කලවම් කළ පොල් තෙල් අලෙවිය වැළැක්වීමේ පියවරක් ලෙස සඳහන් කරමින් ඇසුරුම් නොකළ පොල්තෙල් අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කර තිබිණි.
“පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන බවට බොහෝ පිරිස් ප්‍රකාශ කරන බවත් ඒ මහතා කීය. එම නිසා පොල්තෙල් නමින් වෙළෙඳපොළට නිකුත් කරන තෙල්වල නිෂ්පාදකයා මෙන්ම ඇතුළත් කළ යුතු සියලු කරුණු ඇතුළත් කර ඇසුරුම් සහිතව වෙළෙඳපොළට එම පොල්තෙල් නිකුත් කළයුතු බවත් ඔහු පැවසීය. මෙම තත්ත්වයට අනුගතවීමට මාස කිහිපයක් ලබාදී ඉන් අනතුරුව මෙය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඒ මහතා කීය. පොල්තෙල් නමින් කලවම් කරන ලද තෙල් වෙළෙඳපොළ තුළ අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව ද ඒ මහතා කියාසිටියේය,” යි දිවයින පුවත්පත පවසයි.
මෙම තීරණය කිසිදු සාක්ෂියක් මත පදනම්ව ගත් එකක් බව නොපෙනේ. තීරණයට හේතුව ලෙස දැක්වෙන්නේ බෝ නොවන රෝගවලට ලක්වන බව බොහෝ පිරිස් ප්‍රකාශ කිරීමයි.
මුලින්ම, වෙළඳපොළේ අලෙවියට තිබෙන ඇසුරුම් කළ හා නොකළ පොල්තෙල්වල සංයුතිය පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් කළ යුතුය. එසේ නොමැතිව, අසුරා නැති පොල්තෙල් පමණක් “ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන බව” පැවසිය නොහැකිය.
පොල්තෙල් අලෙවිය සම්බන්ධයෙන් දැනටත් නීති තිබේ. ඒවා හරි හැටි ක්‍රියාත්මක වීමක් හෝ නිසි අධීක්ෂණයක් නැත.
ඇසුරුම් කරන ලද පොල්තෙල් සාමාන්‍යයෙන් ඇසුරුම් නොකළ පොල්තෙල්වලට වඩා මිලෙන් වැඩිය. එසේම, ඒවා ඇත්තේ බොහෝ විට ලීටරයේ ප්‍රමාණයෙන් වන අතර මිල දී ගැනීමට විශාල මුදලක් එකවර ගෙවිය යුතුය. ගමේ සිල්ලර කඩෙන් පොල්තෙල් බෝතල් බාගය, කාල ගෙන යන දුප්පතුන්ට මෙය දැඩිව බලපානු ඇත.
මේ වන විට වෙළඳපොළේ බාල පොල්තෙල් වර්ග අලෙවියට තිබේ. ගුණාත්මක වශයෙන් බාල මෙම පොල්තෙල් වීදි ආහාර, බේකරි නිෂ්පාදන පමණක් නොව කර්මාන්ත ආහාර නිෂ්පාදනවලට පවා යොදාගන්නා බව දන්නෝ දනිති. ඒවා කිසිවක් පාලනය කිරීම සඳහා තිබෙන නීති රීති ක්‍රියාත්මක නොකර, සුළු පොල්තෙල් නිෂ්පාදකයා හා සුළු පාරිභෝගිකයා අමාරුවේ දමන මෙම තීරණ මෙවැනි ආර්ථික අර්බුදයක් මැද මනෝඥ පියවර නොවේ.
Cabinet Paper Seeks Ban on Unpackaged Coconut Oil Sales Amid Health Fears