පොහොර අර්බුදයේ ප්‍රතිවිපාකය ඉතාම භයානක වෙයි

හදිසියේ පොහොර අර්බුදයක් ඇති කිරීම නිසා රටට ඇති වන ප්‍රතිවිපාකය ඉතාම භයානක බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

ලෝක කෘෂි කර්මාන්තය සහ දේශීය කෘෂි කර්මාන්තය සමග එකට වැඩ කළ යුතුව ඇති බවත් ලෝකයේ විවිධ රටවල පොහොර නිෂ්පාදනය, ආනයනය සහ පොහොර භාවිතය නිසා ලෝකයට ඇතිවන පාරිසරික බලපෑම් පිලිබඳ වැදගත් ප්‍රතිපත්තිමය අවබෝධයක් ලබා ගැනීම වැදගත් බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා කියා සිටින්නේ.

එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි කර්ම සංවිධානය විසින් 2012 දී නිකුත් කරන ලද වාර්තාවකට අනුව පසුගිය දශක කිහිපය තුළ කෘෂිකාර්මික නිෂ්පාදනය වැඩි කිරීම සඳහා 68% ක දායකත්වයක් ලබාදී ඇත්තේ රසායනික පොහොර බවයි. ඉතිරි 32 % භෝග වල ජාන විද්‍යාව වැඩි දියුණු කිරීම නිසා සිදුවී ඇත.

එප්පාවෙල ඛනිජ නිධියට ශ්‍රී ලංකාවේ සියලුම රසායනික පොහොර පොස්ෆරස් පදාර්ථ අවශයතාවය පමණක් නොව රටේ අපනයන ආදායමද විශාල ප්‍රමානයක් වැඩි කිරීමේ හැකියාව ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන,

‘ වැඩි වන ජනගහනයත් සමග,1950 දශකයට පෙර සහ දැන් අතරකාලය තුළපොළොවේ තිබුණු සාරවත්භාවය ශ්‍රී ලංකාවෙත් ලෝකයෙත් සම්පූර්ණයෙන්ම වෙනස් වී තිබෙනවා. අපේ ආර්ථිකයේ තිබෙන තත්ත්වය ඒ නිසා ආරක්ෂා කර ගැනීම වැදගත්. ගොවි ජනතාව සම්පූර්ණයෙන්ම අසීරු තැනකට පත්වෙනවා පොහොර සම්පූර්ණයෙන් නැවැත්වීම තුළ. කාලයක් තිස්සේ අපේ පස පුරුදු වෙලා තිබෙන ක්‍රමය වෙනස් කරන්න ඕන ක්‍රමානුකූලවයි.

හොඳ වර්ගයේ පොහොර ගෙන්වීම සඳහා අවධානය නොකරන්නේ රජයට පොහොර ගෙන්වන්න ඩොලර් සංචිතයක් නැති නිසා කියලයි අපි සැක කරනවා.

උදාහරණයක් හැටියට තේ පොහොර පිළිබඳ අවධානය යොමුකළහොත් ඉතාමත්ම භයානත තැනකට තල්ලු වීමට ඉඩ තිබෙනවා. රජයේ හදීසියේ අලුත් ක්‍රමවේදයක් හඳුන්වාදීමෙන් කොම්පෝස්ට් පොහොර එළවළු වලට සාර්ථක වෙන්න පුලුවන්. තේ වලට නම් 1% ක් විතර තමයි. දැනටමත් ඉතාමත් සුළුවෙන් තමයි කොම්පෝස්ට් පොහොර භාවිතා කරන්නේ. තේ වගාවේ බොහෝ ප්‍රමාණයක් රසායනික පොහොර භාවිතයෙන් තමයි එදා 1950 දශකයෙන් පසුව ඉඳලම භාවිතා කරලා තිබෙන්නේ.

රසායනික පොහොර වලට හුරු වෙලයි දැන් මේ තේ ගස් තිබෙන්නේ. තේ පැලේට මුලින්ම දාන්න ඕන ටී65 පොහොර, ඊළඟට දාන්නේ පැලේ ඉන්ඳලා ටී200 පොහොර, ආපහු අවුරුදු දෙකකින් ටී750 පොහොර දාන්න ඕන. ඊළඟට දලු කඩන තත්ත්වයට ආවම අනිත් පොහොර වර්ග දමන්න පටන් ගන්නවා. එහෙම තමයි තේ වලට රසායනික පොහොර භාවිතා කිරීමේ ක්‍රමවේදය දැනට සිදුවන්නේ. සාමාන්‍යයෙන් තේ පැලයක ආයුෂ අවුරුදු 20ක් තමයි ගණන් බලලා තියෙන්නේ. කෙසේවෙතත්අවුරුදු 03 ඉඳලා අවුරුදු 30 වෙනකල් පලදාව ලබාගන්න පුළුවන්කම තිබෙනවා.

එළවළු වලට මේ කොම්පෝස්ට් පොහොර භාවිතා කරන එකෙයි තේ වලට භාවිතා කරන එකෙයි විශාල වෙනසක් තිබෙනවා. අනිකුත් භොග අතරෙත් විශාල වෙනස්කම් තිබෙනවා. සියළු ගොවිමහතුන්ට මේ පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. නමුත් අවුරුදු ගණනක් සැලසුම් කරලා, කොම්පෝස්ට් පොහොර මධ්‍යස්ථාන හදලා, පරීක්ෂණ පවත්වල ඒ ආකාරයට කළොත් සමහර වෙලාවට ඉදිරියට යන්න පුළුවන්ද කියන එක ඒත් ප්‍රශ්නයක් තියෙනවා. ලෝකය සමග තරඟ කරන්න පුළුවන්ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ තේ කර්මාන්තයට විශාල ලෙස මේ තීන්දුව බලපානවා. ඒ බලපෑම සෘජුව බැලුවොත් ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයෙන් ජිවත් වන ලක්ෂ 20 ක් පමණ මෙයින් ජීවත් වෙනවා. වක්‍රාකාරව බැලුවොත් ලක්ෂ 40 කටපමණමේ තීන්දුව බලපානවා. ඒ කියන්නේ ප්‍රවාහනකරුවන්, හාඩ්වෙයාර්, තේ කඩවල්, බැංකු කරුවන්, පොහොර සමාගම් ඇතුළුව තවත් බොහෝ ව්‍යවසායකයන් මේ තුළ සිටිනවා.

