ස්මාට් දුරකථන නොමැතිවීමෙන් පාසල් දරුවන් අන්ත අසරණ භාවයට

පවතින කොරෝනා වෛරසය හේතුවෙන් රජයේ පාසල් වසාදමා තිබෙන අවධියක අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්බදව ජීවත් වන දරුවන්ට ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය සංඥා පහසුකම් ස්මාට් වර්ගයේ දුරකථන නොමැතිවීමෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත්වි සිටින අතර අනුරාධපුර මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් දරුවන් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වි සිටිති.

අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 50ක පමණ දුරින් පිහිටි මහවිලච්චිය ගොවිජනපදයේ හා තන්තිරිමලය ගොවි ගම්මානයේ පාසල් දරුවන් 4800ක පමණ පිරිසක් ඔන්ලයින් අධ්‍යාපනය ලැබිය යුතු උවත් අති විශාල සිසුන් පිරිස අතරින් සිසු සිසුවියන් හත්සියයක පමණ ප්‍රමාණයක් මේවනවිට ඔන්ලයින් අධ්‍යාපනය ලබති.

මහවිලච්චිය වම් ඉවුර දකුණු ඉවුර තින්තිරිමලය බිල්ලෑව කිඹුල්වැව තම්බියාව ඇතුළු ගොවිගම්මාන රැසක අහිංසක පාසල් සිසු සිසුවියන් සංඥා දුර්වලතාවය ඇතුළු අඩුපාඩු නිසා අධ්‍යාපනය හැදෑරිමට නොහැකිව අන්ත අසරණ භාවයට පත්වි සිටිති.ඔවුන්ට අත්විදීමට සිදුවි තිබෙන අපහසුතා සොයා මව්බිම එහි ගිය අතර එහිදි පාසල් දරුන් අධ්‍යාපනය ලැබීමට දරනා වෙහෙස දැකගැනීමට හැකිවිය.

කොරෝනා වෛරස තත්වය නිසා අන්ත අසරණ තත්වයට පත්වි සිටින ප්‍රදේශයේ පාසල් දරුවන් හා පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර හිමිවරුන් සම්බන්ධයෙන් අනුශාෂනාවක් කළ පාඨශාලාචාර්ය ශ්‍රී මධුරසිරි පරිවේනාධිපති පූජ්‍ය තුලාවෙල්ලියේ විපුලසාර හිමිපානන්.

මේ කොරෝනා ව්‍යසනයත් එක්ක පාසල් දරුවන් අන්ත අසරණ තත්වයට පත්වෙලා ඔවුන්ට අධ්‍යාපනය ලබාගැනීමේ මංපෙත් අවහිරවෙලා තියනවා.පෙර පාසල් දරුවගේ ඉදන් සියළුම අධ්‍යාපන මට්ටම් වල ඉන්න දරුවෝ අසරණ වෙලා.

විශේෂයෙන්ම තන්තිරිමලය ප්‍රදේශයේ දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබන්න අවශ්‍ය සංඥා පහසුකම් නැහැ.පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය හිමිවරුන් පිරිසක් පිරිවෙනේ ඉන්නවා.උන්වහන්සේලා අධ්‍යාපනය ලබාගන්න දිනපතා විශාල වෙහෙසක් දරණවා.මේ සිග්නල් ප්‍රශ්නය නිසා ඔවුන්ට අධ්‍යාපනය අහිමිවෙලා.

සිග්නල් හොයන්න ගස් ගල් අට්ටාල උඩ නගින්න වෙලා.මම රුපියල් 50000කට අධික මුදලක් වියදම් කරළා එක එක මෙවලම් සවිකරා.නමුත් සංඥා හරියට ලැබෙන්නේ නෑ.සමහර දරුවන්ට ජංගම දුරකථන නෑ.මේ දරුවන් අධ්‍යාපනය ලබන්නේ කොහොමද?

සිය දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාගැනීමට තරම් අන්තර්ජාල පහසුකම් හා ස්මාට් ජංගම දුරකථන නොමැතිවීම පිළිබදව හැඩූ කදුළින් අදහස් දැක්වූ කිඹුල්වැව තන්තිරිමලය පදිංචි රසිකා චාන්දනී මහත්මිය.දරුවන්ට ස්මාට් ජංගම දුරකථනයක් අරන් දෙන්න තරම් වත්කමක් නෑ.මගේ දරුවා ඉගන ගන්න පන්තියේ දරුවන් 31 දෙනෙකු ඉන්නවා.දුරකථන තියෙන්නේ අටදෙනෙකුට විතරයි.

