මුදල් පසුම්බියක් අහුලාදුන් කම්කරුවකුට උපහාර දැක්විමක්

පසුගිය දිපවාලී උත්සව සමයේදි බිම වැටි තිබු රුපියල් පනස් දාහාක් සහිත මුදල් පසුම්බියක් අහුලා අයිතිකරුට බාර දුන් කම්කරුවකුට උපහාර දැක්විමක් අද 27වන දින හැටන් සිරිකුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි.
හැටන් දික්ඔය නගර සභාවේ මාර්ග අතුගාන කම්කරුවකුලෙස සේවය කරන දරු හය දෙනකුගේ පියකු වන ජේ. සෙල්වම් (අවුරුදු 43) යන අය වෙනදා මෙන් නගරයේ මාර්ග අතුගාමින් සිටින විය යම් පසුම්බියක් දැක එය රැගෙන බලන විට එහි රුපියල් පනස්දාහාක මුදලක් තිබි ඇත.

පසුව එම මුදගල් පසුම්බිය රැගෙන ගිය සෙල්වම් හැටන් දික්ඔය නගර සභාවේ එවකට නගර සභාපති ලෙස කටයුතු කල එස්. බාලචන්ද්‍රන් යන අයට ලබාදිමෙන් අනතුරුව බාලචන්ද්‍රන් මහතා විසින් එය අයිතිකරු සෙයා සෙල්වම්ද සමග අයිතිකරුට බාර දිමට පියවර ගෙන ඇත.

මෙම සිද්දිය පිලිබදව විස්තර දැනගැනිමෙන් පසු එවන් උදාර සේවයක් කල එම කම්කරුවා වන සෙල්වම්ට උපහාර දැක්විමක් කල යුතු බවට හිතට ගත් හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් ඒ පිලිබදව අදාල අංශ දැනුවත් කිරිමෙන් අනතුරුව සිටික් ආයතනයේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක එස්. නිකලස් මහතාගේ සම්බන්ධිකරනයෙන් මෙම උපහාර උත්සවය පැවැත්විම සිදු කරන ලදි.

මෙහිදි අදහස් දැක්වු නියුමන් පිරිස් පියතුමන් පවසන ලද්දේ මුදල් පසු පස හබා යන මෙවන් යුගයක මාර්ග අතුගාන කම්කරුවක් ලෙස සේවය කරන ජේ. සෙල්වම් යන අය මෙම ප්‍රදේශයට පමනක් නොව මුලු රටටම ආඩම්බරයක් බවත්ය.
ද්‍රවිඩ හිංදු පුද්ගලයකු වන මොහු ඔවුන්ගේ අති උත්කර්ෂවත් උත්සවයක් වන දිපවාලි සමයක මෙසේ අහුලා ගත් මුදලින් දිපවාලිය සැමරිම පසේක තබා එම මුදල අදාල අයිතිකරුට ලබා දිමට පියවර ගැනිම උදාරතර කට යුත්තක්.
වෙනත් අයෙක් නම් මෙසේ අසුලා ගන්නා ලද මුදලින් විවිධ දේ කිරිමට පෙලබෙන බවත් එහෙත් අහිංසක කම්කරුවකු වන මෙම සෙල්වම් යන අය කරන ලද එම උදාරතර කටයුත්ත ඇගයිමට තමන් සිතට ගත් බවත් ඒ අනුව එම කටයුත්ත අද දිනයේ පැවැත්විම මෙසේ සිදු කරන බවද නියුමන් පිරිස් පියතුමන් වැඩි දුරටත් පවසන ලදි.

මෙහිදි කරන ලද විමසිමකදි අදහස් දැක්වු ජේ. සෙල්වම් යන අය පවසන ලද්දේ තමන් වසර 14ක් හැටන් දික්ඔය නගර සභාවේ කම්කරුවකු ලෙස සේවය කරන බවත්ය.
වෙනදා මෙන් සුපුරුදු ලෙස තමන් මාර්ග අතුගා සුද්ධ පවිත්‍ර කිරිමේ කටයුතුවල යෙදි සිටින විට කසල ගොඩේ යම් පසුම්බියක් තිබෙනු දැක එය රැගෙන බලන විටදි එහි රුපියල් පනස් දාහාක මුදලක් තිබෙනු දැක එම මුදල් සහිත පස්ම්බිය එවක නගර සභාවේ සභාපති ලෙස කටයුතු කල බාලචන්ද්‍රන් මහතාට ලබා දිමට පියවර ගත් බවත්ය.
පසුව සභාපති තුමන් විසින් එම මුදල් පසුම්බියේ නියම අයිතිකරු සොය නගර සභාවට එම අයිතිකරු කැදවා තමන් ඉදිරියේදි එම මුදල් පසුම්බිය අයිතිකරුට බාර දිමට පියවර ගත් බවද ඔහු පැවසිය.

දිපවාලි උත්සව සමයේ තම දරුවන්ට ඇදුම් ලබා දිමටවත් අඩු තරමින් බුලත් විටක් කැමටවත් තමන් සන්තකයේ මුදල් නොතිබුන බවත් එහෙත් අනුන්ගේ දෙයකු තමන් සතු කර ගෙන එම මුදලින් දිපවාලිය සැමරිමට වඩා එම මුදල එහි අයිතිකරුට ලබා දිම සුදුසු බවට හැගුන නිසා එම මුදල් පසුම්බිය අදාල පුද්ගලයාට ලබා දිමට තමන් පියවර ගත් බවද ඔහු පැවසිය.

තමන් කල එම කටයුත්ත පිලිබදව තමන්ව මෙසේ ඇගයිමට ලක් කිරිමට පියවර ගත් හැටන් ක්‍රිෂ්තු දේවස්ථානයේ ප්‍රධාන පුජක තුමන් ඇතුළු සියළුම දෙනාට තමන් මෙම අවස්ථාවේදි ස්තුතිය පුද කරන බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….