ඉතින් අප හිතනවා මේ කර්මාන්තයේ අපේ මාර්කට් එක තිබෙන්නේ බ්ලැක් ටී (Black Tea) තේ වලට තමයි විශේෂයෙන් බලපාන්නේ. රුසියාව සහ මැද පෙර දිග රටවල් තමයි මිළදී ගන්නේ. එතකොට අපේ කිලෝග්‍රෑම්මිලියන 300ක් විතර තේ නිෂ්පාදනය ගන්නවා.

මේ රසායනික පොහොර අපිට නවත්වන්න සිදු වුව හොත් මේකිලෝග්‍රෑම් මිලියන 300ක් පමණ වෙන තේ නිෂ්පානයෙන් කිලෝග්‍රෑම් මිලියන 150 කට විතර අඩු වුනාම 50% පමණ තේ කර්මාන්තයේ කඩා වැටීමක් සිදු වෙන්න පුළුවන්. එතකොට නිෂ්පාදනය අඩු වෙනවා. තව දෙයක් තමයි හොඳ තත්ත්වයට තිබෙන Black Tea එක නෙමෙයි මේ රසායනික පොහොර දැම්මෙ නැති උනාම ලැබෙන්නේ. එතකොට ලැබෙන්නේ කහ හෝ දුඹුරු වගේ වර්ණයක්. එතකොට අපේ තේ වල තත්ත්වයටත් බලපානවා. උදාහරණයක් අපි දැන් පහත රට තේ කිලෝවකට රුපියල් 700 ක විතර සාමාන්‍ය වෙළඳපොළක්තියෙනවා. ඕක වැටෙනවා රුපියල් 350 කට 400 කට විතර, එහෙම වුනාම විශාල වශයෙන් විදේශ විනිමය අහිමි වෙනවා.

එතකොට අපට ඇත්තටම මේ තේ නිෂ්පාදනය අඩු වීම වගේම මේ තත්ත්වය පහළට ඒමෙන් රටට විදේශ විනිමයක් අහිමි වෙනවා. මොකද අපෙන් තේ ගන්න හුරු වෙලා ඉන්න රටවල් තත්ත්වය බාල නිසා වෙන වෙන තේ සපයන රටවල් සමග සම්බන්ධ වෙනවා. ඊළඟට මේ තේ කර්මාන්තය පවත්වාගෙන යන්න බැරි තැනට පත්වෙනවා. දලු කඩන ප්‍රමාණයත් අඩු වෙයි. එතකොට මිනිස්සුන්ට පඩි ගෙවන්නත් බැරි වෙනවා. එහෙම වුනාම මේ තේ කර්මාන්තය නැත්තටම නැතිවෙන්න පුළුවන්. තේ කර්මාන්තය නැවත ගොඩගන්න බැරිවන තැනටම පත්වෙයි.

ඉතින් මේ කොම්පෝස්ට් පොහොර භාවිත ලෝකයේ තිබෙන ආහාර ද්‍රව්‍ය, තේ සහ අනෙකුත් නිෂ්පාදන සමග ගලපාගන්න සිද්ධ වෙනවා ශ්‍රී ලංකාවේ බලධාරින්ට කොම්පෝස්ට් පොහොර නම් තේ වලට අනුමත කරන්න ගොඩක් අමාරු වෙයි. ඒවායේ විශාලවශයෙන්අපද්‍රව්‍ය තිබෙනවා. ඒවා එළවළු වගාවට ගත්තට, තේ වගාවට භාවිතා කරන්නේ කෙසේද කියා ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ නිසා පරීක්ෂණ පවත්වලා තේ වගාවට හානි නොවන බව තහවුරු කිරීමෙන් පසුව තමයි මේ ක්‍රියාවලිය සිදුකළ යුතුව තිබෙන්නේ. අවුරුදු 150 ක් තිස්සේ එන මේ තේ වගාවේ එදා ඉඳලම රසායනික පොහොර තමයි දාලා තිබෙන්නේ. ඒකට තමයි තේ ගස් හුරුවෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පිළිබද වගකීමෙන් තොරව සිදු කරන මේ ප්‍රකාශ නිසා ශ්‍රී ලංකාවේ සෑම වගාවක්ම කඩා වැටෙන්නට තිබෙනවා. මේ තේ ගැන ඉදිරිපත් කළේ උදාහරණයක් පමණයි.

රබර්, පොල්, කුරුඳු, වී සහ මේ රටේ අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය කරන පොහොර වර්ග එකවර නවතා දැමීමෙන් මුළු රටම කඩාගෙන වැටෙන තැනට ගනිපු තීන්දුවක් තමයි ක්‍රියාමත්මක කරලා තිබෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ පුරවැසියන් මෙවන් ක්‍රියාවන් පිළිබඳ දැනුවත් විය යුතුයි කියා අප විශ්වාස කරනවා.’ එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කර සිටිනවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….