චීන එක්සීම් බැංකුවේ මූල්‍ය සහතික ලිපිය නිල වශයෙන් බාර දෙයි

චීන එක්සීම් බැංකුව විසින් නිකුත් කළ මූල්‍ය සහතික ලිපිය ශ්‍රී ලංකාවේ චීන නියෝජ්‍ය තානාපති හු වෙයි (Hu Wei) මහතා අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත නිල වශයෙන් බාර දෙනු ලැබීය.

නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමට ඉදිරියේ දී චීනයේ මහා පරිමාණ සමාගම් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ද එහිදී නියෝජ්‍ය තානාපතිවරයා පැවසීය.

More Stories