දුරකථන විතරක් නෙමෙයි මේ පැත්තට දුරකථන සිග්නල් ඇත්තෙම නෑ.දරුවෝ වන අලි ගහන කැලෑවට ගිහිල්ලා තමයි අට්ටාල උඩ නැගගෙන අධ්‍යාපන කටයුතු කරන්නේ.අපිට දහවල් කාලයේ දරුවන්ගේ ආරක්ෂාව සපයන්න වෙලා තියනවා.ඊට පස්සේ අපි ආපහු හේන් කුඹුරු රැකගන්න රාත්‍රීයට පැල් රකින්න යන්න ඕන යනුවෙන් ඇය පැවසුවාය.

ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීමට ස්මාට් වර්ගයේ ජංගම දුරකථන නොමැතිවීමෙන් පීඩාවිදින අනුරාධපුර තන්තිරිමලය බිල්ලෑව විදුහලේ අධ්‍යාපනය ලබන ඩබ්ලිව්.එච්.කෞෂල්‍යා ජයවීර සිසුවිය.

දීප්ත්‍යා සත්‍යාංගනී මගේ අක්කා 2021 උසස් පෙළ විභාගයට පෙනී ඉන්නවා.මම මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉන්නවා.මම විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව.මගේ නංගි මේ වසරේ ශිෂ්‍යත්වයට මුහුණ දෙනවා.

නමුත් තාත්තට අපිට ස්මාට් ජංගම දුරකථන අරන් දෙන්න විදියක් නෑ.තාත්තා ගොවියෙක්.අපිට ඉන්න ගෙයක්වත් නෑ.අපි ජංගම දුරකථන තියන අය කරන පන්ති වල උගන්වපු දේවල් පස්සේ ලියාගන්නවා.අපිට අධ්‍යාපනය ලබන්න දුරකථනයක් අරන් දෙන්න කෙනෙක් ඉන්නවා නම් බොහොම පිනක් යනුවෙන් ඈ පැවසුවාය.

දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය ලබාගැනීමට නොහැකිව පත්ව සිටින දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ යාය හය හත ප්‍රදේශයේ පදිංචි සම්පත් කුමාර මහතා.ඔන්ලයින් අධ්‍යාපනය ලබා ගැනීමට දරුවන් විදින දුක පිළිබදව ගුරුවරයෙක් හැටියට මට තියෙන්නේ පුදුම දුකක්.

මේ ගම්මාන වල ඉන්නේ ගොවියෝ.ඔවුන්ගේ එකම බලාපොරොත්තුව දරුවන් හොද තැනකට ගේන්න.නමුත් අන්තර්ජාල සංඥාවේ ඉදන් හැම දෙයක්ම උරුම බස්නාහිර මධ්‍යම දකුණ පැතිවල ඉන්න පාසල් දරුවන්ට විතරද?උතුරු මැද පළාතේ දරුවෝ හැමදාම කුඹුරු කොටන්න ඕනද?

මේ දරුවන්ට අම්මලා තාත්තලා ගෙදර කන්න තිබ්බ වී ටික විකුණලා ස්මාට් ෆෝන් අරන් දුන්නා.කනකර උකස් කරලා ස්මාට් දුරකථන අරන් දුන්නා නමුතත් සිග්නල් නෑ.ඒ අම්මා කෙනෙක් කිවුවා දරුවට ඉගෙන ගන්නත් විදියක් නෑ.ගෙදර අයට කන්නත් නෑ කියලා.මේ ගම්මානයේ ස්ථාන කිහිපයක දුරකථන සම්ප්‍රේශන කුළුණු තියනවා.එහි සම්ප්‍රේශණ කටයුතු විදිමත් කරන්න කියලා මම අදාල ආයතන හා බලධාරින්ගෙන් ඉල්ලනවා යනුවෙන් ඔහු පැවසුවේය.

ප්‍රදේශයේ රජයේ පාසල්වල ඉගනුම ලබන දරුවන්ට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හැදෑරීමට නොහැකිවීම නිසා ඇතැම් පාසල් වළ ගුරුවරුන් විදුහල්පතිවරුන් ගෙයින් ගෙට යමින් ඔවුන්ට අධ්‍යාපනය හැදෑරීමට හැකි අවස්ථාවන් සලසා දීමට වෙහෙසෙන අයුරුද මෙම ගමනේදි දැකගත හැකිවිය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….