මහා ශිව රාත්‍රී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(01)ට යෙදී තිබේ.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි.

ලොව බලවත්ම දෙවියා කවු ද යන්න පිළිබඳව විෂ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි , ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් ය.

එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විෂ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැහැ.

ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශීව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරනු ලබයි.

මහාශිව රාත්‍රි දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

පුද්ගල ජීවිතය මෙන්ම ලෝකය තුළ අන්ධකාරය හා අවිද්‍යාව බිඳ ප්‍රඥාව අවදි කර ගැනීම මහාශිව රාත්‍රි දිනයේදී සමරනු ලබයි. එමෙන්ම සමෘද්ධිය හා සශ්‍රීකත්වයේ අපේක්ෂාව ද මහාශිව රාත්‍රිය හා බැඳී පවතී.

සියලුදෙනා පීඩාවෙන් මුදා ගැනීම යනු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය දිව්‍යමය ප්‍රාර්ථනාවකි. ශිව දෙවියන් වෙනුවෙන් උපවාසයේ යෙදෙමින්, යැදුම් පවත්වමින් හා භාවනායෝගීව සිටිමින් මහාශිව රාත්‍රි දිනයේ අත්කරගත් ආධ්‍යාත්මික ශක්තීන් සමස්ත සමාජයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට ආශිර්වාදය එක් කරනු ඇතැයි යන්න සැමගේ අපේක්ෂාවයි.

ශිව දෙවියන්ගේ මංගල්‍යය සංකේතවත් කරන විශ්වාසයන් සමස්ත ලෝකවාසී ජනතාව තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ඇති කරවන අතර අවංක බව, ත්‍යාගශීලී බව සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංගයන් අනුව ජීවත්වීමට ආරාධනා කරයි. මහාශිව රාත්‍රියේ ආධ්‍යාත්මික පණිවුඩය එකිනෙකා අතර සාමූහික බව තවදුරටත් ශක්තිමත් කරනු ලබයි.

ආධ්‍යාත්මික සුවය, සශ්‍රීකත්වය සහ ප්‍රබෝධය සියලු දෙනාගේ යහපත් අභිමතාර්ථ සාධනයට හේතු වන සුබ මහාශිව රාත්‍රි මංගල්‍යයක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

මහ ශීව රාත්‍රි දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ, දුකට පත් සිතට ඔබ සතුට අපේක්ෂා කරනවා මෙන් අඳුරෙන් වැසුණු ජිවිතයට අද වැනි දිනක ඔබ ආලෝකය ප්‍රාර්ථනා කළ යුතු බවයි.

මහා ශිව රාත්‍රි දින උපවාසයේ යෙදෙන ශ්‍රී ලාංකික හින්දු භක්තිකයින්ගේ යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා යැයි අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක් කරයි.

ලෝකවාසී සමස්ත හින්දු ජනතාවට සාමය , දයාව , සංහිඳියාව උදෙසා මඟ කියන අර්ථපුර්ණ මහා ශීර රාත්‍රි දිනයක් උදාවේවායි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පැතුමයි.

සිත නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් ලොව පුරා ජීවත්වන ලක්ෂ සංඛ්‍යාත හින්දු බැතිමතුන් මෙම දිනය උත්කර්ෂවත් ලෙස සමරන මමත්වය හා අහංකාරය දුරු කිරිමට ඉවහල් වන ප්‍රඥා ආලෝකය පැතිරේවා යැයි ද විපක්ෂනායකවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් ය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….