දේශපාලන පළිගැනීම් නිසා ජන ජීවිත වනගතවේ

desapalanapaliganim

රටේ පාලන බලය දේශපාල කඳවුරකින් තවත් කදවුරකට මාරුවන විට ⁣ ර⁣⁣ටෙි බොහෝ සංවර්ධන ව්‍යාපෘති නතරවීම,  අඩාලවිම හෝ වෙනස්වීමෙන්  බැටකන්නට සිදුවන්නේ රටේ දුප්පත් , අහිංසක ,නැති බැරි ජනතාවය.

කළුතර දිස්ත්‍ර්‍රික්කයේ, පාලින්ද නුවර “පැළෑද රජමහා විහාර උදාගම” ලෙස යෝජනා කර පවුල්  52 කට ඉඩම් කට්ටි ලබාදි,  නිවස ණය ආධාර  ක්‍රමක් ක්‍රියාත්මකවී තිබියදී  රටේ පාලන බලය මාරුවීමෙන් අමාරුවේ වැටි ඇත්තේ  එදා වෙිලට කුලි රැකියා කරන , නිවසක සිහින දුටු අහිංසක පවුල් 52 ක මින්සුුන්ය.

පර්චස්  15 බැගින් ඉඩම් කට්ට් 52 ක් වෙන්කර  මාර්ග, මංමාවත්  ඇතුළු  සංවර්ධන කටයුතු සියල්ල  අතරමග නතරවි වසර තුනක් ගතව  තිබෙි.  රුපියල් ලක්ෂ 06 ක නිවාස ණය ආධාරයකින් රුපියල් ලක්ෂ එක හමාරක්  ලැබි නිවාස 52 ක වැඩ  ආරම්භ කර  අතර මග නතරවී අහිංසක ජනතාවගේ නිවාස සිහින  වනගත වෙමින් තිබෙි. මාර්ග ඉදිකිරිම් අතර මගය, ක්‍රිඩා පිටි, ප්‍රජා ශාලා, ඇතුළු පොදු පහසුකම් සදහා වු ඉදිකිරිම්  සියල්ල කැලෑවටය.

2019 වර්ෂයේ පැවති රජයේ නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබාදුන් නිවාස ණය අතර මග නතර කර දැමිමෙන් ඇතැම් නිවාස කැලෑවට යටවෙමින්  තිබේ.ලැබුණු ලක්ෂ  එක හමාරක  මුදලින්  සිදු කළ ඉදි කිරිම්  වසර තුනක් තිස්සේ  දිරා, ගරා වැටෙමින් කැලෑවට  යමින් තිබෙි.

ගලහිටියේ  ඒ. ජී. සදරේණු කුමාරි මහත්මිය

2019 අවුරුද්දෙ මේ ඉඩම පාලින්ද නුවර ප්‍රාදෙුශිය ලේකම් කාර්යාලය හරහා ලැබුණා. රුපියල් ලකෂ (06) හයක නිවාස ණය අනුමත වෙලා එයින් ලක්ෂ එකහමාරක් ලැබුණා.එ් මුදල්  වැය  කරල අත්තිවාරම  දාල , අතේ තිබුුණ හැම සතේම වැය කරල  වැඩ පටන් ගත්තා.නමුත්  ආණ්ඩුව වෙනස් වුුණාට  පස්සෙ මේ උදාගමේ  වැඩෙි නතරවෙලා අපට යන එන මංනැතුව ගියා. දැං ඉටි කොළවලින් වට කරගන ඉන්නවා.අපෙන් පලි ගන්න  එපා. අපි අසරණයි. නිවාස ණය ටික දෙන්න. පාරවල් ටික හදල, අපට පදිංචි වෙන්න  උදවි කරන්න කියල ඉල්ලනවා.

පැළෑද යෝජිත  උදාගමෙි පදිංචි  –  ගංගා  සදමාලි මහත්මිය

අපට ස්ථිර රැකියා නෑ .කුලි වැඩ කරල, අනුන්ගෙ තේ දලු කඩල කීයක් හරි අරගන  ජිවත්  වෙන අපට ගේ හදා ගන්න වත්කමක් නෑ. ආණුඩුව වෙනස් වුනත් නිවාස අධිකාරිය වෙනස් වෙලා නෑ.

අපට දුන්න ලක්ෂ එකහමාරෙ ණය වාරික ඉල්ලනව. ගේ හදාගන්නෙ  නැතුව වාරික ගෙවනනෙ කොහොමද.. උදාගමට රුපියල් ලක්ෂ 25 ක් වැය කරල  ළිදක් කපල   විශාල ටැංකියක් ගහල , හැම ගෙයක් ළගටම බට දාල.මෝටරයකුත් දාල  තියෙනවා.ජල ව්‍යාපෘතිය විවෘත්ත කරන්න විතරයි තියෙන්නෙ එ්ක කැලෑවට යනවා.වතුර නැතිව අපි.දුක් විදිනවා.

පාලින්ද නුවර ප්‍රාදේශිය සභා මන්ත්‍රි නිහලු් ජයසිංහ මහතා

මෙික පසුගිය යහපාලන රජයේ උදාගම් වැඩසටහන  යටතේ ඇති කළ ගමක්. ආණ්ඩු පෙරලියත් සමග උදා ගමේ සියළු වැඩ අතර මග නතරවෙලා ගම කලෑවට යනවා.

ඉඩම්කටිටි 52 ක් තියෙනවා. ඒ අයට ඉඩමේ අයිතිය පවරල, ගෙවල් හැදීම ආරම්භ කර දැං ඒවා  කැලෑවට ගිහිල්ලා. ගෙවල් 52 ම වැඩ පටන් අරගන නතර කරල  පවුල් 20  -30 විතර බාගෙට හදපු ගෙවල් වල දැනට පදිංචිවෙලා  ඉන්නවා.ආණ්ඩුව වෙනස් වුුුනත් නිවාස ණය මුදල දෙන්න පුළුවන්.

ගමට ජලය දෙන්න ලක්ෂ 25 පමණ වැය කල ජල ව්‍යාපෘතියේ වැඩ අවසන් කර තියෙනවා.  ලක්ෂ දහයක් වැය කරල කැපු පාරවල් හේදිලා, විනාශ වෙනවා. ක්‍රිඩා පිටියේ ඉදිකිරිම් කැලෑවට ගිහිල්ලා. උදාගමෙන් පළිගත්තට වැදිල තියෙන්නෙ අහිංසක ජනතාවටයි. කුලිය කරල ජිවත්වෙන  මේ මිනිස්සුන්ට වතුර ටික දෙන්න, ගෙවල් හදා ගන්න ණය මුදලෙ ඉතිරිටික දෙන්න කියල වගකිවයුත්න්ගෙන් ඉල්ලනවා.

එස්.පොද්දෙණිය  – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….