elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

ඩිසල් මිල ඉහල යාම හා පවතින වැසි තත්වයන් හේතුවෙන් හැටන් නගරයේ එළවළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග ප්‍රදේශයේ පාරිභෝගි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට හැටන් නගරයේ බෝංචි ක්‍රිලෝව රුපියල් 600ත් 650ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 320ත් 340ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 780ත් 800ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 800ත් 900ත්, වම්බටු ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, මෑකරල් 300ත් 320ත්, බිට් ක්‍රිලෝව රුපියල් 360ත් 400ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, පතෝල ක්‍රිලෝව රුපියල් 400ත් 420ත්, කරවිල ක්‍රිලෝව 440ත් 450ත්, එලබටු ක්‍රිලෝව රුපියල් 400ත් 420ත්, අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 750ත්,ගෙඩි ගෝවා ක්‍රිලෝව රුපියල් 250ත් 300ත් වට්ටක් ක්‍රිලෝව රුපියල් 150ත් 180ත්, රාබු ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, පලා මිටිය රුපියල් 60ක් වැනි මිලකට අලෙවි වනු ඇත.

මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝකයන් පිරිසක් පවසනුයේ හැටන් නගරයේ සමහර එළවළු වෙළදුන් ඉහල ගිය ඉන්දන මිල හා ප්‍රදේශයේ පවතින වැසි තත්වයන් දඩමිමා කර ගෙන එළවළු මිල දැඩි ලෙස ඉහල දමමින් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව දැඩි ලෙස ගසා කැමට ලක් කරන බවත්ය.

මෙකි සමහර එලවළු වෙළදුන් වැසි පවතින විට වැසි නිසා එලවළු හිග බවත් වියළි කාලගුණික කාලයේදි පැවිල්ල නිසා එළවළු හිග බවත් පවසමින් පාරිභෝගිකයන් ගසා කන බවත් මෙවර වැසි වලට අමතරව ඉන්දන මිලද පෙරට දමා පාරිභෝගිකයන් ගසා කැමට ලක් කරන බවද එම පිරිස් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන නගරයේ එළවළු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ ඉන්දන මිල දැඩි ලෙස ඉහල යාමත් සමග ප්‍රවාහන ගාස්තු පෙරට වඩා දෙගුණයකින් ඉහල ගොස් ඇති බවත් මේ වනවිට පවතින වැසි සමග එලවලු තොග මිලද ඉහල යාමත් සමග මෙම තත්වයන් උදාවී ඇති බවත්ය.

එළවළු මිල මෙසේ ඉහල යාමත් සමග එළවළු අලෙවියද දැඩි ලෙස පහල බැස ඇති බැවින් තමන්ද දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම වෙලදුන් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories