රාජකාරි කටයුතුවලදී මුද්දර ගහන ක්‍රියාදාමය අහෝසි කළ යුතුයි

රාජකාරීමය කටයුතුවලදී මුද්දර ගැසීමේ ක්‍රියාදාමය අහෝසි කළ යුතු යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මහරගම ප්‍රගතිපුර පෙරේදා (21) පැවැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහන ආරම්භ කිරීමට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අද ආරම්භ කරන සහනාධාර වැඩසටහන තුළින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම විවිධ ගැටලුවලට ලක්වී සිටින අඩු ආදායම්ලාභීන්ට සහ විවිධ සෞඛ්‍ය ගැටලුවලට පත්ව සිටින සෑම පවුලකටම සහල් ප්‍රමාණයක් ලබාදීමට ආණ්ඩුව පියවර ගන්නවා. අඩු ආදායම් ලබන පවුල්වල ජනතාව සහ ඔවුන්ගේ දරුවන් ආහාරයෙන් එක වේලක් හෝ පෝෂණය කිරීම ආණ්ඩුවේ අරමුණයි.

අපි බොහොම අමාරු කාලයක් ගත කළා. සමහර ගෙවල්වලට භූමිතෙල් ටික හොයාගන්න හුඟක් දුර යන්න සිද්ධ වුණා. බොහොම අමාරුවෙන් ඒ දවස්, ඒ සති ගත කරලා රටම යළිත් ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන්න අපිට ආණ්ඩුවක් හැටියට පුළුවන්කම ලැබුණා. ඒ බරට මුලින්ම කර ගැහුවේ ගොවි ජනතාව. ඔබේ අපේ දෙමව්පියෝ. ගොවි ජනතාව එදා ඒ බරට කරගහපු නිසා අතිරික්ත අස්වැන්නක් ලංකාවට ලැබුණා. ආහාරයෙන් ස්වයංපෝෂිත වෙන්න අපිට පුළුවන්කම ලැබුණ බව තේරුම් ගත්ත පිට රටවල් ආයෙමත් අපිට ආධාර දෙන්න තීරණය කළා.

පළමුවෙන්ම අපේ රටේ වගා කරන සහල් අපේ රටේ අඩු ආදායම් ලබන ජනතාවට ලබා දෙන්න කියලා දිසාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා. එහෙම කරන්න බැරි අවස්ථාවක පමණයි විදේශ රටකින් ගෙනල්ලා වෙළෙඳ පොළේ තියෙන සහල් මිලදී ගන්න ඔවුන්ට හැකියාව ලැබෙන්නේ. කකුල් දෙකෙන් හිටගන්න පුළුවන් රටක් හැටියට, ආහාර අතින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් රටක් හැටියට. අපේ අරමුණ විය යුත්තේ අපේ රට වැසියන් සෑම දෙනාට, හැදෙන වැඩෙන පරම්පරාවට රටේ අනාගතය ඇතිකර දීමට පුළුවන් විශ්වාසවන්ත ආර්ථික ශක්තියක් ලබාදීමයි.

කාලයක් තිබුණා දේශපාලන ආධිකාරිය මේ පදිංචිකරුවන් ඉවත් කරන්න තීරණය කරපු. එදා පළාතේ මන්ත්‍රීවරයා හැටියට මටත් මැදිහත් වෙන්න සිද්ධ වුණා. අපි එදා පොලිසියට කියා සිටියා ඉවත් වෙන්න කියලා. ඒක ලේසියෙන් ඉවර වුණ දෙයක් නෙවෙයි. පැය ගණනාවක් වාද විවාද කළා. එතන හිටපු අයගෙන් ටික දෙනෙක් අද ඉතුරු වෙලා ඉන්නවා. රටේ නීතිය කොහොම වුණත් මහ පොළොවෙ නීතිය එහෙම තිබුණ නිසා අද වෙනකොට රජයේ ඉඩම්වල, නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩම්වල සහ නිවාස අධිකාරියේ ඉඩම්වල දීර්ඝ කාලයක් සිටින නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන අයට ඉඩම් අයිතිය ඔප්පුවකින් භාර දෙන්න තීරණය කරලා වැඩ ආරම්භ කරලා තියෙනවා.

සුළු මුදලක් කඩින් කඩ හරි ගෙවලා මේ ඔප්පු ලබා ගන්න කියලා මම ඔබතුමාලට කියනවා. මීට අවුරුදු විස්සකට කලින් තිබුණු වටිනාකම වගේ හාරසිය ගුණයකින් මේ ඉඩම්වල වටිනාකම වැඩිවෙලා තියෙනවා. මෙතන ඉන්න අම්මලා දන්නවා එදා අපි ලියුමක් තැපැල් කළේ කීයේ මුද්දරයක් ගහලද. අපි ඒ කාලේ තැපැල් කළේ සත දහයේ මුද්දරෙන්. අද කොච්චර වටිනාකම වැඩිවෙලාද කියලා බැලුවොත් අද ලියුමක් යවන්න රුපියල් දහයක විස්සක මුද්දරයක් ගහන්න ඕනේ. අත්සනක් ගහන්න ගියත් කීයේ මුද්දරයක්ද ගහන්න ඕනේ. මම හිතනවා මේ මුද්දර ගැහිල්ල අහෝසි කරන්න ඕන කාලය ඇවිල්ලා කියලා. හැම කෙනාටම හැඳුනුම්පතක් තිබෙනවා. මොකටද මුද්දර ගහන්නේ. මේ අඩුපාඩුකම් නිවැරදි කරගෙන ඉදිරියට යා යුතුයි. ඉඩම් ගිනි ගණන් යද්දී ඉඩම් අයිතිය ලැබුණු ඔබ එය ආරක්ෂා කර ගන්න අනාගත දරු දැරියන් වෙනුවෙන්. එය කෙසේ හෝ ආරක්ෂා කරගෙන දියුණු කරගෙන ස්ව උත්සාහයට එකතු කරලා අලුත් ආදායම් මාර්ග එකතු කළ හැකි රැකියා සඳහා දරු පරම්පරාව යොමු කරන්න.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජයසිරි, මහරගම ප්‍රාදේශීය ලේකම් දිල්රුක්ෂී වල්පොළ මහත්ම මහත්මීන්, හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් සහ මහජනතාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….