මෙරට තට්ටම් පලන පොලීසිය මෙන්න

කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ.

පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්, මේ සම්බන්ධව වැඩි දුර පරීක්ෂණයන්ට යැයි පවසා මෙම පුද්ගලයා දින 3ක් තිස්සේ රදවාගෙන තිබේ. එහි දී තමුන්ට ඉතා අමානුෂික අයුරින් පහරදුන් බව පවසයි. පසුව අක්මීමන පොලීසිය විසින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්දව චෝදනාවක් ඉදිරිපත් කිරීම නිසා අධිකරණය විසින් රුපියල් 5000 දඩයක් නියම කර ඔහු මුදාහැර තිබේ. පහත දැක්වෙන්නේ නිශාන්තගේ ඒ කතාවයි.

“ඊට පස්සේ අක්මීමන පොලීසිය මට වරෙන්තුවක් තියෙනව කියල කූඩුවට දැම්මා, පැය දෙක තුනකට පස්සේ ඒලියට අරන් මොනවද හොරකම් කළේ කියලා අහලා මාංචු දාලා මට හොඳටම පොලුවලින් ගැහුවා. අපේ ගෙවල් ළඟ බැටරි දෙකක් නැති වෙලා තියෙනවා ඒ බැටරි දෙක දීපන් කියලා පොලිසිය කිව්වා. නඩුකාරතුමාගේ නිවස කඩල අරගත්තු ටීවී එකට රුපියල් පහළොස් දාහක් මගෙන් ඉල්ල ඉල්ලයි ගැහැව්වේ.

ඊට පස්සේ ආයෙමත් මම කූඩුවට දාලා රාත්‍රී 7:30 ට විතර එලියට ගත්තා. ඊට පස්සෙ අත්දෙකට හා කකුල් දෙකට මාංචු දාලා අත් දෙක පිටුපසට කරලා බිම හරවල පොලිසියේ ලොකු මහත්තුරු දෙන්නෙක් ඒකතු වෙලා මට හොදටම ගහල ආයෙත් කූඩුවට දැම්මා.

ඊට පහුවදා උදේ ආයේමත් එළියට ගත්තා. මගෙන් ඇහුවා බැටරි දෙකයි නඩුකාරතුමාගෙ ගේ කඩපු බඩු ටික දෙනවද කියලා. මම ගත්තෙ නෑ කියලා කිව්වා. පස්සේ කකුල් දෙකට මාංචු දාලා ඔලුව පහළට වෙන්න අඹ ගහේ එල්ලුවා. ඊට පස්සේ පොලුවලින් මට ආයෙමත් පහර දුන්නා. ඒහි දී මට සිහිය නැති වුණා.

සිහිය ආවට පස්සේ මට තේ එකක් එහෙම ගෙනත් දුන්නා. මට සිහියනැතුව ගියාට පස්සේ මේ අය බය වුනා. මාව නැවත අරගෙන ඇහැව්වා හයිකෝට් දාන්න ද නැත්නම් කෑල්ලක්ට දාන්නද කියලා. පොලිසිය ගැහුව කියල කිව්වොත් හයිකෝට් දානවා කියලා කිව්වා. පස්සේ අපරාධ අංශයේ ස්ථානාධිපති මහත්තයා කිව්වා බැටරිය ගත්තු තැන කඩේ කට්ටිය ගැහුව කියන්න කියලා බලපෑම් කළා. පොලිසිය ගැහුව කියල කිව්වොත් මරල හංගනව කියලත් කිව්වා. නැත්තං බෝම්බයක් දානවා කිව්වා. මම ඒ බයට සද්ද නැතුව හිටියා.

ඊට පස්සෙ පොලිසිය විසින් කුඩු පැකට් එකක් දාල මාව උසාවි දැම්මා. බය නිසා මට ගහපු ඒක ගැන මම මුකුත් උසාවියේදී කිව්වේ නෑ. මට රුපියල් පන්දහසක් (5000 ) දඩ ගැහුවා. අපේ අම්මා තමයි මාව බේරගත්තේ මට වත්කමක් නැහැ. ඉන්නේ කුලී ගෙදරක. පොලිසිය සිදු කළ පහර දීම නිසා මගේ තට්ටම ප්‍රදේශය හොදටම තුවාල වෙලා. දැනෙන වේදනාව ඉවසන්න බෑ. ඒ නිසා මම කඹුරුපිටිය රජයේ රෝහලට ඇතුලත් වුනා. වෛද්‍යවරුන්ට මම ඇත්ත කිව්වා.

මට පොලීසියෙන් ගැහැව්වා කියලා කිව්වා. අධිකරණ වෛද්‍යවරයෙකතුත් ඇවිත් මාව පරීක්ෂා කළා. පොලිසියත් ඇවිත් මගෙන් කටඋත්තරයක් ගත්තා. ඒ නිලධාරියා කිව්වා පොලිසිය එක්ක නඩු කියන්න එපා ඔය සිද්ධිය ඔතනින් අමතක කරන්න කියලා. පොලිසියට බය නිසා මම කාටවත් මේ සිද්ධිය කිව්වේ නෑ. නමුත් දැනෙන වේදනාව මට ඉවසන්න බෑ, නොකියා ඉන්නත් බෑ. ඉතින් මට සාධාරණයක් ඉටු කරල දෙන්න.

කේ.ජී නිශාන්ත දින හතරක් කඹුරුපිටිය රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබා ගැනීමෙන් පසුව නැවත නිවස වෙත පැමිණ තිබේ. මෙම පහරදීම නිසා මාංශපේෂි තැලීයාම නිසා ඔහුගේ තට්ටම් ප්‍රදේශයේ විශාල තුවාල දෙකක් ඇති වී තිබීම නිසා තවමත් ඒ සදහා ඔහු ප්‍රථිකාර ලබයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….