WHO වෙතින් අමෙරිකාව ඉවත් කිරීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

trump

එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බවය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස ඊයේ(20) රාත්‍රියේ එරට අගවිනිසුරු ජෝන් රොබට්ස් ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙනු ලැබීය. අමෙරිකානු කොංග්‍රසය රැස්වන, වොෂින්ටන් අගනුවර පිහිටි කැපිටල් ගොඩනැගිල්ලේ රොටුන්ඩා ශාලාවේදී පදවි ප්‍රාප්ති උත්සවය පැවැත්විණ.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලානියා ට්‍රම්ප් ඇතුළු ඔහුගේ පවුලේ සමීපතමයින් ද ඊට එක්ව සිටි අතර බැරැක් ඔබාමා, බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ඇතුළු අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් මෙන්ම, එලෝන් මස්ක්, ජෙෆ් බේසොස් සහ මාක් සකර්බර්ග් වැනි තාක්ෂණ ලෝකයේ දැවැන්තයින් සහ සුපිරි ධනවතුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකාවේ නව උපජනාධිපතිවරයා ලෙස ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දීමෙන් පසු, ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන් අතර ඉන් අනතුරුව අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පළමු වරට ට්‍රම්ප් විසින් සිය ජනතාව ආමන්ත්‍රණය කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ නික්ම යෑම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ආර්යාව සහ නව උපජනාධිපති ජේ. ඩී. වෑන්ස් සහ ඔහුගේ බිරිඳ කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියහ.

පළමුවෙන්ම, පසුගිය ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වූ හිටපු උපජනාධිපතිනී කමලා හැරිස් සහ ඇයගේ සැමියා කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටව ගිය අතර ඉන් අනතුරුව හිටපු ජනාධිපති ජෝ බයිඩන් සහ ජිල් බයිඩන් නව ජනාධිපතිවරයාට සමුදී කැපිටල් ගොඩනැගිල්ලෙන් පිටව ගියේ ය.

කැපිටල් ගොඩනැගිල්ලේම පිහිටි ජනාධිපති කාර්යාලයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් සිය වැඩ භාරගැනීමේ පත්‍රිකාවලට අත්සන් තැබුවේ ඉන් අනතුරුවයි.

දැඩි ශීත කාලගුණය හේතුවෙන් මෙවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටට පාක්ෂිකයින්ට රැස්වීමට අවස්ථාව හිමි නොවූ අතර, ඒ හේතුවෙන් සිය පාක්ෂිකයින් හමුවීමට ට්‍රම්ප්ට “කැපිටල් වන් අරීනා” ක්‍රීඩාගාරය වෙත යාමට සිදු විය. එහිදී ජනාධිපතිවරයාට රැස්ව සිටි පිරිසගෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

අලංකාර පෙළපාලියකින්ද වර්ණවත් වූ සැමරුම් උත්සවය අවසානයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ආධාරකරුවන් ඉදිරියේ විධායක නියෝග කිහිපයකට අත්සන් තැබුවේය. එක්සත් ජාතීන්ගේ පැරිස් සම්මුතියෙන් අමෙරිකාව යළිත් ඉවත් කරගැනීම ඒ අතරින් සුවිශේෂී වේ. හමුදා ඇතුළු කාණ්ඩ කිහිපයක් හැර අනෙකුත් සියලුම රජයේ රැකියා සඳහා වන බඳවා ගැනීම් යළි දැනුම් දෙන තුරු අත්හිටුවීම ද එහිදී සිදු කෙරුණි.

මීළඟට ධවල මන්දිරයට පැමිණෙන ජනාධිපතිවරයා තවත් නියෝග රැසකට අත්සන් තැබීමට නියමිත අතර තවත් සැමරුම් උත්සව කිහිපයක්ද අද දහවල් පැවැත්වෙනු ඇති.

1902 වසරෙන් පසු වාර දෙකකදී (අඛණ්ඩ නොවන) අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වුණු පළමු පුද්ගලයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාස ගත වේ. අපරාධ නඩු විභාගයකින් වරදකරු වූ පුද්ගලයෙකු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව ලෙසද මෙය ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයට එක්වීම විශේෂත්වයකි. පළමු ධුර කාලයේදී දෝශාභියෝග දෙකකට මුහුණ දුන් ඔහු ඝාතන ප්‍රයත්න දෙකකින්ද දිවි ගලවා ගෙන ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….