විදෙස් ප්‍රති­පත්ති සම්පා­ද­නයේදී ජනතා අව­ශ්‍යතා සැල­කි­ල්ලට ගත­යු­තුයි – කතා­නා­යක

පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­භා­වය රජය සහ පුර­වැ­සි­යන් අතර පාල­මක් ලෙස කට­යුතු කරන බවත් විදේශ ප්‍රති­පත්ති සම්පා­ද­නයේ දී ජන­තා­වගේ අව­ශ්‍යතා සහ අපේක්ෂා සැල­කි­ල්ලට ගත­යුතු බවත් කතා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ගැටුම් වැළැ­ක්වීමේ සහ විස­ඳීමේ මෙව­ල­මක් ලෙස මෑත කාලයේ දී පාර්ලි­මේන්තු රාජ්‍ය­තා­න්ත්‍රික භාවය ප්‍රමු­ඛ­ත්ව­යට පත්ව ඇති බව ද කථා­නා­ය­ක­ව­රයා ප්‍රකාශ කළේය.

ජිනී­වාහි පැවැති අන්තර් පාර්ලි­මේන්තු සංග­මයේ 148 වැනි සමු­ළු­වේදී කතා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා පසු­ගි­යදා මේ බව ප්‍රකාශ කළේය. ව්‍යව­ස්ථා­දා­යක මට්ට­මින් ජාතීන් අතර සංවා­ද­යට සහ අව­බෝ­ධ­යට පහ­සු­කම් සැල­සීම හරහා පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­යන් සහ­ජී­ව­න­යෙන් යුතු ලොවක් නිර්මා­ණය කිරී­මට දායක වන බව කථා­නා­ය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් පැව­සීය. එමෙන්ම පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­භා­වය රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ වැද­ගත් මෙහෙ­ව­රක් ඉටු කරන බවද කථා­නා­ය­ක­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. තව­මත් පුළුල් ලෙස අධ්‍ය­ය­නය කර නොමැති වුවද, මෑත කාලීන විදේශ කට­යුතු සහ ජාත්‍ය­න්තර සබ­ඳ­තා­ව­ලට අදාළ ගැට­ලු­ව­ලදී පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­භා­වයේ මැදි­හ­ත්වීම වර්ධ­නය වී ඇති බව ද අබේ­ව­ර්ධන මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ අත්දැ­කීම් පිළි­බ­ඳව අව­ධා­නය යොමු කළ කථා­නා­ය­ක­ව­රයා 1949 පෙබ­ර­වාරි 09 වැනි දින ශ්‍රී ලංකාව අන්තර් පාර්ලි­මේන්තු සංග­ම­යට එක් වූ බව පෙන්වා දුන්නේය. එතැන් පටන් ශ්‍රී ලංකාව අන්තර් පාර්ලි­මේන්තු සංග­මයේ සමුළු සඳහා ක්‍රියා­කා­රීව සහ­භාගී වූ අතර ශ්‍රී ලංකා­වට සම්ම­න්ත්‍රණ සහ වැඩ­මුළු කීප­යක් පැවැ­ත්වී­මට අව­ස්ථාව ලැබුණු බව සිහි­පත් කළේය. තවද, ජාත්‍ය­න්තර සබ­ඳතා පිළි­බඳ ආංශික අධී­ක්ෂණ කාරක සභා­වට සහ විදේශ කට­යුතු පිළි­බඳ අමා­ත්‍යාං­ශ­යීය උප­දේ­ශක කාරක සභා­වට විදේශ ප්‍රති­ප­ත්ති­වල සියලු අංශ විම­ර්ශ­නය කිරී­ම­ටත්, නීති සම්පා­දන කට­යුතු මෙන්ම විදේශ ප්‍රති­පත්ති ක්‍රියා­ත්මක කරන දෙපා­ර්ත­මේන්තු සහ ආය­ත­න­වල විය­දම් ඇස්ත­මේන්තු පරීක්ෂා කිරී­ම­ටත් පුළුල් බල­යක් දී ඇති බවද කථා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා පැව­සීය.

මෙහිදී පැවැති ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය සහ මානව හිමි­කම්, සාමය සහ ජාත්‍ය­න්තර ආර­ක්ෂාව, තිර­සාර සංව­ර්ධ­නය යන අංශ පිළි­බඳ ස්ථාවර කමිටු සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රි­යන්ගේ සංස­ද­යන් සඳහා පාර්ලි­මේන්තු මන්ත්‍රී­වරු සහ­භාගි වෙමින් සිය අත්දැ­කීම් හා දැනුම හුව­මාරු කර ගැනීම සිදු­විය. පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක් අබේ­සිංහ, සුමිත් උඩු­කු­ඹුර, මංජුලා දිසා­නා­යක සහ පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර මහත්ම මහ­ත්මී­න්ගෙන් මේ දූත පිරිස සම­න්විත විය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….