හොරොව්පොතාන වගාබිම් අහිමිවුවන් කබලෙන් ලිපට

වාහල්කඩ ජලාශයට ජලය පිරවිමෙන් පසුව වගාබිම් අහිමිවුව හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගොවින්ට වන්දි මුදල් ලබාදිම කඩිනමින් ඉටුකර දෙන ලෙස කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අදාල අංශයන්ට පසුගියදා උපදෙස් ලබාදිම සිදුකලත් එම කටයුතු කඩිනම් කිරිමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයා කිසිදු උත්සාහයක් නොගන්නා බවට වන්දි අපේක්ෂාවෙන් වසර කිහිපයක් තිස්සේ බලා සිටින ගොවින් පිරිසක් චෝදනා කරති.

වන්දි ප්‍රධානය කිරිම් වලින් විශාල ප්‍රමාණයක් මේවනවිට සිදුවි අවසන්වුවත් තවත් ඉඩම් හිමියන් 30-40 දෙනෙකුට පමණ වන්දි ප්‍රධානය කිරිම ඇනහිට තිබෙන බව ඹවුන් පෙන්වා දුන්හ.හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පුහුදිවුල ඇලපත්තෑව මාවතවැව අලියාකඩවල වාහල්කඩ වැනි ප්‍රදේශ කිහිපයක අහිංසක දුප්පත් ගොවින් සිය වන්දිය ලබාදෙනතුරු වසර ගණනාවක් තිස්සේ බලා සිටියත් රාජ්‍ය නිලධාරින්ගේ අක්‍රමිකතාවයන් හේතුවෙන් එම කටයුතු අඩාලව ඇතිබව අනාවරණය විය.

මෙම කටයුතු භාරව සිටි හිටපු කහටගස්දිලිය ප්‍රාදේශිය මහ ලේකම් සුදර්ශන දිසානායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් වන්දි ප්‍රධානය සිදුකල යුත්තන්ගේ ලිපිගොනු සකස් කිරිම ඉතා කඩිනමින් සිදුකර ඇතත් තක්සේරු දෙපාර්තුමේන්තුව හා හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයා මන්දගාමිව කටයුතු සිදුකිරිම නිසා අවසන් වන්දි ප්‍රධානයන් ප්‍රමාදවි ඇති බවට ගොවින් චෝදනා කලහ.

මේ සම්බන්ධයෙන් අදහස් පලකල ඉඩම් අහිමිවු ගොවින් පිරිසක් මෙසේ පැවසුහ.අපි ත්‍රස්තවාදි ප්‍රහාර සමයේ සිට මේ ප්‍රදේශ අත්නොහැර හිටපු නිසා තමයි ත්‍රස්තයන්ට උතුරුමැද පළාතට දරුණු ප්‍රහාර එල්ලකරන්න බැරිවුණේ.වාහල්කඩ ජලාශයට ජලය පිරවිමෙන් පසුව සිය වගාබිම් අහිමිවු කොටසක් වන්දි ලබාගෙන අවසන්.

නමුත් තවත් 35-40 ප්‍රමාණයක් ඉන්නවා වන්දි නැතුව. හොරොව්පොතාන ප්‍රාදේශිය මහ ලේකම්වරයා හමුවෙලා දුක කියන්න ගියාට ඔහු මිනිස්සුන්ගේ දුක අහන නිලධාරියෙක් නෙමෙයි.ඔහු කටයුතු කරන්නේ ඔහුට අවශ්‍ය විදියට.වන්දි අනුමත මිනිස්සුන්ටත් වන්දි දෙන්නෑ කියලා කියලා තියනවා.

බදාදා දිනයේවත් ඔහුව මුනගැහෙන්න බෑ.එදාටත් ඔහු කාර්යාලයේ නිලධාරින් එක්ක සාකච්චා.එතකොට මහජන දිනය දවසේ මහජනයා ප්‍රාදේශිය ලේකම්වරයාව හමුවෙන්නේ කොහොමද?කාර්යාලය ඉදිරිපිට දිගු පොලිම්.ඔහු නිලධාරින් එක්ක සාකච්චා ඉවර වෙනකන් මිනිස්සු පැය තුන හතර පොලිමේ ඉන්න ඕන.කිසිම දෙයක අඩුපාඩුවක් වැරද්දක් හදලා දෙන්නැති නිලධාරි පිරිසකුත් ඉන්නවා ඔය ආයතනයේ.ඒ නිසා තමයි මේ වන්දි කටයුතු ඇනහිටලා තියෙන්නේ.

පසුගියදා කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මැතිතුමා වාහල්කඩ නිරික්ෂනයට ආපු වෙලාවෙත් කිවුවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටළු තියන දේවල් කඩිනමින් නිරාකරනය කරලා මිනිස්සුන්ට සහන සලසන්න කියලා.නමුත් වගේ වගක්නෑ ආයතනවල නිලධාරින්ට යනුවෙන් ගොවින් පැවසුහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්.වන්නිනායක මහතාගෙන් දුරකථනයෙන් සිදුකල විමසීමකදි ඒ මහතා මෙසේ පැවසිය.විශාල පිරිසකට වන්දි ප්‍රධානය කරලා තවත් සුළු පිරිසකට තමයි වන්දි දෙන්න තියෙන්නේ.ඒ ලිපිගොනු යම් ප්‍රමාණයක් තක්සේරු දෙපාර් තුමේන්තුවට යොමුකරලා තියෙන්නේ.හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්වරයාගේ අඩුපාඩුවක් තියනව නම් මුන ගැහෙන්න බැරිනම් මගේ දුරකථන අංකයට කථා කරලා ගැටළු ඉදිරිපත් කරන්න කියන්න.මම ඒ පිළිබදව හොයා බලන්නම් යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….