ක්‍රිකට් පාලනයට 18කගේ අධ්‍යක්ෂ මණ්ඩලයක්

cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය සඳහා 18 දෙනෙකුගෙන් යුතු අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීමට හැකිවන පරිදි නීති සංශෝධනයක් සඳහා වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට රජය තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ක්‍රිකට් පරිපාලන නීතිය සංශෝධනය කිරීමේ යෝජනාව සකස් කොට ඇත්තේ ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් මගිනි.

මෙම වාර්තාව පසුගියාසයේ ජනාධිපතිවරයා වෙත ලැබී තිබුණු නමුත් එය ක්‍රියාත්මක කිරීම දැන් පවතින ලෝක කුසලාන ක්‍රිකට් තරග නිම වීමෙන් පසුව සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙරණය කොට තිබිණි.

කෙසේ වෙතත්, ජනාධිපතිතුමා ද දැනුවත් නොකර ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ක්‍රියාත්මක වීමෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වය තුළ ඉහත වාර්තාව ඉක්මනින් ක්‍රියාවට නැගීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

ඒ අනුව මෙම ප්‍රශ්නය ගැන ක්‍රියාකරන කැබිනට් අනු කමිටුවේ සභාපති විදේශ ඇමති අලි සබ්රි මහතා වෙත ලබා දී තිබේ.

විනිසුරු චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා යෝජනා කොට ඇති ව්‍යවස්ථා කෙටුම්පත මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකත්වය, සංයුතිය, පරිපාලනය සහ කළමනාකාරිත්වය පිළිබඳ පුළුල් ප්‍රතිසංස්කරණයක් නිර්දේශ කර ඇත. යෝජිත වෙනස්කම් යටතේ සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනු ඇත. සෑම අධ්‍යක්ෂකවරයෙකුම වසර හතරක කාලයක් සේවය කරන අතර ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට ඔවුන්ට බලය ඇත. මෙම තීරණ ක්‍රියාත්මක කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ වගකීම වනු ඇත.

අධ්‍යක්ෂවරුන් 18 දෙනාගෙන් 8 දෙනෙකු පත් කෙරෙන අතර, ඔවුන් පත් කිරීම සඳහා නිර්දේශය සාමාජිකයන් හය දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් මගින් සිදු කරනු ලැබේ. මෙම කමිටුවට ජාතික ක්‍රීඩා සභාව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය සහ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනය යන ආයතනවල නියෝජිතයන් ඇතුළත් වනු ඇත.

ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 10 දෙනා නිල මැතිවරණ ක්‍රියාවලියකින් තෝරා ගැනේ. මෙම ක්‍රියාවලියේදී ක්‍රිකට් සමාජ නියෝජනය කරමින් අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකු, ක්‍රීඩකයන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙක්, පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් අයෙක්, කාන්තා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එක් අයෙක්,ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙක් සහ පුහුණුකරුවන්ගේ සංගමය නියෝජනය කරමින් එක් අයෙක් පත් කිරීමට යෝජිත ය..

තවද, යෝජිත ව්‍යවස්ථාවෙන් යෝජනා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධ අංශ සඳහා කැප වූ කමිටු 12 ක් පිහිටුවීමටයි. මෙම කමිටුවලට ක්‍රිකට් කමිටුව, විගණන කමිටුව, අදාළ පාර්ශව අතර ගනුදෙනු කමිටුව, නාමයෝජනා කමිටුව, තේරීම් කමිටුව, තරඟාවලි කමිටුව, පහසුකම් සංවර්ධන කමිටුව, නීති රීති, බේරුම්කරණය සහ විනය කමිටුව, ආයෝජන කමිටුව, තහනම් උත්තේජක සහ දූෂණ විරෝධී කමිටුව, සහ වේතන කමිටුව ඇතුළත් වේ.

ඒ අනුව සමස්ත ක්‍රිකට් පරිපාලනය පරිපුර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් වනු ඇත.

මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදා කර ගැනීම සඳහා වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස බලකෙරෙන යෝජනාවට සහය දීමට ආණ්ඩුව තීරණය කොට ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….