේ සහය මත මෙම රජයේ සහායෝග ලබා ගෙන මෙම ප්‍රශ්න නිරාතරනය කර ගැනිමටයි අපගේ උත්සහාය වන්නේ.

ගෘහ සේවිකාවන්ට පවතින මෙම ප්‍රශ්න විසදා ගැනිමට අපි රජය සමග ඉතා සහායෝගයෙන් කටයුතු කරන අතර ගෘහ සේවිකාවන්ට බලපාන මෙම ප්‍රශ්න දෙස අප සංගමය විශේෂ අවදානය යොමු කරන්නේ ප්‍රොටෙක් සංගමය ගෘහ සේවිකා ප්‍රශ්න පිලිබදව දැඩි අවදානයක් යොමු කරන සංගමයක් නිසායි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….