හමුදා සාමජිකයින් 4289 යළි සේවයට

නීත්‍යානුකූල නොවන අයුරින් හමුදා සේවය හැර ගොස් සිටි හමුදා සාමජිකයින් 4289 කු ඊයේ දිනය වන විට යළි බාර වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කරන ලදි.

ඒ ජතික නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කළ පොදු සමාකාලයට අදාලවයි.  එම පොදු සමාකාලය ලබන 12 දා දක්වා ක්‍රියාත්මකයි.

හමුදා සේවය හැර ගොස් සිටින සියළු දෙනාට නැවැත සේවට එක්වීමට හෝ නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්වීම සඳහා අවස්ථාව උදා කර ගත හැකියි.

More Stories