දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් අද විවෘත කිරීමට නියමිතව තිබේ.
මාතර සිට බරවාකුඹුක දක්වා ඇති කිලෝමීටර් 56කින් යුතු මාර්ග කොටස මෙලෙස විවෘත කරන අතර, බෙලිඅත්ත කහවත්ත ප්රධාන පිවිසුම් මාර්ග පරිශ්රයේ දී සමාරම්භක උළෙල පැවැත්වේ.
මෙහි මුළු දුරින් 20%ක් උස් වූ කුලුණු මතින් ඉදිවී ඇති මේ අධිවේගී මාර්ගය නිසා මාතර හා හම්බන්තොට දිස්ත්රික්කවල ඇති විය හැකි ගංවතුර උවදුර මඟහරවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.






