ජීවිතය ඉල්ලන දරු පවුලක්

Elephant attack human elephant attack today elephant attack man killed elephant attack man in zoo deadly elephant attacks

වන අලි ප්‍රහාරයකින් පාඩික්ගම ගම්මානයේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී දරුවන් සමග අසරණ වූ දෙමව්පියෝ ගසක් උඩ පිහිටි පැලක සිටින පුවතක් අපට මැදවච්චියෙන් වාර්තා විය.

මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තුලාන අංක 54 හිරල්ලුගම වසමේ මෙම පාඩික්ගම ගම්මානය පිහිටා ඇත. ගොවිතැන මූලික ජීවනෝපාය වූ මෙම ගම්මානය දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් සිටින ගම්මානයක් බවට මැදවච්චියේ නම් දරා ද ඇත්තේ බලධාරීන් එම ගම්මානයට කුඩම්මාගේ සැලකිල්ල දක්වන නිසාවෙනි. එමන්ම දීර්ඝ කාලයක සිට ගොවීන් වගා කරමින් සිටි හේන් රක්ෂිත කරමින් අඩවි වන නිලධාරීන් විසින් ගම්වාසීන්ට සිදු කළ අසාධාරණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ගම්මානයට වල් අලි දිගෙන් දිගටම පැමිණෙන බවයි ගම්වාසීහු පවසන්නේ.

මෙලෙස වල් අලි ප්‍රහාරය එල්ල වී ඇත්තේ එච්. බී උපාලි රණවීර නමැති සිව් දරු පියකුගේ නිවසටය. පුරා වසර 20 ක කාලයක් තම දරුවන්ට සෙවන ලබා දුන් කටු මැටි වරිච්ච බිත්ති වලින් සමන්විත මෙම නිවස බිඳී යෑමත් සමගම පාසල් යන දරුවන්ට ඉතිරිව ඇත්තේ පොත් බෑගය පමණක් බවත් කැඳ බීමටවත් හාල් ටිකක් නොමැති බවත් නැවත නිවසක් සාදා ගැනීමට උදවු උපකාර අවශ්‍ය බවත් හැඬූ කඳුළින් එච්. බී. උපාලි රණවීර පියා අපට කීහ.

එච්.බී උපාලි රණවීර ගොවි මහතා – අපි අවුරුදු 20 ක් පදිංචිව සිට නිවස අලි කැඩුවා. මේ දෙවනි පාර මගේ නිවස අලි කඩපු. අපිට දැන් ගහ උඩ තියෙන පැලේ ජීවත් වෙන්න වෙන්නේ. ඉන්න තැනක් අපට නෑ. මේ දුප්පත් අපට අස් වැසුමවත් ලැබුණේ නෑ. ප්‍රාදේශීය ලේකම්තුමියයි ග්‍රාම නිලධාරිතුමයි ඇවිත් අපි විඳින දුක සොයා බලලා අස් වැසුමට අභියාචනා දාන්න කිව්වා. ගෙදර හරියේ හාල් ඇටයක් මේ දරුවන්ට කන්න දෙන්න අලි ඉතුරු කළේ නෑ. දරුවන්ගේ පොත් බෑගය විතරයි ඉතුරු වුණේ. වැසසට මේ බඩු ටික තෙමෙනවා. බිම හැලිලා තිබුණු හාල් ටිකවත් එකතු කරලා කැඳවත් හදා ගන්නවා. මම අසරණ වෙලා ඉන්නේ. අනේ අපට උදව් කරන්න. මේ ගේ හදා ගන්න. මේ පවුලට උදව් කරන්න හැකි දානපතියෙක් ඉන්නවනම් 0760046846 දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න.

මැදවච්චිය ගයාන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….