agboo

සිය බල පරාක්‍රමය පෙන්වමින් කණ්ඩායමේ නායකත්වය ලබා ගැනීම සදහා අග්බෝ නමින් හදුන්වන දළ ඇතා සමග දැවන්ත වන අලියෙකු ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ මානන්කට්ටිය වැව් ඉස්මත්තේ කැලෑබද ප්‍රදේශයක ද්වන්ධ සටනක් ආරම්භ කර තිබේ.

මීට දින තුනකට හෝ හතරකට ඉහතදි අග්බෝ දළ ඇතා සමග තවත් වන අලියෙකු දැවැන්ත සටන ආරම්කර තිබෙනා අතර කැලෑබද වැව් ඉස්මත්තේ ඇති ගස් පෙරලමින් දෙදෙනාම මේවනවිට සටන් වදිමින් සිටි.

අග්බෝ නැමති දළ සහිත ඇතා සමග දළ නොමැති වන අලියෙකු සටන් වදිනා අතර අග්බෝ දළ ඇතාගේ ප්‍රහාර හමුවේ පසුනොබසිමින් වන අලියාත් තවදුරටත් සටන් වදිමින් සිටි.

දෙදෙනාම දුවිලි අවුස්සමින් දිවවිත් එකිනෙකා ගැටී තල්ලු කරමින් පාපහර හොඩවැල් වලින් පහරදි ගන්මින් සටනේ නිරතවන අයුරු ගම්මුන් දැක තිබේ.ගස් වැල් තිබු කැලෑබද ප්‍රදේශය මේ වනවිට විශාල ගහකොළ කඩාවැටි එලිපෙහෙලිවි තිබෙනා අයුරු දැකගත හැකිවිය.

දින කිහිපයම තිස්සේ දහවල් සිට සවස් වනතුරුම දෙදෙනා සටන් වදිනා බව අලි ඇත් පොරය දුටු ගම්වැසියක් පිරිසක් අනාවරණය කළහ.දෙදෙනාම කැලෑවේ ගස් පෙරලාගෙන මුහුණට මුහුණ පැමිණ එක්වරම ගැටි පොර අල්ලනා බව ඔවුන් කීහ.

දළ නොමැතිවුවත් වන අලියා අග්බෝ දළ ඇතා සමග සටන් වදිනා බවත් වන අලියාට අග්බෝ ඇතාගේ දළ පහරවැදිමෙන් තුවාල සිදුව ඇති බවට සැකකළ හැකි බව ඔවුන් පවසති.

එක් අලියෙකු ජීවිතක්ෂයට පත්වන තුරුම වන අලින්ගේ ද්වන්ධ සටන් කැලෑව තුළ සිදුවන අතර 2014 වසරේ එප්පාවල කිරලෝගම කදුරුගස්වැව පුරාණ වෙල්යායේ මේ ආකාරයට දළ ඇතුන් දෙදෙනෙකු අතර ද්වන්ධ සටනක් පැවති අතර ඉන් එක් දළ ඇතෙකු සිරුරේ දළ පහරවල් හතලිහකට අධික ප්‍රමාණයකින් සිදුවු දරුණු තුවාල හමුවේ මරණයට පත්විය.

දළ ඇතුන් දෙදෙනා සටන් වැදි වෙල්යාය දුටුගැමුණු මහරජතුමන් ඇතුළු ද්‍රවිඩ සටන්කරුවන් පිරිසක් සටන් වැදි ප්‍රදේශයක් බවට ජනප්‍රවාදයේ සදහන්වේ. කැබිතිගොල්ලෑව කැලෑ බද ප්‍රදේශයකත් දළ ඇතුන් දෙදෙනෙකු 2013 වසර සමයේ ද්වන්ධ සටනක නිරතවු අතර ඉන් එක් දැවන්තයෙකුට මරණිය තුවල සිදුවෙමින් සටන අවසන්වි තිබුණි.

ඊට අමතරව ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයෙන් 2015 වසරේදි දැවැන්ත ඇතුන් දෙදෙනෙකුගේ ද්වන්ධ සටනක් වාර්ථාවු අතර ඉන් එක් ඇතෙකු ජීවිතක්ෂයට පත්වි තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts