සමීර අබේසිංහ – බොරලැස්ගමුව
සමීර අබේසිංහ – බොරලැස්ගමුව
මෙම වෙසක් සමයේදී, දේශීයව සාදන ලද වෙසක් සැරසිලි මිලදී ගෙන පවුලකට ජීවිකාවක් උපයා ගැනීමට උපකාර කරන ලෙස ඩේලි රිපෝටර්, ඉම්පැක්ටස් සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. මෑත වසරවලදී, චීනයේ නිෂ්පාදිත පහන් කූඩු සහ LED ලාම්පු ශ්‍රී ලංකා වෙළඳපොළට ගලා විත් තිබේ. ඒවා ලාභදායීය. වඩා දීප්තිමත්ය. සුපිරි වෙළඳසැල්වල සිට පාර…
ශ්‍රී ලංකා රජය විදුලි ගාස්තු නිර්ණය කිරීම සඳහා අලුතින් මිල සූත්‍රයක් නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය. පසුගියදා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව විසින් අනුමත කරන ලද පස්වැනි ණය වාරිකය ලබාදීමේදී මීළඟ සමාලෝචනයට පෙර විදුලි මිල සූත්‍රයක් හඳුන්වාදීමේ කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව, රජය විසින් විදුලි ජනනයේ පිරිවැය මත පදනම්ව මිල සූත්‍රයක් හඳුන්වා දිය…
සිරි දළදා වන්දනාව පැවති දින 10 තුළදී කසල ටොන් 600ක් ඉතා අවිධිමත් ලෙස බැහැර කර තිබුණු බව මහනුවර මහ නගර සභාවේ ජ ඝන අපද්‍රව්‍ය ඒකකයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක මහතා පවසයි. ඒ අතර ප්ලාස්ටික් හිස් වතුර බෝතල් ලක්ෂ 35ක් තිබී ඇත. ඇතැම් පිරිස් පොලිතීන් බෑග්වලට මළ මූත්‍ර පහ කර දමා ගොස් තිබියදී හමු විය. සැලසුමකින්…
පෙබරවාරි 1දා සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුවෙමින් තිබේ. එහෙත්, අධික බදු හේතුවෙන් වාහන අලෙවිය සීමා වී ඇති බව වෙළඳපොළ ක්‍රියාකරුවෝ පවසති. අලුත් වාහන ආනයන සමාගම් වාහන ඇණවුම් ලැබීමෙන් පසු වාහන ආනයනය සඳහා කටයුතු කරන නිසා අලුත් වාහනයක් ලබාගැනීමට මාස 4-6 පමණ දක්වා කාලයක් ගතවේ. ආනයනය කළ වාහන මාස…
ශ්‍රී ලංකාව ඔක්තෝබර් 1 සිට ශ්‍රී ලාංකිකයන් නොවන අය විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා බදු අය කිරීමට සූදානම්ය. 2025 අංක 4 දරන වැට් (සංශෝධන) පනතේ සහතික කිරීම මගින් මෙය නීතිගත කරන ලදී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලියාපදිංචි කිරීම, ගෙවීම සහ අනුකූලතාවය සඳහා වන ක්‍රියා පටිපාටි නියමිත වේලාවට කොමසාරිස් ජනරාල්…
2025 අප්‍රේල් 1දා සිට ස්ථාවර තැන්පතු පොළියෙන් අයකරනු ලබන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩි කර තිබේ. කෙසේ වෙතත්, කිසියම් පුද්ගලයකුගේ වාර්ෂිකව තක්සේරු වන ආදායම රු. 1,800,000ට හෙවත් රු. ලක්ෂ 18ට අඩු නම්, ස්ථාවර තැන්පතුවලින් අය කරනු ලබන පොළිය ආපසු ලබාගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ඒ සඳහා බැංකුවට හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට…