එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?

expresspearl

M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත. ඒ් අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කට සීමා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන විසින් භාවිතා කරනු ලබන මුදල් ඒකකයක් වන SDR වෙනත් මුදල්වලට මාරු කරගත හැකිය.

මෙම තීන්දු ප්‍රකාශය අවලංගු කිරීම සඳහා වූ යම් ඉල්ලීමක් හෝ සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතියේ දෙවන වගන්තිය යටතේ හිමිකම් පෑම් 2024 ජනවාරි මස 27 දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු බව අධිකරණය දැනුම් දෙයි. එම සියලු ඉල්ලීම් හා හිමිකම් පෑම් යොමු කළ යුතු වන්නේ පහත දැක්වෙන ලිපිනයටය.

Admiralty and Commercial Registry and Listing Offices, 7 Rolls Building, Fetter Land, London EC 4A INL, United Kingdom.

පහත රූපයේ දැක්වෙන ලිපිනයන් වෙත පිටපත් යොමු කළ යුතුය.

M/V X-Press Pearl නෞකාවේ රක්ෂණ සමාගම වෙතින් ලබාගන්නා ලද පොරොන්දු ලිපියක් මගින් නෞකාව හිමි සමාගම විසින් මේ වන විට පොළිය ද සහිතව පවුම් 19,990,325.57ක මුදලක් අධිකරණයට ගෙවා සීමා කිරීමේ අරමුදලක් පිහිටුවා තිබේ.

ශ්‍රී ලංකාව 2023 අප්‍රේල් 23දා සිංගප්පූුරුමහාධිකරණයේ පොදු අංශයේ වන්දි නඩුවක් ගොනු කළ අතර එහි වන්දි ඉල්ලුම්කරුවා වන්නේ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාය.

X-Press පර්ල් සිද්ධියේ නඩු කටයුතු මෙහෙයවන්නේ, ශ්‍රී ලංකා රජයේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව පත් කර සිටින සිංගප්පූරු නීති සමාගමක් විසිනි. කෙසේ වෙතත්, මෙම නඩුව පැවරූ අධිකරණය නිවැරදිදැයි ඇතැම් අංශ විසින් ප්‍රශ්න කරන ලදි. මෙම නඩුව ශ්‍රී ලංකාවේ අධිකරණයක පැවරිය හැකිව තිබුණු බව ඔවුන් විසින් පෙන්වා දෙන ලදි. සිංගප්පූරු අධිකරණයට වන්දිය සීමා කිරීමේ හැකියාව තිබීම එයට හේතුව ලෙස දක්වන ලදි. මෙම නඩුව සිංගප්පූරු ජාත්‍යන්තර වානිජ අධිකරණය වෙත (SICC) මාරු කිරීමේ හැකියාව සොයා බලමින් සිටින බව 2023 මැයි 17දා නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයපැවසීය.

සිංගප්පූරුවේ නඩුව ප්‍රමාද කිරීමට රක්‍ෂණ සමාගම් උත්සාහ කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ 2023 ජුනි 4 සන්ඩේ ටයිම්ස්පුවත්පතට පැවසීය. “අපට අවශ්‍ය වන්නේ එක්සත් රාජධානියේ නඩුව හැකි ඉක්මනින් අවසන් කිරීමටයි. මෙම අනතුරට හේතු වී ඇත්තේ නැව් හිමිකරුගේ නොසැලකිල්ල බව අපට ඔප්පු කළ හැකි යැයි අපි විශ්වාස කරනවා. නැව ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර වෙනත් වරායන් දෙකකදී ගැටලුව ගැන වාර්තා කර තිබුණා. රක්‍ෂණකරුවන් විසින් ගොනු කරන ලද නඩුවේදී ශ්‍රී ලංකාවේ අවශ්‍යතා නියෝජනය කිරීම සඳහා රජයට එක්සත් රාජධානියේ නීති සමාගමක් සම්බන්ධ කර ගැනීමට සිදුවනු ඇති.”

2021 මැයි 20 වන දින සිංගප්පූරුවේ ධජය සහිත M/V X-Press Pearl ශ්‍රී ලංකාවේ බටහිර වෙරළට ඔබ්බෙන් ගිනිගෙන ගිලී ගියේය. එය කන්ටේනර් 1,488 ක් රැගෙන ගිය අතර, අනතුරුදායක භාණ්ඩ සහිත කන්ටේනනර් 81 ක්, නයිට්‍රික් අම්ලය ටොන් 25 ක්, තෙල් ටොන් 348 ක් සහ නර්ඩ්ල්ස් (ප්ලාස්ටික් නිෂ්පාදන සෑදීමට භාවිතා කරන) ලෙස හැඳින්වෙන කුඩා ප්ලාස්ටික් පෙති බිලියන 75 ක් ද මුහුදට එකතු විය.

2021 ජුනි මාසයේදී  ශ්‍රී ලංකාව මුලින් ඩොලර් මිලියන 40 ක වන්දියක් ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් කැඳවන ලද 40 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් විසින් 2023 වසර මුලදී අතුරු වාර්තාවක් ඉදිරිපත්  පාරිසරික ව්‍යසනයේ අලාභය ඩොලර් බිලියන 6.4 ක් ලෙස නියම කරන ලදි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) සහ විපතට පත් ධීවරයින් සඳහා දරන ලද වියදම් සඳහා අතුරු ගෙවීමක් ලෙස ශ්‍රී ලංකා භාණ්ඩාගාරයට ඩොලර් 890,000 ක් සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 16 ක් (ඩොලර් 49,200 ක් පමණ) ලැබී ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා පැවසීය.

ව්‍යසනය සිදු වූ දා සිට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 7.85 ක ගෙවීම් ලැබී ඇත. පළමු ගෙවීම ලෙස ඩොලර් මිලියන 3.6ක් 2021 ජූලි මාසයේදී ලැබුණි. තවත් ඩොලර් මිලියන 1.75ක් 2022 ජනවාරි මාසයේදී ලැබුණු අතර තුන්වන ගෙවීම ඩොලර් මිලියන 2.5ක් 2023 සැප්තැම්බර් මාසයේදී ලැබුණි.

අජිත් පැරකුම් ජයසිංහ

www.praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….