දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සකස් කරන ලද මෙම විශේෂ නියෝග ඇතුළත් ගැසට් නිවේදනය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් පසු ඉදිරි මාසය ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව දිනමිණ පුවත්පත පවසයි.
පහත දැක්වෙන්නේ මත්ස්‍ය වර්ග හතරයි:
- පිරානා (Piranha) – Pygocentrus spp (ඡායාරූපයේ උඩ වමේ)
- නයිෆ් ෆිෂ් (Knife fish) – Chitala spp (ඡායාරූපයේ උඩ දකුණේ)
- ඇලිගේටර් ගාර් (Alligator gar) – Atractosteus spatula (ඡායාරූපයේ පහළ වමේ)
- රෙඩ් ලයින් ස්නේක්හෙඩ් (Red line snake head) – Channa micropeltes (ඡායාරූපයේ පහළ දකුණේ)
නියෝග ක්‍රියාත්මක වූ පසු, ඉහත සඳහන් මත්ස්‍ය විශේෂ,
- ආනයනය කිරීම හෝ අපනයනය කිරීම
- සන්තකයේ තබා ගැනීම
- අභිජනනය කිරීම
- ප්‍රවාහනය කිරීම
- විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම
- ඕනෑම ජලාශයකට හෝ දිය පහරකට මුදා හැරීම තහනම්ය. නීතියෙන් දඬුවම් විඳීමට සිදු වේ.